මහාචාර්ය රාජ් සෝමදේවයන්

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    මහාචාර්ය රාජ් සෝමදේවයන්

    43326510_860909250916475_232964897355333632_n.jpg


    ඉතිහාසයේ ලියැවී ඇති පරිදි සිංහලයන් පැවත එන්නේ විජය නම් ඉන්දියානු ආක්‍රමණිකයාගෙනි. කෙසේ වෙතත් සිංහලයන්ගේ සැබෑ ඉතිහාසයට අනුව සිංහලයන් යනු වසර 2500කටත් වඩා පෞඩ ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාවේම ශිෂ්ඨාචාරගත වූ දියුණු ජාතියක් බවට සාධක සහිතවම පසුගිය දිනවල වියත් මහාචාර්යවරයෙක් ඔප්පු කරමින් සිටියේය.

    ඔහු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව සහ ඉතිහාසය උගතුන් අතර ඉහළින්ම සිටිනා මහාචාර්ය රාජ් සෝමදේවයි. හෝමො සේපියන්ස් මානවයා ශ්‍රී ලංකාවේ ජීවත් වූයේ වසර 150,000කටත් පෙර බවත්, විජය රජු පැමිණියා යැයි කියන වසර 2500කටත් පෙර සිට ශ්‍රී ලංකාව හැදින්වූයේ 'සිංහලද්වීපය' යනුවෙන් බවට එතුමන් හෙළිකර සිටියා. මේ අනුව සිංහලයන් පැවත එන්නේ විජය රජු නම් ඉන්දීය ජාතිකයාගෙන් නොවන බවට ඔහු සාක්ෂි සහිතව තහවුරු කළා. තවද ශ්‍රී ලංකාව සිංහලයන් වසර දහස් ගණනක සිට ජීවත් වූ නිජබිම බවටත් එතුමන් හෙළිකර සිටියා.

    මේ අතර උතුරු පළාත් මහ ඇමතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ උතුරු පළාත අතීතයේ සිටම දෙමළ නිජබිමක් බවයි. මෙම ප්‍රකාශය දැඩිව හෙළා දුටු මහාචාර්ය රාජ් සෝමදේවයන් ප්‍රකාශ කළේ දෙමළ ජනතාවට ශ්‍රි ලංකාවට ප්‍රථමයෙන්ම සංක්‍රමණය වූයේ වෙළදාමට බවට ඓතිහාසික සාක්ෂි පවතින බවටයි.

    මහාචාර්ය රාජ් සෝමදේවයන් විසින් සිංහලයන්ගේ සත්‍ය ඉතිහාසය මෙලෙසින් හෙළිකිරීම ලොව පුරා කතාබහට ලක්වූවා. මහාචාර්යවරයාගේ පුරාවිද්‍යා ගවේෂණ ෆෙඩරල්වාදී බෙදුම්වාදීන්ට තර්ජනයක් බවට පත්වූයේ එම නිසා බවටත් සමාජයේ කතාබහක් ඇතිව තිබේ.

    මෙවැනි තත්වයක් මත මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ පුරාවිද්‍යා ගවේෂණ සහ ඓතිහාසික හෙළිදරවු නතර කර දැමීම සදහා මෙලෙසින් එතුමන්ගේ කැණීම් බලපත්‍රය අහෝසී කර ඇති බවට සමාජජාලා මාධ්‍යයන්හී චෝදනා එල්ල වී තිබේ. මේ පිළිබදව නෙත් ගොසිප් අප මහාචාර්ය රාජ් සෝමදේවයන්ගෙන් විමසු අතර ඔහු ප්‍රකාශ කළේ තමන්ගේ කැණීම් බලපත්‍රය මෙලෙසින් අහෝසී කිරීමට සාධාරණ හේතුවක් නොමැති බවත් මෙහි පාඩුව ඇත්තේ සත්‍ය ඉතිහාසය දැන ගත යුතු ජනතාව බවටයි.

    (උපුටා ගැනීම නෙත් ගොසිප්)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉන්දියන් වහල්ලු නේ රට පාලනය කරන්නේ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වෘත්තීය ඉරිසියාව සහ කුහකත්වය කියන එක ලංකාවෙ ඉන්න සමහර වෘත්තිකයන්ගෙ තියනවා. ඕක ඇතිවෙන්නෙ හීනමානෙත් එක්ක. හැම රෙද්දම දේෂපාලනීකරණය වීම නිසා දේසපාලුවන්ට ගොට්ට අල්ලලා මෙලෝ අලබෝලයක් දන්නෙ නැති මෝල් වහන්සේලට යම් යම් රාජ්‍ය ආයතන වල මුල් පුටු වලට යන්න පුලුවන්. හැබැයි එතන්ට ගියාම ඌ දකිනවා එතන ඉන්න වැඩකාරයො ටික. එහෙම උනාම ඌ දන්නවා තමන්ට අලබෝලයක් වත් බෑ කියලා. ඉතින් අන්න පේ‍රෙෆෂනල් ජෙලසි එක ඇතිවෙනවා. ඉතින් වැඩ්ඩන්ට පුදුම ඇණයක් වෙනවා.
    වැඩ්වෙඩා අතෑරලා දාල යනවා.

    හොඳම උදාහරනයක් තමා ඩොක්ට සුනිල් පෙරේරා. ස්නායූ සම්බන්ධයෙන් ලෝකෙ පිළිගත්ත අංක එකේ වෛද්‍යවරයෙක්. ජාතික රෝහලේ ඒ කාලෙ ඇඩ්මින් හිටපු ජෙනරල් ඩොකාට ආපු ප්‍රොෙෆෂනල් ජෙලසි එකේ ප්‍රථිපලය විදිහට සුනිල් පෙරේරා වෙද්‍යෙතුමා රජයේ සේවය හැර ගියා. එතුමා දැන් පුද්ගලික රෝහල් වල පමණයි බෙහෙත් දෙන්නේ. කාටද පාඩුව... අහිංසක රෝගීන්ට. ජර්මනියෙ ඉඳල පවා එතුමගෙන් ශෙල්‍යකර්ම කරන්න රෝගීන් එනවා. කොහෙවත් නැතං ගංකබරයො ලොකු පුටු වලට පත්උනාම හෙනේ තමා වෙන්නේ.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0


    හොඳම උදාහරනයක් තමා ඩොක්ට සුනිල් පෙරේරා. ස්නායූ සම්බන්ධයෙන් ලෝකෙ පිළිගත්ත අංක එකේ වෛද්‍යවරයෙක්.

    උබ කියන අනික් එව්වා නං දන්නේ නෑ. හැබයි ඩොක්ටර් සුනිල් පෙරේරා කියන්නේ මාර හොද ග්‍රේට් මනුස්සයෙක්. මම අදුරන කෙනෙක්ගේ සර්ජරි එකක් කළා ඔලුවේ. සුනිල් පෙරේරා සර් කලේ. ලොකුම සර්ජරි එකක්.

    හොස්පිටල් චාර්ජස් විතරක් ලක්ෂ 10 කට වඩා ආවා. හැබයි සුනිල් පෙරේරා සර් එක රුපිලක් ගත්තේ නෑ එයාගේ ගාන.

    ලෝකේ ඉන්න මාරම දක්ෂ වෛද්‍යවරයෙක්. ඒ වගේම ගුණයහපත් කෙනෙක්.