මහාචාර්ය වෙන්න යන කැලණි ආචාර්යවරයාගේ නිබන්ධනයේ සැබෑ තත්ත්වය හෙළිවෙලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මෙම මස 14 වැනිදා මහාචාර්ය උසස්වීමට නිර්දේශව සිටින කැලණිය විශ්වවිද්‍යාලයීය භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්යවරයෙක් සිය ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත්තේ ඊට අදාළ නිබන්ධනයට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා නොතිබිය දී බව මේ වන විට අනාවරණය වී තිබේ. ඔහුගේ නිබන්ධනය සඳහා පළමු පරීක්ෂකවරයාගෙන් ලැබී ඇත්තේ සියයට 54ක ප්‍රතිශතයකි. දෙවැන්නාගෙන් සියයට 33ක් ලැබී තිබේ. පරීක්ෂකවරුන් දෙදෙනා අතර ලකුණු පරතරය වැඩි හෙයින් තෙවැනි පරීක්ෂකවරයකුට නිබන්ධනය යොමු කර ඇත. එහිදී ලැබී ඇති ලකුණු ප්‍රතිශතය සියයට 45කි. පරීක්ෂකවරුන් තිදෙනාගේ ම මෙම ලකුණු වල සාමාන්‍යය සියයට 44කි.

    ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා නිබන්ධනයට සියයට පනහ ඉක්මවූ ප්‍රතිශතයක් අවශ්‍ය වෙයි.

    කෙසේ හෝ විශ්වවිද්‍යාලයීය පශ්චාත් උපාධි පීඨයෙන් ඔහු ආචාර්ය උපාධි සහතිකය ලබා ගෙන ඇත්තේ එම නියමිත ලකුණු ප්‍රමාණය ලබා නොතිබිය දී ය. 2014 වසරේ දී පමණ මෙම සහතිකය ලබා ඇති අතර එවකට උපකුලපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර ය. මෙම ව්‍යාජ සහතිකය ඉදිරිපත් කරමින් මෙම ආචාර්යවරයා විශ්වවිද්‍යාලයේ සියලු වරප්‍රසාද ලබා ඇත. මේ බව අනාවරණය වී ඇත්තේ එහි සිටි අංශ ප්‍රධානියා සහ මෙම ආචාර්යවරයා අතර ඇති වූ ගැටලුකාරි තත්ත්වයක් හේතුවෙනි. එම ගැටලුකාරි තත්ත්වය මත අංශ ප්‍රධානියා ආචාර්යවරයාගේ ලකුණු අභියෝගයට ලක් කර ඇත. ඒ අනුව වත්මන් උපකුලපතිනී මහාචාර්ය නිලන්ති ද සිල්වා ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කර තිබේ. ආචාර්යවරයාගේ කූඨ ක්‍රියාකලාපය අනාවරණය කරගෙන ඇත්තේ එම කමිටුවෙනි.

    මෙම ආචාර්යවරයා හුවමාරු වැඩසටහනක් යටතේ ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක මාස තුනක පමණ කාලයක් ගත කර පැමිණ තිබෙන අතර ඔහුගේ වෙබ් පිටුවේ පළ කර ඇත්තේ ආචාර්ය උපාධිය ලබා ඇත්තේ එම විශ්වවිද්‍යාලයෙන් බවය.

    මේ අතර භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ අධ්‍යයන කටයුතු කරන මොහු පසුගිය මස අවසානයේ දී දරුවන්ගේ මනස සම්බන්ධව ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එක් වී ඇති අතර එහි අරමුණ වී ඇත්තේ මහාචාර්ය උසස් වීම සඳහා අවශ්‍ය ලකුණු තුනක් ලබා ගැනීම බව මේ වන විට හෙළි වී ඇත. තමන්ට අදාළ නොමැති විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මෙම ආචාර්යවරයා එම වැඩසටහනට කැඳවීම සම්බන්ධයෙන් එහි නිෂ්පාදිකාවට අදාළව ද පරීක්ෂණයක් පැවැත්වෙයි.

    මෙම ආචාර්යවරයා සහ වැඩසටහනේ නිෂ්පාදිකාව එකම වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු කර තිබෙන බව පැවසේ.

    විසි වසරක පමණ කාලයක් තිස්සේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවය කරන මොහුගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව ලබන සතියේ දී උපකුලපතිනියට භාර දීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් උපකුලපතිනිය ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සෙසු ආචාර්යවරු අවධානයෙන් පසු වෙති.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819

    මෙහෙ ආචාර්‍ය මහාචාර්‍ය පුටුවලත් ඉන්නෙ පට්ට හොරු.

    කවුද එකෙක් මට කියලා තිබ්බා මෙහෙ රජයේ කැම්පස් වල ගොට්ට ඇල්ලිලි හොර වැඩ නෑ කියලා. :lol: :lol: :lol:

    මොරටුවේ කුරේගේ පොතේ කේස් එක දන්න උන් ඉන්නවාද?
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මට නම් පේන්නේ මෙතන යන්නේ වෙන ප්‍රශ්නයක්. මොකද මෙයා නිබන්ධනයට ලකුණු අඩුවෙන් ගත්තා නම් ඒක ඒ වෙලාවේ සමත් කියලා නොදී ඉන්න තිබ්බානේ. මොකද මෙයාම මෙයාටම සමත් කියා ගත්තා වෙන්න බෑනේ. දැන් මහාචාර්ය වෙන්න යද්දි කවුරු හරි ලෙඩේ අදින්න ඇති.
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,421
    4,048
    113
    මට නම් පේන්නේ මෙතන යන්නේ වෙන ප්‍රශ්නයක්. මොකද මෙයා නිබන්ධනයට ලකුණු අඩුවෙන් ගත්තා නම් ඒක ඒ වෙලාවේ සමත් කියලා නොදී ඉන්න තිබ්බානේ. මොකද මෙයාම මෙයාටම සමත් කියා ගත්තා වෙන්න බෑනේ. දැන් මහාචාර්ය වෙන්න යද්දි කවුරු හරි ලෙඩේ අදින්න ඇති.
    Ehema ekak thama. Jealousy
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මට නම් පේන්නේ මෙතන යන්නේ වෙන ප්‍රශ්නයක්. මොකද මෙයා නිබන්ධනයට ලකුණු අඩුවෙන් ගත්තා නම් ඒක ඒ වෙලාවේ සමත් කියලා නොදී ඉන්න තිබ්බානේ. මොකද මෙයාම මෙයාටම සමත් කියා ගත්තා වෙන්න බෑනේ. දැන් මහාචාර්ය වෙන්න යද්දි කවුරු හරි ලෙඩේ අදින්න ඇති.

    ඒ වෙලාවේ දැන ඇදුනුම් කම මත ශේප්මන්ට් එකක් දාලා දෙන්න ඇති...කවුද ඕවා හොයන්නේ...

    මූට දැන් මහාචාර්ය පට්ටම සෙට් වෙනකොට ගුපියෝ ටික සට ගාලා කලබල වෙලා ඔක්කොම හාරවුස්සලා ගන්න ඇති ගේමක් දෙන්න..

    පොරට තව ලකුණු ටිකයිනේ මදි වෙලා තියෙන්නේ...ඒකත් අරන්ම සීන් එකට බැස්සා නම් ඉවරයි..44ක් ගත්තු එකෙක් මොනවා උනත්... නිකන්ම අහසින් පාත් වෙලත් නෑ පොර..
     
    • Like
    Reactions: zid2021

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    ඒ අතින් නිමල් සේනානායක වගේ මහාචාර්යවරුන් කියලා වැඩක් නෑ ;)
    කෙල්ලොන්‍ටත් තාත්තා කෙනෙක් වගේ සලකන්නේ
    nimal-senanayake-54512aa1-0f9d-48b2-9871-1e69f0f6e86-resize-750.jpeg