මහා පාවාදීමේ දෙවැනි මෙහෙයුම
ඊළාම් දේශයක් ඉල්ලමින් කොටි ත්රස්තවාදීන් සන්නද්ධ සටනක් කෙළේ තිස් වසරක සිට. මෙය හුදු කොල්ලො කෙල්ලො කට්ටියක් පොලු, කඩු, කැටපෝල් අරගෙන කරපු ගමේ ගොඩේ ගෝරියක් නෙමෙයි. එය ඊට වඩා බරපතළ සංකීර්ණ භයානක ත්‍රස්තවාදී ව්‍යාපාරයක්. මේ පිළිබඳව යළි යළිත් කියාපෑම එතරම් අවශ්‍ය වන්නේ නැහැ. තිස් වසරක් පුරා අප විඳි දුක් ගැහැට... පූජා කළ ජීවිත ප්‍රමාණය... විනාශ කරගත් සම්පත් ප්‍රමාණය... අති විශාලයි... මේ විනාශයන්ගේ විශාලත්වයත් ඒ විනාශය වළක්වා ගැනීම සඳහා වැය කළ මුදල් කන්දරාවේ විශාලත්වයත් අපට හිතා ගැනීමට බැරි තරම්.
විසි හය දහසක් සොල්දාදුවන් ජීවිත පූජා කළා... අතපය අහිමි කරගත් කොටස ඊට වඩා විශාලයි. ඇස්, කන්, නැති කරගත් ප්‍රමාණය තවත් විශාලයි.
සියලු විනාශයන් වුණේ ඊළාම් දේශයක් වෙනුවෙන් ඉස්මතු වූ කෲරතර ත්රස්තවාදයක් නිසා. සියලු කැපකිරීම් කරන්නට සිදුවූයේ ත්‍රස්තවාදයෙන් අප රට ගලවා ගැනීම සඳහා.
කොටි ත්‍රස්තවාදය ලොව පැවැති බිහිසුණුම ත්රස්තවාදයයි. එය දෙවැනි වන්නේ නම් ඒ හිට්ලර් ගේ නාසි ත්රස්තවාදයට පමණයි.
කොටි ත්‍රස්තවාදය උතුරු නැඟෙනහිර අවිගත් දෙමළ තරුණ පිරිසකගේ ආයුධ සන්නද්ධ නැඟී සිටීමක් නොවෙයි. ඒ නැඟී සිටීම කොටි ත්රස්තවාදයේ එක් ප්‍රාථමික පියවරක් පමණයි.
අපේ රට විනාශ කළ මේ ත්‍රස්තවාදය අන්තර්ජාතික දුෂ්ට දේශපාලන, ආර්ථික සහ සමාජ බලවේගවල කොටසක්... ඒ බව වටහා ගන්නා විට අප ඒ වෙනුවෙන් බොහෝ දේ කැපකර අවසානයි.
ජනාධිපතිවරයකු ගේ ජීවිතයක් ... ජනාධිපතිනියකගේ ඇසක්... මැති ඇමැති වරුන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත රැසක්.. දකුණු සහ උතුරේ ප්රජාතන්ත්රවාදී දේශපාලන නායකයන් නැත්තටම නැතිවීමේ තර්ජනය ඉස්මතු වන තරමට ම අන්තරාදායක වූ තත්ත්වයක්... දක්ෂ සහ උසස් ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් හිඟවන තරමට ම භයානක වූ තත්ත්වයක්... මෙවැනි භයානක පසුබිමක් නිර්මාණයකි. කොටි ත්‍රස්තවාදය ආරක්ෂක සේනා අතර පමණක් නොව සාමාන්‍ය සිවිල් ජනයා අතර ද ඇති කෙළේ මහා ආතතියක්... මානසික පීඩනයක්... ජීවිතය පිළිබඳ මහා අවිනිශ්චිතතාවක්... භීතියක්...
එය කෙතරම් ද යත්...
පාසලට ගිය දරුවා ආපසු පැමිණෙන තුරු ගින්දරෙන් බලා සිටි තරමට... වැඩට ගිය දුව, පුතා, සැමියා, බිරිඳ ආපසු ගෙදර එනතුරු ගින්දරෙන් බලා සිටි තරමට... බස් රියක දුම්රියක ජීවිතය පිළිබඳ අවදානමක් සහිතව බියෙන් ගැහෙමින් ගමන් යන්නට සිදුව තිබූ තරමට... කොටින්ම හිරු පුපුරා යාවි දැයි සිතමින් හිමිදිරියේ අවදි වූ තරමට... සඳ ගිනිගෙන පුපුරාවි දැයි සිතමින් නින්දට ගිය තරමට... කිනම් මොහොතක ජීවිතය පුපුරා යාවි දැයි සිතමින් තත්පරයෙන් තත්පරය ගෙවා දැමීමට සිදුවූ තරමට... අපේ රට අවිනිශ්චිත වුණා. ඒ අවිනිශ්චිත බව දරා සිටිය නොහැකි තරම්...
තිස් වසරක් තිස්සේ අප වැනි රටකට දරාගත නොහැකි යුද්ධයක් නිර්මාණය වුණා. අති බිහිසුණුම ත්‍රස්තවාදින් එහි පෙරමුණ ගත් බව ඇත්තයි... මිනිස් බෝම්බ මේ තරම් පුපුරා ගිය අවස්ථාවක් ලෝක ඉතිහාසයේ නැහැ.
හිට්ලර්ගේ නාසි ත්‍රස්තවාදය තුළවත් මෙතරම් මිනිස් බෝම්බ සංඛ්‍යාවක් පුපුරා ගියේ නැහැ. එක කොටි ගැහැනියකට... ජීවිත සිය ගණනක් එක් නිමේෂයකදී පුපුරුවා හරින්නට හැකි වුණා... එක කොටි පිරිමියෙකුට දැවැන්ත ගොඩනැගිල්ලක් එක තත්පරයකදී නටබුන් බවට පත් කරන්නට හැකිවුණා...
පසුගිය තිස් වසර පුරාම අප ලැබුවේ මෙවැනි අත්දැකීම්. (ඒවා අපට අමතක වෙලාවත් ද?)