මහා චත්තාරීසක සූත්‍රයෙන්.... (සම්මා දිට්ඨිය)

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    මේ දහම් කරුණ මගින්... ධර්මය තුළින් තමන් දෙස බැලීමටත්, තමන් වැරදි මාර්ගයේ යන්නේ නම් නිවැරදි මාර්ගයට පැමිණීමටත් අපට පුලුවන්.

    මිත්‍යා දෘෂ්ඨිය:

    ~ කතමා ච භික්ඛවේ, මිච්ඡාදිට්ඨි: නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, නත්ථි අයං ලෝකෝ, නත්ථි පරෝ ලෝකෝ, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යේ ඉමං ච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තීති. අයං භික්ඛවේ, මිච්ඡාදිට්ඨි. ~


    පින්වත් මහණෙනි, කුමක්ද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? ඒ කියන්නේ
    1) දුන් දෙයක විපාක නැත.
    2) පුද පූජාවක විපාක නැත.
    3) සේවාවක විපාක නැත.
    4) පින් පව් කර්මවල පල විපාක නැත.
    5) මෙලොවක් නැත. [(පරලොවැ සිටියහුට) මේ ලොව නැත]
    6) පරලොවක් නැත. [(මෙලොවැ සිටියහුට) පරලොව නැත]
    7) මවක් නැත. (මව විශේෂ නැත.)
    8) පියෙක් නැත. (පියා විශේෂ නැත.)
    9) ඕපපාතික සත්වයන් නැත. (නිරිසත්වයන්, ප්‍රේතයන්, දෙවියන්, බ්‍රහ්මයන් ආදී ඕපපාතික සත්වයන් නැත)
    10) ලෝකයෙහි යහපත් මග ගමන් කළ, යහපතෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් යමෙක් මෙලොවත්, පරලොවත් ස්වකීය ප්‍රඥාවෙන් අවබෝධ කොට කියා දෙත්ද, එවැනි උදවියද නැත’ යන දෘෂ්ටියයි. පින්වත් මහණෙනි මෙය තමයි මිත්‍යා දෘෂ්ටිය.


    * සම්මා දිට්ඨිය ආකාර දෙකකි. එනම් ලෞකික සම්මා දිට්ඨිය හා ලෝකෝත්තර සම්මා දිට්ඨියයි.

    ලෞකික සම්මා දිට්ඨිය:

    ~ කතමා ච භික්ඛවේ, සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවේපක්කා: අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, අත්ථි අයං ලෝකෝ, අත්ථි පරෝ ලෝකෝ, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යේ ඉමං ච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තීති. අයං භික්ඛවේ, සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවේපක්කා. ~


    පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා දිට්ඨිය කුමක්ද? ඒ කියන්නේ
    1) දුන් දෙයක විපාක ඇත.
    2) පුද පූජාවක විපාක ඇත.
    3) සේවාවක විපාක ඇත.
    4) පින් පව් කර්මවල පල විපාක ඇත.
    5) මෙලොවක් ඇත.
    6) පරලොවක් ඇත.
    7) මවක් ඇත.
    8) පියෙක් ඇත.
    9) ඕපපාතික සත්වයන් ඇත.
    10) වගේම ලෝකයෙහි යහපත් මග ගමන් කළ, යහපතෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් යමෙක් මෙලොවත්, පරලොවත් ස්වකීය ප්‍රඥාවෙන් අවබෝධ කොට කියා දෙත්ද, එවැනි උදවිය ද ඇත’ යන දෘෂ්ටියයි. පින්වත් මහණෙනි, මෙය තමයි ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා දිට්ඨිය.


    ලෝකෝත්තර සම්මා දිට්ඨිය:

    ~ කතමා ච භික්ඛවේ, සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා: යා ඛෝ භික්ඛවේ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමංගිනෝ අරියමග්ගං භාවයතෝ පඤ්ඤා පඤ්ඤින්ද්‍රියං පඤ්ඤාබලං ධම්මවිචයසම්බොජ්ඣංගෝ සම්මාදිට්ඨි මග්ගංගං අයං වුච්චති භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ~


    පින්වත් මහණෙනි, ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨිය කුමක්ද? පින්වත් මහණෙනි, ආර්ය වූ සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති, ආර්ය මාර්ගයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගය ප්‍රගුණ කරන කෙනෙකුගේ යම් ප්‍රඥාවක් ඇද්ද, ප්‍රඥා ඉන්ද්‍රියයක් ඇද්ද, ප්‍රඥා බලයක් ඇද්ද, ධම්මවිචය සම්බොජ්ඣංගයක් ඇද්ද, සම්මා දිට්ඨි මාර්ගාංගයක් ඇද්ද, පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨිය කියලයි.


    * අප කළ යුත්තේ කුමක්ද?

    ~ සෝ මිච්ඡාදිට්ඨියා පහානාය වායමති සම්මාදිට්ඨියා උපසම්පදාය. ස්වා’ස්ස හෝති සම්මාවායාමෝ. සෝ සතෝ මිච්ඡාදිට්ඨිං පජහති. සතෝ සම්මාදිට්ඨිං උපසම්පජ්ජ විහරති. සාස්ස හෝති සම්මාසති. ඉතිස්සිමේ තයෝ ධම්මා සම්මාදිට්ඨිං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති. සෙය්‍යථීදං: සම්මාදිට්ඨි සම්මාවායාමෝ සම්මාසති. ~


    එතකොට ඔහු මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිසත්, සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිසත්, වෑයම් කරනවා. එම උත්සාහය තමයි ඔහුගේ සම්මා වායාමය වන්නේ. ඔහු සිහියෙන් යුක්තව මිත්‍යා දෘෂ්ටිය අත්හරිනවා. සිහියෙන් යුක්තව සම්මා දිට්ඨිය උපදවාගෙන වාසය කරනවා. ඒ සිහිය තමයි ඔහුගේ සම්මා සතිය වන්නේ. ඔය ආකාරයට ඔහු තුළ ධර්ම තුනක් සම්මා දිට්ඨියට අනුව වේගවත්ව සකස් වෙනවා. ඒ අනුව පවතිනවා. ඒ කවර තුනක්ද යත්; සම්මා දිට්ඨියත්, සම්මා වායාමත්, සම්මා සතියත් යන තුනයි.

    තෙරුවන් සරණයි!

    ඊළඟ ත්‍රෙඩ් එක: https://elakiri.com/threads/මහා-චත්තාරීසක-සූත්‍රයෙන්-ii-සම්මා-දිට්ඨිය-ගැන-තව-දුරටත්.2005848/

    මූලාශ්‍ර:
    https://mahamevnawa.lk/sutta/mn3_3-2-7/
    https://pitaka.lk/main/?n=20117
    https://tipitaka.lk/mn-3-2-7
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    @S_M_S බල්ලාට කොහොමද දැන්?
    ගිය සතියේ blood report එකක් ගත්තා. කලින් එකට වඩා නම් හොඳයි. ඒත් blood counts තියෙන්නෙ low.
    තව පොඩි අවුල් ටිකක් තියෙනවා. ඒවා නම් හරිගස්සන්න බැරි වෙයි කිව්වා, තියෙන තත්වෙන්ම manage කරගෙන යන්න කියලා තමයි බෙහෙත් දුන්නෙ. දිගටම බෙහෙත් දෙන්න වෙයි, බෙහෙත් නැවැත්තුවොත් ආපහු වැඩි වෙන්න පුලුවන් කිව්වා. කලින් හිටියට වඩා ටිකක් අමාරුයි. අර දවස් වලම vet ළඟට අරන් ගියා නම් මෙච්චර අමාරු වෙන්නෑ. මේ ගමන යන්නත් diesel ගහගත්තෙ දවසක් වැඩට යන්නැතුව ඉඳලා. ඒ ලීටර් 20 ඒ ගමනෙන් ඉවරයි.

    Parasite test එකක් කරන්න ඒ පැත්තෙත් පහසුකම් නෑ. කොළඹ වගේ යන්න වෙයි ඒකට. එහෙම කරලා parasiteව අඳුරගත්තත් ඒකට මොනවත් කරන්න බැරි වෙයි කිව්වා.