මහා පාවාදීමේ දෙවැනි මෙහෙයුම

sampathdishan

Member
Jan 6, 2009
146
6
0
මහා පාවාදීමේ දෙවැනි මෙහෙයුම

ඊළාම් දේශයක් ඉල්ලමින් කොටි ත්‍රස්තවාදීන් සන්නද්ධ සටනක් කෙළේ තිස් වසරක සිට. මෙය හුදු කොල්ලො කෙල්ලො කට්ටියක් පොලු, කඩු, කැටපෝල් අරගෙන කරපු ගමේ ගොඩේ ගෝරියක් නෙමෙයි. එය ඊට වඩා බරපතළ සංකීර්ණ භයානක ත්‍රස්තවාදී ව්‍යාපාරයක්. මේ පිළිබඳව යළි යළිත් කියාපෑම එතරම් අවශ්‍ය වන්නේ නැහැ. තිස් වසරක් පුරා අප විඳි දුක් ගැහැට... පූජා කළ ජීවිත ප්‍රමාණය... විනාශ කරගත් සම්පත් ප්‍රමාණය... අති විශාලයි... මේ විනාශයන්ගේ විශාලත්වයත් ඒ විනාශය වළක්වා ගැනීම සඳහා වැය කළ මුදල් කන්දරාවේ විශාලත්වයත් අපට හිතා ගැනීමට බැරි තරම්.
විසි හය දහසක් සොල්දාදුවන් ජීවිත පූජා කළා... අතපය අහිමි කරගත් කොටස ඊට වඩා විශාලයි. ඇස්, කන්, නැති කරගත් ප්‍රමාණය තවත් විශාලයි.
සියලු විනාශයන් වුණේ ඊළාම් දේශයක් වෙනුවෙන් ඉස්මතු වූ කෲරතර ත්‍රස්තවාදයක් නිසා. සියලු කැපකිරීම් කරන්නට සිදුවූයේ ත්‍රස්තවාදයෙන් අප රට ගලවා ගැනීම සඳහා.
කොටි ත්‍රස්තවාදය ලොව පැවැති බිහිසුණුම ත්‍රස්තවාදයයි. එය දෙවැනි වන්නේ නම් ඒ හිට්ලර් ගේ නාසි ත්‍රස්තවාදයට පමණයි.
කොටි ත්‍රස්තවාදය උතුරු නැඟෙනහිර අවිගත් දෙමළ තරුණ පිරිසකගේ ආයුධ සන්නද්ධ නැඟී සිටීමක් නොවෙයි. ඒ නැඟී සිටීම කොටි ත්‍රස්තවාදයේ එක් ප්‍රාථමික පියවරක් පමණයි.
අපේ රට විනාශ කළ මේ ත්‍රස්තවාදය අන්තර්ජාතික දුෂ්ට දේශපාලන, ආර්ථික සහ සමාජ බලවේගවල කොටසක්... ඒ බව වටහා ගන්නා විට අප ඒ වෙනුවෙන් බොහෝ දේ කැපකර අවසානයි.
ජනාධිපතිවරයකු ගේ ජීවිතයක් ... ජනාධිපතිනියකගේ ඇසක්... මැති ඇමැති වරුන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත රැසක්.. දකුණු සහ උතුරේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකයන් නැත්තටම නැතිවීමේ තර්ජනය ඉස්මතු වන තරමට ම අන්තරාදායක වූ තත්ත්වයක්... දක්ෂ සහ උසස් ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් හිඟවන තරමට ම භයානක වූ තත්ත්වයක්... මෙවැනි භයානක පසුබිමක් නිර්මාණයකි. කොටි ත්‍රස්තවාදය ආරක්ෂක සේනා අතර පමණක් නොව සාමාන්‍ය සිවිල් ජනයා අතර ද ඇති කෙළේ මහා ආතතියක්... මානසික පීඩනයක්... ජීවිතය පිළිබඳ මහා අවිනිශ්චිතතාවක්... භීතියක්...
එය කෙතරම් ද යත්...
පාසලට ගිය දරුවා ආපසු පැමිණෙන තුරු ගින්දරෙන් බලා සිටි තරමට... වැඩට ගිය දුව, පුතා, සැමියා, බිරිඳ ආපසු ගෙදර එනතුරු ගින්දරෙන් බලා සිටි තරමට... බස් රියක දුම්රියක ජීවිතය පිළිබඳ අවදානමක් සහිතව බියෙන් ගැහෙමින් ගමන් යන්නට සිදුව තිබූ තරමට... කොටින්ම හිරු පුපුරා යාවි දැයි සිතමින් හිමිදිරියේ අවදි වූ තරමට... සඳ ගිනිගෙන පුපුරාවි දැයි සිතමින් නින්දට ගිය තරමට... කිනම් මොහොතක ජීවිතය පුපුරා යාවි දැයි සිතමින් තත්පරයෙන් තත්පරය ගෙවා දැමීමට සිදුවූ තරමට... අපේ රට අවිනිශ්චිත වුණා. ඒ අවිනිශ්චිත බව දරා සිටිය නොහැකි තරම්...
තිස් වසරක් තිස්සේ අප වැනි රටකට දරාගත නොහැකි යුද්ධයක් නිර්මාණය වුණා. අති බිහිසුණුම ත්‍රස්තවාදින් එහි පෙරමුණ ගත් බව ඇත්තයි... මිනිස් බෝම්බ මේ තරම් පුපුරා ගිය අවස්ථාවක් ලෝක ඉතිහාසයේ නැහැ.
හිට්ලර්ගේ නාසි ත්‍රස්තවාදය තුළවත් මෙතරම් මිනිස් බෝම්බ සංඛ්‍යාවක් පුපුරා ගියේ නැහැ. එක කොටි ගැහැනියකට... ජීවිත සිය ගණනක් එක් නිමේෂයකදී පුපුරුවා හරින්නට හැකි වුණා... එක කොටි පිරිමියෙකුට දැවැන්ත ගොඩනැගිල්ලක් එක තත්පරයකදී නටබුන් බවට පත් කරන්නට හැකිවුණා...
පසුගිය තිස් වසර පුරාම අප ලැබුවේ මෙවැනි අත්දැකීම්. (ඒවා අපට අමතක වෙලාවත් ද?)
 

sampathdishan

Member
Jan 6, 2009
146
6
0
හිරුගෙන් පතිත වුණේ රශ්මිය නෙමෙයි ගින්දර... වැස්සෙන් වැටුණෙ දිය බිංදු නෙමෙයි ලෝ දිය... තුරු මුදුන්වල පිපුණෙ මල් නොවෙයි බෝම්බ... බිම තණපත් අතර තිබුණෙ පිනි බිංදු නෙමෙයි බිම් බෝම්බ. වන පෙතින් ඇසුණෙ කුරුලු ගීත නෙමෙයි උන්ගේ විලාප.... මහ කඳු පෙළ බලාගෙන හිටියෙ මීදුම් සළු පොරවා ගන්ඩ නෙමෙයි ගිනි කන්දක් වෙලා පිපිරෙන්ඩ...
හිමිදිරි අහස මීදුම් වලාවන් ගෙන් පිරුණෙ නැහැ... බෝම්බයක් නිසා පිපිරී ගිනි ගන්නා ගොඩනැඟිල්ලකින් නැඟෙන කලු දුමාරයෙන් වැසී ගියා... තිඹිරි ගෙයක් තුළ දී බිළිඳු දරුවෙක් බිහි වුණේ නැහැ... කොටි නරුමයින් විසින් බිළිඳු දරුවන් ගස් වල ගසා මරා දැමුවා.
මේ නිසා හැම හිමිදිරියක් ම හැම හැන්දෑවක් ම... හැම රාත්‍රියක් ම අන්ධකාරවුණා... භයානක වුණා... ජීවිතය මරණයේ එල්ලී විලාප ගසන හඬ මිසක හිමිදිරි ගීතයක් හෝ සැන්දෑ ගීතයක් ඇසුණේ නැහැ. රාත්‍රිය පුරාම දකින්නට ලැබුණේ ජීවිතය පිපිරෙන භයානක සිහින...
එහෙත් ඉතිහාසයෙන් අපට රුවන්වැලි සෑය ඉතිරිව තිබුණා... ලෝවාමහා පායේ ගල් කණු නොසැලී බලා සිටියා... සීගිරි ගල යෝධයකු සේ ඍජුව සිටියා... මහා පරාක්‍රමබාහු සමුද්‍රය ... මින්නේරි වැව... කලා වැව... අපට දුන්නේ දියවර නෙමෙයි... ආත්ම ශක්තිය... ආත්ම විශ්වාසය... ආත්ම ධෛර්යය... ආත්ම අධිෂ්ඨානය... ශ්‍රී මහා බෝධිය අපට ආශිර්වාද කළා... ඉසුරුමුණි පෙම් යුවල අප වෙනුවෙන් සැහැල්ලු සරල ගීතයක් ගායනා කළා... දළදා වහන්සේ ආරක්ෂාව ලබා දුන්නා...
කාන්තාරය පුරාම අලුත් දළු වැඩෙන්නට පටන් ගත්තා. ඒවා රූස්ස වනස්පතීන් බවට පත්වුණා... විලාප ගසමින් සිටි කුරුලු රෑන් ඒ වනස්පතීන්ගේ සෙවන අතර හිඳ ජීවිතයේ බලාපොරොත්තු සහගත ගීත ගායනා කළා.
තිස් වසරකට පසු හිරුගෙන් රශ්මිය විහිදෙන්නට වුණා. සඳුගෙන් සිසිලස ගලා හැලෙන්නට වුණා. තාරුකා පේළි අතර එක් පහන් තරුවක් පායා අපට පාර කිව්වා... අපි ගියේ ඒ පාර දිගේ... ඒ පාරදිගේ දිගටම ආත්ම ශක්තිය තිබුණා. වීරත්වය තිබුණා... ජයග්‍රහණ තිබුණා... විලාප හඬ වෙනුවට ඔල්වරසන් හඬ ඇසෙන්නට වුණා.
දුටුගැමුණු රජතුමාගේ කඩොල් ඇතා වෙර වීරිය යොදා විජිතපුර මහ දොරටුව තල්ලු කර බිම හෙලන ශබ්දය දෝංකාර දෙන්නට වුණා. නීල මහා යෝධයා දිය දෙබෑකරන හඬ ඇසුණා. එසේ ම බුද්ධදාස රජතුමා ඉදිරියේ වේදනාවෙන් කෙඳිරි ගාමින් සිටි සතා සීපාවා වේදනාවෙන් මිදී සැනසුම ලැබී හෙළන සැහැල්ලු සුසුමක ආශ්වාදනීය ස්පර්ශය දැනෙන්නට පටන් ගත්තා.
අන්තිමේදී නීල මහා යෝධයා අතින් දෙබෑ වූ සප්ත සාගරයේ හඬ නොව ශවේන්ද්‍ර ද සිල්වා ඇතුලු රණවිරුවන් අතින් දෙබෑවූ නන්දිකඩාල් කලපුවේ හඬ ඇසෙන්නට පටන් ගත්තා.
සොළී රටට වහලුන් ලෙසින් ගෙන ගිය සිංහලයන් නොව ප්‍රභාකරන් විසින් අමානුෂික ලෙස සිරකරගෙන සිටි ලක්ෂ ගණනක් අහිංසක දෙමළ වැසියන් දෙබෑවූ නන්දිකඩාල් කලපුව හරහා නිදහසේ භූ®මියට පැමිණියා.
මේ තිස් වසර පුරා ම විදේශීය බලවේග අප කොටු කරගෙන සිටියා. ප්‍රභාකරන්ගේ මිනිස් බෝම්බ වලට වඩා විනාශකාරී මිනිස් බෝම්බ සාම දූතයන්ගේ වේශයෙන් අපේ රටට ආවා ගියා.
නන්දිකඩාල් කලපුවේ දෙබෑවීමත් සමඟ ම උතුර දකුණ යා වුණා. අන්තිමේදී ඒ 9 පාරත් විවෘත වුණා.
ත්‍රස්තවාදයේ සැඟවුණු භාරකරුවන් වූ අන්තර් ජාතික දුෂ්ට බලවේග මොහොතකට අතපය හකුලා ගත්තා.... ශ්‍රී ලංකාව කීර්තිමත් රටක් ලෙසින් ලෝකයා පුරා ම සටහන් වෙන්නට පටන් ගත්තා.
තමන්ගේ ත්‍රස්තවාදී නියෝජිතයන් විනාශවීම නිසා අන්තර්ජාතික දුෂ්ට බලවේග ගැහෙන්නට පටන් ගත්තා. ඒ බයෙන් නොවේ... වෛරයෙන්... එතැන් පටන් ඔවුන් අපේ රටට ආයුධ වෙනුවට වෛරය එවන්නට පටන්ගත්තා... අපේ එකමුතු කම දෙබෑ කරන්නට මුගුරක් ගත් “පාවා දෙන්නෙක්” සොයාගත්තා.
ඒ වනවිට වෛරයෙන් ගිනි ගනිමින් තිබූ පාවා දෙන්නා ගේ සිතට ගිනි තබන්නට ගිනි තබන පිරිස එක් රොක් වුණා.
 
Dec 24, 2009
139
5
0
maha hora kama

mrmasterofrobbery2f.png
 

sampathdishan

Member
Jan 6, 2009
146
6
0
පාවාදීමේ පළමු මෙහෙයුම

ප්‍රභාකරන්ට ගිනිබත් කරන්නට නොහැකි වූ දේශය ගිනි තබන්නට ඔවුන් කුමන්ත්‍රණය කරන්නට පටන් ගත්තා. ඒ අනුව මානුෂික මෙහෙයුම අවසාන වීමත් සමඟම ඒ විජයග්‍රහණය මහා පාවාදීමේ පළමු මෙහෙයුම ආරම්භ වුණා.
“බාර වීම සඳහා සුදු කොඩි රැගෙන ආ කොටින්ට වෙඩි තියන්න කියලා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට නියෝග කළා”
මහා පාවාදෙන්නා හරි අපූරුවට යුද හමුදාවේ කීර්තිනාමය පාවාදුන්නා. යුද හමුදාව විසින් අසීරුවෙන් දොවාගත් කිරි මුට්ටියට ගොම තලියක් දැම්මා.
අපවිත්‍රතාවක් නොමැති කිරි මුට්ටියක් යැයි නම් කර තිබූ ශ්‍රී ලංකා යුද හමුදාව එවැනි කිරි මුට්ටියක් නොව අපවිත්‍ර ගොම හැලියක් යැයි ලෝක බලවතුන් ඉදිරියේ කියාපාන්නට අන්තර්ජාතික දුෂ්ට බලවේගවලට අපූරු පාරක් කපා දුන්නා.
ශ්‍රී ලංකාවට වින කළ කොටින්ට උදව් කළ මේ අන්තර්ජාතික දුෂ්ට බලවේග බලාසිටියේ යුද්ධයෙන් කොටින් ජයගන්නා තෙක්. ශ්‍රී ලංකා ආණ්ඩුව පරාජය වී අවුලෙන් අවුලට පත්ව ඊළාම් දේශයක් නිර්මාණය වී ශ්‍රී ලංකාව දෙකට කැඩී යන තෙක්. ඉන් පසු ඊළාම් දේශය හරහා දකුණු ආසියාකරයේ ඔවුන්ගේ දේශපාලන, ආර්ථික සහ සමාජ ව්‍යාපාරය සිත් සේ ගෙනයන්නට... ඉන්පසු මුළු අග්නිදිග ආසියාවම අවුල් කරන්නට...
ඒ නිසා කොටින් විනාශ කොට ශ්‍රී ලංකා රජය ප්‍රභාමත් දිලි දිලී ඉස්මතු වීම මේ දුෂ්ට බලවේග වලට බලා සිටිය නොහැකි... දරා සිටිය නොහැකි තත්ත්වයක් බවට පත්වුණා.
ඔවුන් ඉතා සූක්ෂ්ම වැඩ පිළිවෙළක් ගැන සැලසුම් සකස් කළා. අන්තිමේදී වෛරයෙන් දැවෙන... ඒ වෛරය වෙනුවෙන් රටක් ජාතියක් පාවා දෙන්නට සූදානම් මහා පාවා දෙන්නෙක් සොයා ගන්නට අන්තර්ජාතික දුෂ්ට බලවේගවලට හැකියාවක් ලැබුණා... ඔහු මානුෂික මෙහෙයුමට සම්බන්ධ වූ යුද හමුදාපතිවරයා වීම තමන් ලත් විශාල ජයග්‍රහණයක් ලෙසින් මේ අන්තර්ජාතික දුෂ්ට බලවේගත් ඔවුන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයනුත් සැලකුවා.
මාස කිහිපයකට පෙර තමන්ටත් යුද හමුදාවටත් පරිභව කළ දුෂ්ට බලවේග සමඟ එක්ව එකට පෙළ ගැසෙන්නට තරම් පාවා දෙන්නා නිර්ලජ්ජිත වුණා.
ඔහු නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙසින් හැඳින්වුව ද ඉතිහාසයෙහි සටහන්වනු ඇත්තේ මහා නිර්ලජ්ජිත අපේක්ෂකයා ලෙසිනුයි.
“මම කියාපු දේවල් වැරදි විදියට පත්තරේ තිබුණෙ”
මහා පාවාදෙන්නා එවැනි ප්‍රකාශයක් කෙළේ ඔහුගේ පාවාදීමේ ප්‍රකාශයත් සමඟ රටපුරා විරෝධයක් මතුවෙන්නට පටන් ගත් නිසායි...
“ජෙනරාල් කී දේ මම ඒ විදියෙන් ම සටහන් කළා මිසක කිසිම වෙනසක් කෙළේ නැහැ.”
පාවාදීමේ සටහන ලියූ මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජෑන්ස් ඉංගිරිසියෙන් පමණක් නොව සිංහලෙන් ද කිව්වා.
මේ මහා පාවාදීමත් සමඟ ම අන්තර්ජාතික බලවේග අලුතින් ප්‍රාණවත් ව ශ්‍රී ලංකාවට එරෙහිව නැඟී සිටින්නට පටන් ගත්තා.
යුද හමුදාවේ කීර්ති නාමය විනාශ කොට තම හිතවත් කොටි ත්‍රස්තවාදීන් වනසා දමා ත්‍රස්තවාදය රටින් තුරන් කළ සේනාධිනායකයා ඇතුළු අපේ යුද වීරයන් අමනුෂ්‍යයන් සේ හංවඩු ගසා අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයට දක්කාගෙන ගොස් දඬුවම් ලබාදෙන්නටත් ශ්‍රී ලංකාව මානව හිමිකම් කිසිවක් නැති අමානුෂික දේශයක් වශයෙන් ලේබල් ගසා කොන් කිරීමටත් ඒ හරහා තමන්ට නැටවිය හැකි රූකඩ පාලනයක් ඇති කරගන්නටත් මේ අන්තර්ජාතික බලවේග විවෘත ව ක්‍රියා කරන්නට පටන් ගත්තා.
ජනාධිපතිවරණය ත්‍රස්තවාදයට එරෙහි වූ බලවේග සහ ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් දේශීය සහ අන්තර්ජාතික බලවේග අතර පවතින සටහනක් බවට පත්ව තිබෙනවා.
“සුදු කොඩි ඔසවා ගෙන භාරවීමට පැමිණි කොටි නායකයින්ට වෙඩි තබන ලෙස ගෝඨාභය රාජපක්ෂ නියෝග කිරීමත් ඒ අනුව බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා ප්‍රමුඛ රණවිරුවන් විසින් ඔවුන් විනාශ කිරීමත් පිළිබඳ පාවාදෙන්නාගේ ප්‍රකාශ පිළිබඳව වාර්තාවක් සපයන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙනවා.
මෙවැනි ලිපියක් එවන්නටත් එමගින් ශ්‍රී ලංකාවේ අභිමානය සහ ස්වාධිපත්‍යය විනාශ කොට තමන්ගේ යටත් සහ රූකඩ ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමටත් අන්තර් ජාතික බලවේග බලා සිටියේ බොහෝ කලක සිට ප්‍රභාකරන් හරහා ඒ තත්ත්වය ලබාගැනීමට නොහැකිවූ නිසා පාවාදීමේ පළමු මෙහෙයුමෙන් පසු ස්වකීය දෙවැනි මෙහෙයුම පටන් ගන්නට මේ කුමන්ත්‍රණකාරී පිරිස් දැන් ඉදිරියට පැමිණ තිබෙනවා.
එහෙත් මහා පාවා දෙන්නා දෙවැනි වරට කළ ප්‍රකාශය එනම් “මම කිව් දේ නෙමෙයි ලියලා තියෙන්නේ” යන්න ලොකු ප්‍රශ්නයක් වශයෙන් කුමන්ත්‍රණ කාරයින් ගණන් නොගත් නමුත් පාවා දෙන්නා ලවාම මහා පාවාදීම යළි ස්ථාපිත කරන්නට කුමන්ත්‍රණකාරයන් පියවර ගත්තා. එය හඳුන්වන්නේ මහා පාවාදීමේ දෙවැනි මෙහෙයුම නමින්.
 

sampathdishan

Member
Jan 6, 2009
146
6
0
මහා පාවාදීමේ දෙවැනි මෙහෙයුම



“ගෝඨාභය රාජපක්ෂ සුදු කොඩි ඔසවාගෙන භාරවීමට පැමිණි අයට වෙඩි තබන්නැයි කිව්වා නම් ඔහු ආරක්ෂා කරන්නට මම ඉදිරිපත් වෙන්නේ නැහැ”
කිසි විටෙකත් යුද හමුදාවේ කිසිවකු විසින් හෝ සුදු කොඩි ඔසවාගෙන පැමිණි අයට වෙඩි තබන්නට නියෝග කෙළේ නැතැයි ඔහු කියන්නේ නැහැ. යුද හමුදාවට ආදරය ඇති... රටට ආදරය ඇති කෙනෙකුගෙන් එවැනි වචන පෙළක් පිටවිය හැකි නමුත් මහා පාවාදෙන්නකුගේ මුවින් නම් පෙළක් නොව එවැනි එක් වචනයක්වත් පිටවන්නේ නැහැ.
මහා පාවා දෙන්නා දෙවැනි වරටත් කරන ලද පාවාදීමෙන් එනම් මහා පාවාදීමේ දෙවැනි මෙහෙයුමෙන් කිසිදු චකිතයකින් තොරව යුද අපරාධ චෝදනා එල්ල කරන්නටත් ඒ ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ, ශවේන්ද්‍ර සිල්වා සහ 58 වැනි සේනාංකය යුද අධිකරණයට දක්කන්නටත් කුමන්ත්‍රණකාරයින්ට හැකියාව ලැබී තිබෙනවා.
අන්තර්ජාතික දුෂ්ට බලවේගත් ඔවුන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයනුත් මේ ජනාධිපතිවරණය මහා පාවාදීමේ දෙවැනි මෙහෙයුම වශයෙන් භාවිත කිරීම අරඹා ඇති ආකාරය හරිම පැහැදිලි එකක්.
මේ මෙහෙයුමේ බිම් බෝම්බ, ජොනී බට්ටන්, රොකට් වෙඩි, මෝටර් නැහැ. ඒත් ඊටත් වඩා භයානක අවි ආයුධ ඔවුන් පාවිච්චි කරන්නට පටන් අරගෙන.
ඒ බොරු සහ කට කතා... එක දිගට බොරු කියනවා.... එක දිගට කට කතා පතුරුවනවා... කට කතා පතුරුවන්නන් මිනිස් බෝම්බ වගේමයි. ජනතාව අතර සිට කටකතා පතුරුවන්නට ඔවුන් පුහුණුව ලබා තිබෙනවා... කටකතා බලකායක් පිළිබඳව පළමු වරට අප දැනගත්තේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ගරිල්ලා මාකටිං’ සිනමා පටයෙන්. මේ කටකතා කරුවන්ට හොඳට ගෙවනවා... ඔබට බස් රියකදී දුම්රිය පොළේදී එහෙමත් නැත්නම් ත්‍රීරෝද රියකදී බාබර් සාප්පුවකදී මේ කටකතා කරුවන් මුණ ගැහෙන්න ඉඩ තිබෙනවා.
මේ වනවිට කටකතා බලකාය රට පුරා ම විසිරී තමන්ගේ කාර්යය ඉටු කරමින් සිටිනවා.
“ප්‍රවේශම් වන්න.... බෝම්බයට අනුකම්පාවක් නැත”
එසේ ම කටකතා බෝම්බ වලට ද අනුකම්පාවක් නැහැ.
“විමසිලිමත් වන්න. ඔබ ළඟම බෝම්බයක් තිබිය හැක.”
එසේ ම ඔබ අසළම කටකතා බෝම්බයක් සිටිනවා විය යුතු ය.
කෙසේ වුව ද මානුෂික මෙහෙයුම විජයග්‍රහණය කළාක් මෙන් මේ පාවාදීම ද පාවාදීමේ දෙවැනි මෙහෙයුම ද පරාජය කිරීම ශ්‍රී ලංකාවාසීන්ගේ ඓතිහාසික වගකීම බවට පත්වී තිබෙනවා.
පාවා දෙන්නන්ට පරාජය ! මව් බිමට විජයග්‍රහණය!!

"කසුරි"
 
Last edited:
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
:eek:

ඒ බොරු සහ කට කතා...
එක දිගට බොරු කියනවා....


Kiya SFta chodana kalath

කිසි විටෙකත් යුද හමුදාවේ කිසිවකු විසින් හෝ සුදු කොඩි ඔසවාගෙන පැමිණි අයට වෙඩි තබන්නට නියෝග කෙළේ නැතැයි ඔහු කියන්නේ නැහැ. යුද හමුදාවට ආදරය ඇති... රටට ආදරය ඇති කෙනෙකුගෙන් එවැනි එක් බොරුවක්වත් පිටවන්නේ නැහැ.

Gota ehema niyogayak kala nam
eya beraganna thiyana sadharana hethuwa mokakda?
Neethi wirodhie
niyoga dena miniha neda "Maha Pawa Denna"?
Rata amaruwe dala thiyenne eya neda?

:)



 
Last edited:

coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana
:eek:

ඒ බොරු සහ කට කතා...
එක දිගට බොරු කියනවා....


Kiya SFta chodana kalath

කිසි විටෙකත් යුද හමුදාවේ කිසිවකු විසින් හෝ සුදු කොඩි ඔසවාගෙන පැමිණි අයට වෙඩි තබන්නට නියෝග කෙළේ නැතැයි ඔහු කියන්නේ නැහැ. යුද හමුදාවට ආදරය ඇති... රටට ආදරය ඇති කෙනෙකුගෙන් එවැනි එක් බොරුවක්වත් පිටවන්නේ නැහැ.

Gota ehema niyogayak kala nam
eya beraganna thiyana sadharana hethuwa mokakda?
Neethi wirodhie
niyoga dena miniha neda "Maha Pawa Denna"?
Rata amaruwe dala thiyenne eya neda?
:)




ane ube kata , yako uda rahas owa........... :frown::frown:
 

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    :eek:

    ඒ බොරු සහ කට කතා...
    එක දිගට බොරු කියනවා....


    Kiya SFta chodana kalath

    කිසි විටෙකත් යුද හමුදාවේ කිසිවකු විසින් හෝ සුදු කොඩි ඔසවාගෙන පැමිණි අයට වෙඩි තබන්නට නියෝග කෙළේ නැතැයි ඔහු කියන්නේ නැහැ. යුද හමුදාවට ආදරය ඇති... රටට ආදරය ඇති කෙනෙකුගෙන් එවැනි එක් බොරුවක්වත් පිටවන්නේ නැහැ.

    Gota ehema niyogayak kala nam
    eya beraganna thiyana sadharana hethuwa mokakda?
    Neethi wirodhie
    niyoga dena miniha neda "Maha Pawa Denna"?
    Rata amaruwe dala thiyenne eya neda?

    :)





    oya therila tiyenne ageta :lol: :lol: :lol:
    එල එල අන්කල් ඔහොම යන් :rofl:
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    dan oya kivvai kiyana kathava desha drohi ( i dunno he said t or not)I prakashayak kiyanne... un ehema karapu nisane.... sudu kodi aran ena evunta vedi thiyana eka hari d .. varadi d..
    ubama hithala balapan ethana samahara vita ahinsaka minissuth inna athiii... uba hari ube amma hari nadayek hari hitiyanam eth vedi thiyanavane ban.... uba eka gana mokak d kiyanne...
    vedi thiyanna onnam vedi thiyanna one... unava allagena eta passei... enakoitama vedi thiyanavai kiyana eka maha jara vadak ne ban...

    dan rajayata kiyanna thibbane.... thman ohoma prakashayak kale naha kiyala...
    eka ehema nokiya SF ta drohiya kiyapu nisane ban dan katiya e gana ahanne...
    SF ta drohiya kiyala eka varadunahama... dan kagahanava...

     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    ethana hitiye LTTE evun venna puluvan eth un attama LTTE ekata giye... unge kamatten d... ? ekata mata uttra deepan.... uba kiyanne mokek hari ekek ltte kalayak hitiyanam uta vedi thiyanna one... ehenan mokada ban pilleyan n karunata venama neethiyak un dennavath maranna epai.... umbala vage evun nisaa tnni ban jathi vadi aragala athi venne.... uba poddak hithata ekagava hithala balapan... ahinsakayek va marana eka kochchara asadarana d... ap eda 1948 valadi nidahasa gatte tamil evun ekka ekathu velaaa.... nathuva unava pagala dala nemei...
    mm LTTE nayakayanva maruvata monavath kiyan naha..... un thmi ahinsakayanva evata gava gatte.... sudu kodi aran ena evun athare ltte nayakayo inna puluvan .. ehemanam un bara unata passe thmiii maranna one... ahinsaka minissu 100k atahre eka varadi karayek hitiyanam okkomava marana eka hari d? poddak hithata ekagava hithapan...


    mata kiyanna one anith deya thmii SF mehema deyak kivve naha kiyaddi.... SF ta drohiya kivvahama ban.... UN eken avilla prashna karana eka ahanna deyak d...
    Rajaya SF va pavadenna gihilla un kelinma eka pili aragenane.
    ..
    niyama drohiya kauda...?
    obama theeranaya karanna....
     

    coolharrindra

    Member
    Apr 24, 2009
    190
    36
    0
    35
    Negombo - Katana
    ethana hitiye LTTE evun venna puluvan eth un attama LTTE ekata giye... unge kamatten d... ? ekata mata uttra deepan.... uba kiyanne mokek hari ekek ltte kalayak hitiyanam uta vedi thiyanna one... ehenan mokada ban pilleyan n karunata venama neethiyak un dennavath maranna epai.... umbala vage evun nisaa tnni ban jathi vadi aragala athi venne.... uba poddak hithata ekagava hithala balapan... ahinsakayek va marana eka kochchara asadarana d... ap eda 1948 valadi nidahasa gatte tamil evun ekka ekathu velaaa.... nathuva unava pagala dala nemei...
    mm LTTE nayakayanva maruvata monavath kiyan naha..... un thmi ahinsakayanva evata gava gatte.... sudu kodi aran ena evun athare ltte nayakayo inna puluvan .. ehemanam un bara unata passe thmiii maranna one... ahinsaka minissu 100k atahre eka varadi karayek hitiyanam okkomava marana eka hari d? poddak hithata ekagava hithapan...


    mata kiyanna one anith deya thmii SF mehema deyak kivve naha kiyaddi.... SF ta drohiya kivvahama ban.... UN eken avilla prashna karana eka ahanna deyak d...
    Rajaya SF va pavadenna gihilla un kelinma eka pili aragenane.
    ..
    niyama drohiya kauda...?
    obama theeranaya karanna....


    mee inne mun gonkame upatha................

    :frown::frown::frown::frown::frown:
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    e kiyanne ahinsaka evun marunata kamak naha kiyalkane .. un maruvanam apith maranna one.. hari ne... onna MR lage evunge theory eka....

    ma warning eka hamotami.. parissamen jeevath veyalla.... oya yasa ageta balala mallen panne... ubalama kiyanava SF dinnama hamuda neethiya hadai lu... dan balapan ko kauda hamuda neethiya karanne...
    janamadya vedeenta nidahasak naha .. kaa gahuvvoth maruvaaa
    kohomath danatama e tika mervin lokka karanavane.....


    machooo onna theory eka ahinsaka minissu maruvata aulka naha meeta passe one ekkeva marathakiiiii

    e kiyanne okkoma issella maruna sinhala ayath marala thiyenne MR d... :shocked:

    onna vada