මහා ඡන්ද කොල්ලයක්

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මහා ඡන්ද කොල්ලයක්

    පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී මහා පරිමාණ ඡන්ද වංචාවකට භාවිතා කිරීමට සූදානම් කර තිබූ හොර ඡන්ද පත්‍රිකා තොගයක් අත් අඩංගුවට ගැනීමට ගිය සහකාර මැතිවරණ කොමසාරිස් වරයෙකුට රාජපක්ෂ රෙජීමයේ මහ ඇමැති අපේක්ෂකයා සහ ඔහුගේ මැරයන් විසින් පහර දී මරණීය තර්ජන එල්ල කර තිබේ.

    රාජපක්ෂ රෙජීමය මහා පරිමාණ වශයෙන් හොර ඡන්ද දැමීමට නියමිතව ඇති අතර මැතිවරණයට දිනයක් තිබියදී මේ පිලිබඳ තොරතුරු හෙළි වී තිබේ. දකුණු මහ ඇමැති අපෙක්ෂකයා ලෙස ඡන්දය ඉල්ලන චන්දිම රාසපුත්‍රගේ මාතර වෙරළ පාරේ පිහිටි අනවසර කාර්යාලයක එවැනි හොර ඡන්ද පත්‍රිකා තොග ගණනින් ඇති බවට ලැබුණු ඔත්තුවක් අනුව ප්‍රදේශයේ සහකාර මැතිවරණ කොමසාරිස් වරයා එහි ගොස් පරීක‍ෂා කර තිබේ. මෙම කාර්යාලයද නීති විරෝධී එකක් වන අතර මේ වන විට සියළු ප්‍රචාරක කටයුතු නතර කර තිබිය යුතු වුවද එහි එවැන්නක් තිබී නැත. තමන්ගේ හොර ඡන්ද පත්‍රිකා අල්ලන්න ඇවිත් සිටින බව දැනගන්නට ලැබුණු චන්දිම රාසපුත්‍රද මැර පිරිසක් සමග එහි පැමිණ ඉතිහාසයේ පළමු වන වරට සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකුට සහ ඔහු සමග පැමිණි දෙපාර්තමේන්තු නිලධාරීන්ට පහර දී මරණීය තර්ජන එල්ල කර ඇත.

    ප්‍රහාරයට ලක්ව ඇත්තේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් සහකාර මැතිවරණ කොමසාරිස් අරුණ ප්‍රනාන්දු ඇතුළු පිරිසකි. සහකාර මැතිවරණ කොමසාරිස් වරයා මේ පිලිබඳව පොලීසියට පැමිණිලි කර ඇති අතර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ද මේ සිදුව ඇති බරපතල ක්‍රියාව ගැන සොයා බැලීම සඳහා මාතරට ගියේ ය.

    රාජපක්ෂලාගේ හොර ඡන්ද කෙරුවාව මේ සිදුවීමෙන් හෙලිදරව් වන බැවින් මැදමූලන මරාද මීට මැදිහත් වී ඇති අතර ඔහුගේ බලපෑම මත මැතිවරණ කොමසාරිස් වරයාද සිදුවීම වසා ගනිමින් මාතර කොටුවේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයයේදී සිද්ධියට අදාල දෙපාර්ශ්වය කැඳවා සාකච්ඡාවක් පවත්වා සිද්ධිය යට ගසා ඇතැයි වාර්තා වේ.

    ඇමැති කැස්බෑවේ ගාමිණී ලොකුගේ ගේ මැර පිරිසක්ද මැතිවරණ නිලධාරීන් කණ්ඩායමකට පසුගියදා කැස්බෑවේදී පහර දී තිබිණ. ගාමිණී ලොකුගේ ගේ බෑණා මෙවර ඡන්දය ඉදිරිපත්ව ඇති අතර ඔහුගේ අනවසර ප්‍රචාරක කටයුතු ඉවත් කිරීමට ගිය මැතිවරණ කොමසාරිස්ගේ නිලධාරීන් කණ්ඩායමකට පහර දී තිබිණ. ඒ අවස්ථාවේදී ද එය බරපතල සිදුවීමක් ලෙස නොසලකා නීතිය ක්‍රියාත්මක නොකෙරුණි.

    මේ වන විට සහකාර මැතිවරණ කොමසාරිස් වරුන්ට මහ ඇමැති අපේක්ෂකයන් පහර දෙන තත්ත්වයට දුර දිග ගොස් ඇති අතර හෙට දවසේදී මැතිවරණ කොමසාරිස්වරයාටම රෙජීමයේ මිනීමරුවන් පහර දී තමාට අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්නා තුරු විපක්ෂයත් මහජනතාවත් නපුංසකයන් සේ බඩ උලාගෙන සිටිනු ඇත.


    119tcvs.jpg
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    JVP dena eka awlk nadda machn??hithaganna ba..unge ithihasaya hoda nane..ane manda eth denna hithenawa anduwe wada dakkama..habai me aanduwath wena aandu walin nokarapu dewal kala..colombo walin kauda machn JVP hoda?? :dull:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    JVP dena eka awlk nadda machn??hithaganna ba..unge ithihasaya hoda nane..ane manda eth denna hithenawa anduwe wada dakkama..habai me aanduwath wena aandu walin nokarapu dewal kala..colombo walin kauda machn JVP hoda?? :dull:

    JVP deepan. 12 Lal kantha innawa. onnam manapa deepan. manapa dunne nathath awlak naha
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    රාසපුත්‍රගේ වැසිකිලියක තිබී සහකාර කොමසාරිස්ට හසුවූ හොර ඡන්ද පත්‍රිකා 40,000 ක් එස්එස්පී දේශබන්ධු රැගෙන ගිහින්: අතේ මාට්ටු වූ මරාගේ හොර ඡන්ද සෙල්ලමේ සුලමුල මෙන්න---
    -මෙතරම් බරපතල ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවක් ත්‍රස්තවාදී එල්ටීටීඊයවත් සිදුකර නෑ-

    (ලංකා ඊ නිව්ස් -2014.මාර්තු.29, ප.ව.10.30) රාජපක්ෂ රෙජීමයේ දූෂිත ඡන්ද පැවැත්විම සම්බන්ධයෙන් බරපතලම ප්‍රශ්න ඇති කරන ඊයේ මාතර සිදුවීමේ සියළු තොරතුරු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත මේ වන විට ලැබී ඇත. මාතර දිස්ත්‍රික් එජනිස අපේක්ෂක චන්දිම රාසපුත්‍රගේ කාර්යාලයේ තිබූ හොර ඡන්ද පත්‍රිකා තොගය සම්පූර්ණ නීති විරෝධී අන්දමින් ප්‍රදේශය බාර කුප්‍රකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්ධු තෙන්නකෝන් විසින් රැගෙන ගොස් තිබේ. මේ වන විට ඒවාට කුමක් වීදැයි නොදනී.

    රාසපුත්‍රගේ මාතර වෙරළ පාරේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් සඟවා ඇතැයි යන ඉතාමත් විශ්වාසනීය ආරංචිය ලැබීමෙන් පසුව සහකාර මැතිවරණ කොමසාරිස් අරුණ සෞම්‍ය ප්‍රනාන්දු මහතා එහි ගොස් ඇත්තේ තම සහායකයන් පිරිසක්ද වීඩියෝ කැමරාවක් ද සහිතව සිද්ධිය වීඩියෝ කිරීමටද සූදානම්ව ය. ඔහු පොලිසියට දන්වා පොලිසිය කැඳවාගෙන ගොස් නැත්තේ පොලිසියට කී විට එය එසැනින් රාසපුත්‍රගේ කනට යන බව හොඳින්ම දන්නා නිසාත් තමාට මෙම වැටලීම සිදුකිරීමට නෛතික බලය තිඛෙන නිසාත් ය.

    වෙරළ පාරේ රාසපුත්‍රගේ කාර්යාලය පිහිටා ඇත්තේ තට්ටු ගොඩනැගිල්ලක ඉහල මාලයක වන අතර එහි පිටුපස පැත්තෙන්ද ගොඩනැගිල්ලට ඇතුළු වීම සඳහා පිය ගැට පෙලක් තිබී ඇත. ඉදිරිපසින් මෙන්ම පිටුපස පැත්තෙන්ද ඇතුළු වූ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු කණ්ඩායමට රාසපුත්‍රගේ කාර්යාලයට යාබදව පිහිටා තිබූ වැසිකිලි පෙලකින් එක් වැසිකිලියක මෙම හොර ඡන්ද පත්‍රිකා තොගය සඟවා තිබී හසුවී තිබේ. අගුළු ලා තිබූ වැසිකිලිය නිලධාරීන්ගේ නියෝග මත විවෘත කර දී ඇත්තේ රාසපුත්‍රගේ කාර්යාලයේ සිටි හේමන්ත නම් තැනැත්තෙකි. හසුවූ ව්‍යාජ ඡන්ද පත්‍රිකා සහ සත්‍ය ඡන්ද පත්‍රිකා අතර කිසිදු වෙනසක් තිබී නැත. එක් පොතකට පත්‍රිකා එකසිය පනහක් සහිත පොත් 266 ක් රාසපුත්‍රගේ වැසිකිලියේ තිබී ඇත. එනම් හොර ඡන්ද පත්‍රිකා දළ වශයෙන් 40,000 ක් පමණ තිබී ඇත.

    මේ සිදුවීම් සියල්ල සහකාර කොමසාරිස් වරයාගේ වීඩියෝ කැමරාවේ සටහන් කර ගෙන තිබේ. මේ අතර වාරයේ රාසපුත්‍රට මෙම වැටලීම ගැන පණිවුඩය යනවාත් සමග ඔහු කර ඇත්තේ ප්‍රදේශය බාර රාජපක්ෂ රෙජීමයේ නම් දැරූ පොලිස් සට්ටැඹියා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්ධුට මේ ගැන දැන්වීමයි.

    හොර ඡන්ද පත්‍රිකා තොගය සහකාර කොමසාරිස්වරයා සහ නිලධාරීන් පැමිණි වාහන වලට පටවද්දී නිලධාරීන් පිරිවරා එහි පැමිණි දේශබන්ධු පවසා ඇත්තේ මෙකී නීති විරෝධී පත්‍රිකා තමන්ගේ බාරයට ගත යුතු බවයි. දේශබන්ධු සමග පොලිස් අධිකාරී ධනංජය ද එම අවස්ථාවේ පැමිණ ඇත. එවිට රාසපුත්‍රද පිරිවර සමග එහි පැමිණ තිබේ.

    ආරෝව ඇති වී ඇත්තේ එහිදීය. තර්ක විතර්ක අතරේ රාසපුත්‍රගේ ගෝලයෙක් නිලධාරියෙක් අත තිබූ කැමරාව උදුරා පොළොවේ ගසා විනාශ කර ඇති අතර එහිදී සහකාර කොමසාරිස් වරයාටත් ඔහුගේ නිලධාරියෙකුටත් පහර දී ඇති අතර 'තොපි වැඩිය නටන්න ආවොත් මරනවා යැයි' මරණීය තර්ජන එල්ල කර ඇත්තේ රාසපුත්‍ර විසිනි. කෙසේ වෙතත් මේ සිදුවීම වෙද්දී දේශබන්ධු එස්එස්පී වරයාත් ධනංජය එස්පී වරයාත් එහි සිට ඇත.

    ඡන්ද පත්‍රිකා තොගය තමන්ගේ රථයට පටවා ගත් දේශබන්ධු කෙලින්ම දුරකථනයෙන් අමතා සිද්ධිය විස්තර කර ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂට ය. ඔහු ඒ දුරකථනයෙන්ම සහකාර මැතිවරණ කොමසාරිස් වරයාට තර්ජනාත්මකව පවසා ඇත්තේ හොර ඡන්ද පත්‍රිකා ගැන කිසිවක් සඳහන් නොකර පහර දීම ගැන සහ වීඩියෝ කැමරාව විනාශ කිරීම ගැන පමණක් සඳහන් කරන ලෙසයි.

    ඒ අනුව පොලිසියේ මැතිවරණ තොරතුරු සටහන් පොතේ 225 වන පිටුවේ 155 වන ඡේදය ලෙස සහකාර මැතිවරණ කොමසාරිස් වරයාගේ පැමිණිල්ල සටහන් කරගෙන ඇත්තේ මෙසේය. රජයේ නිලධාරියෙකු ලෙස තමා දිස්ත්‍රික්කයේ රාජකාරි ඉටු කිරීමට යාමේදී දෙදෙනෙකු රාජකාරියට බාධා කළ බවත් ඔවුන් තමාගේ වීඩියෝ කැමරාවට පහර දී රුපියල් 1,43,700 ක අලාභයක් සිදුකළ බවත් පමණි.

    සිද්ධියෙන් පසු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කොළඹ සිට මාතරට ගිය අතර ඔහු මාධ්‍යයට කීවේ ඡන්දයෙන් පසුව මේ ගැන ප්‍රකාශයක් කරන බවත් සිද්ධිය ගැන පරීක‍ෂා කිරීමට පොලිසියට බාර දුන් බවත් ය. ඔහුද හොර ඡන්ද පොත් 266 ක් රාසපුත්‍රගේ කාර්යාලයේ තිබී හසුවූ බව සැඟවුයේ ය.

    අද උදෑසන වන විටද පොලිසිය මේ සම්බන්ධයෙන් කිසිවෙකු අත් අඩංගුවට නොගත් බැවින් මැතිවරණ කොමසාරිස් වෙනුවෙන් මැතිවරණ පැමිණිලි විමර්ශනය කිරීමේ ජාතික කමිටුවේ ප්‍රධාන සම්බන්ධීකරණ ලේකම් එස් මැදවැව විසින් පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන වෙත ලිපියක් යවමින් කියා සිටියේ අද දහවල් 12 වන විට චූදිතයන් අත් අඩංගුවට ගන්නේ නැතිනම් ඡන්ද ගැනීම අත් හිටුවන බවයි.

    ඉන්පසුව පෙර කී හොර ඡන්ද පත්‍රිකා තොගය ගෙන ගිය දේශබන්ධු විසින් සැබෑ චුදිතයා වන රාසපුත්‍ර වෙනුවට ඔහුගේ ගෝලයන් වන මාතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අනිල් හේමන්ත නෙත්තිකුමාර සහ මංජුල ප්‍රියන්ත නෙත්තිකුමාර යන දෙදෙනා මාතර එස්එස්පී කාර්යාලයට පැමිණ බාර වූ බව කීවේ ය.

    රාජපක්ෂ රෙජීමයේ ඡන්දය කිසිවක් සිදු නොවුනා සේ ගලා ගෙන යන්නේ ය.

    මේ සම්බන්ධයෙන් පැන නගින ප්‍රශ්න රැසකි.

    • රාසපුත්‍රට මේ ඡන්ද පත්‍රිකා ලැබුනේ කාගෙන්ද? මේ තොගය හසු නොවූවානම් මේවා භාවිතා කෙරෙන්නේ කුමන ආකාරයටද? මෙලෙස හසු නොවූ මෙවැනිම තවත් තොග මෙකී මැතිවරණයේදී භාවිතා නොවුනා යැයි ඇති සහතිකය කුමක්ද? දේශබන්ධු ගෙන ගිය හොර ඡන්ද පත්‍රිකා දැන් කොහිද? මෙම මැතිවරණයේදී ඒවා භාවිතා නොවුනා යයි ඇති සහතිකය කුමක්ද? මෙය යටපත් කිරීමට ජනාධිපතිවරයාම මැදිහත් වීමෙන් පෙනී යන්නේ මේ මහා පරිමාණ හොර ඡන්ද සෙල්ලම සිදුකරන්නේ මහින්ද රාජපක්ෂගේ අනු දැනුම මත බව නොවේද? එනිසාම සිද්ධියට සම්බන්ධ වූ සහකාර මැතිවරණ කොමසාරිස් අරුණ සෞම්‍ය ප්‍රනාන්දුට ඇති ජීවිත තර්ජනයට වග කියන්නේ කව්ද? මේ බරපතල සිදුවීම ගැන මැතිවරණ කොමසාරිස් වරයාත් ලංකාවේ ජනමාධ්‍යයත් නිහඬ වනවා නම් රාජපක්ෂලාගේ ඡන්ද ගැන තව දුරටත් විශ්වාසය තබන ජනතාව සහ දේශපාලන පක්ෂ මෝඩයන් නොවේද?