මහානාම නුඹ විශිෂ්ටයෙක්
මේ වෙලාවේ ලියන් නෝ සියල් ලෝම පාහේ මොහොමඞ් අලි ගැන ලියති. ලියන බිම් ඉඩක කෙටි හෝ සටහනක් නොතැබුව හොත් අවැඩක් යැයි ඔවුහු සිතති. ඒ නිසාවෙන්ම රොෂාන් මහානාම ගැන ලියුම අලිගේ විශිෂ්ටත්වය උදුරා ගත්තා බඳුය.
විශිෂ්ටතමයා යන්න අලිට හෝ එකකුට අයිති යෙදුමක් නොවේ. විශිෂ්ටයෝ කාලයෙන් කාලයට බිහිවෙති. එහි අවසනක් නැත. ඇමරිකාව නොවන්නට අලි විශිෂ්ටයකු නොවනු ඇතිය. අලි හිරේ දමන ඇමරිකානු රජයම අලි විශිෂ්ටයකුද කරන්නේය. අලි ගැන ඇතිය. මැතදී අපටත් විශිෂ්ටයෙක් හමුවිය. ඒ මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අපූරු ක‍්‍රීඩකයකු වූ රොෂාන් මහානාමය. ඔහු එකල ක‍්‍රිකට් පිලේ සොඳුරු ආදරවන්තයාය. ඔහුට තරුණියෝ උමතු වූහ. වැඩි කලබලකාරයකු නොවන රොෂාන්ගේ පිතිහරඹය මෙන්ම ජීවිතයද දෙකක් නොව එකකි.
ක‍්‍රිකට් බූදලය කොටගෙන එයින්ම තවමත් දිවිගෙවනවුන්ට මහානාම ආදර්ශයකි. ඔවුන්ට වඩා මහානාම විශිෂ්ටයෙකි. වැඩ යනු කයිවාරු නොවේ. මහානාම ප‍්‍රාථමික පාසලක් ඉදිකරන්නේය. වැඩක් කරන බවට ඉපදෙන සිතුවිල්ලේ සිට වැඩට වඩා දහස් ගුණයක් ප‍්‍රසිද්ධිය ලබාගන්නාවුන් සිටින යුගයක මහානාම ප‍්‍රාථමික පාසලක් ඉදිකළ බව දන්නේ එය විවෘත කරන විටය. විවෘත කිරීමෙන් පසුද ඔහු කයිවාරු නොගැසීය. කළ යුත්තේ කුමක්ද යන්න නිවැරදිව හඳුනාගෙන ඊට උපරිම දායකත්වය සැපයීම අතින් මහානාම මෑත කාලීන උපහැරණයකි.
වව්නියාව, වෙහෙරතැන්න ගම්මානයේ ඉදිකළ මෙම ප‍්‍රාථමික විද්‍යාලය විවෘත කිරීම නොබෝදා මහානාම අතින්ම සිදුවිය. පාසලට රොෂාන් මහානාමගේ නම වැටී තිබුණි. එය විය යුත්තකි.
වව්නියාවේ නැවත පදිංචි ගම්මානයක් වන වෙහෙරතැන්න ගම්මානයේ දරුදැරියන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ප‍්‍රාථමික පාසල් ගොඩනැගිල්ලක් අවශ්‍ය බව වන්නි සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා දැනුම් දෙනුයේ මහානාමගේ උදව් කිරීමේ අරමුණ මනාව වටහාගෙන විය යුතුය. මහානාමගේ පරිත්‍යාගයට කැපවීමට උපරිම කැප කිරීම ලබාදෙන වන්නි ආරක්ෂක සේනාංකය ඉදිකිරීම් කටයුතු ඔවුන්ගේ මැදිහත්වීමෙන් සිදුකර දී ඇත.
ඒ අනුව පාසලක් නිර්මාණය විය. දේශපාලකයන් කරනාම දේ නම් ජනයා දැනුමෙන් ඈත් කොට තැබීමය. එබැවින් දැනුමට අතහිත දීම කොතෙක් නම් පුණ්‍යකර්මයක්ද? මහානාම ලකුණු රැුස් කළේ පිත්තෙන් වුවත්, ඔහු දැන් ලකුණු රැුස් කරනුයේ හදවතින්මය.
පාසල විවෘත කිරීමෙන් පසු කෙටි වදන් කිහිපයකට ඉඩ ගත් මහානාම කියා ඇත්තේ, යුද්ධයෙන් පසු නැවත පදිංචි වූ ජනතාවගේ දරුදැරියන්ගේ ජීවන තත්ත්වය මෙන්ම අධ්‍යාපන කටයුතු ඉතා ඉක්මනින් දියුුණු කළ යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය උපරිම සහාය ලබාදීමට තමන් සූදානම් බවය.
මහානාම සැබැවින්ම නුඹත් විශිෂ්ටයෙක්. ඒ ගැන විවාදයක් නැත. අදටත් ක‍්‍රීඩාවේ නාමයෙන් තව තවත් ගොඩගසා ගන්නා යුගයක නුඹගේ සමකාලීනයන්ට මෙන්ම අදටත්, අනාගතයටත් නුඹ ආදර්ශයක්. මහානාම නුඹ විශිෂ්ටයෙකි.
via ravaya.lk