මේ ලිපියෙන් නොකියවෙන කරුණු කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නම්,
ජෙසුස් වහන්සේගේ අන්තිම රාත්රී භෝජනයේ සිට ඉදිරියට සිදු වුන සිද්ධි හරිම සානුකම්පිතයි. අන්තිමරාත්රී භෝජනයට කලින් ජේසු ගෝලයෝ 12 දෙනාගේ පාද දෝවනය කරනවා. එදා ජුදා සමාජය තුළ උසස් කුලයේ යැයි සම්මත නිවෙස් වල නිවසට පැමිණෙන ආරාධිතයන්ගේ පාවහන් ගලවලා පාද දෝවනය කරන්න වෙනම පුද්ගලයෙක් සිටියා වගේම ඔහුට සමාජයේ හිමිවුනේ පහත්ම තැනක්. තමන්ගේ නායකයා මෙවැනි ක්රියාවක් කිරීම ගැන ගෝලයෝ වික්ෂිප්ත වෙනවා වගේම පේදුරු කියන ජෙසුගේ ලගින්ම හිටිය ගෝලය තමන්ගේ පාද දෝවනය කිරීමට ඉඩ දෙන්නෙත් නැහැ. ඒ වෙලාවේ ජෙසු කියනවා "මේ දේට උබ ඉඩ නුදුන්නොත් ඔබ මගේ යාලුවෙක් නොවෙයි කියලා". එදා සමාජයේ තිබුණ මෙවැනි සිරිත් විරිත් දැඩිව පිළිකුල් කලා වගේම නායකයාද සේවකයෙක් විය යුතු බවයි මේ ක්රියාවෙන් ඔප්පු කලේ.
කොහොම වුනත් මේ අවස්ථාවේදී පේදුරු තමන්ගේ පාද දෝවනයට ඉඩ දෙන්නේ පාද දෝවනයට ඉඩ නොදුන්නොත් ඔබ මාගේ ගෝලයෙක් නොවෙයි කියන වචනය නිසයි. ඒ වගේම පේදුරු කියනව ස්වාමිනි මාගේ පාද පමණක් නොවෙයි මුලු ගතම දෝවනය කරන්න කියා. ඒ දැඩි මිත්රශ්රීලි භාවය නිසයි. ඒ මොහොතේම ජෙසු කියනවා "තව ස්වල්ප වේලාවකින් තමන් වහන්සේව පිළාත් ගේ හේවායන්ට පාවා දෙන බවත් ඒ පාවා දෙන්නා මෙම ස්ථනයේම සිටින බවත්". මේ අවස්ථාවේදී පේදුරු දැඩිව කම්පා වෙනවා, ව වගේම අහනවා ස්වාමිනි ඒ මමද කියා. එවිට ජේසුස් වහන්සේ කියනවා "පේදුරු ඔබ ගල් පර්වතයක් හා සමානයි. කෙදිනක හෝ මාගේ නාමයෙන් බිහිවන කතෝලික සභාව ගොඩ නැගෙන්නේ ඔබ මත්තේමයි නමුත්, හෙට හිරු නැගෙන්නට මත්තෙන්, කුකුළා හඩලන්නටත් කලියෙන් ඔබ මා 03න් වරක් ප්රතික්ෂේප කරනවා කියලා". ඒ වචන ඇසීමෙන් පේදුරු වික්ෂිප්ත වෙනවා.
පැය කිහිපයකට පසුව මේ දේවල් ඇත්ත වෙනවා. අන්තිම රාත්රී භොජනයේදීත් ජේසු සමගින් එකට හිටපු ජුදාස් කියන ගෝලයා විසින් ජේසුව පිලාත් කියන එවකට රජකම් කරපු රජ්ජුරුවන්ගේ හේවායන්ට පාවා දෙනවා වගේම ගෝලයෝ බියෙන් තැති ගන්නවා. ගෝලයෝ එකින් එකා ජේසුව අතහැර ගියත් පේදුරු ජේසුව මරණ දඩුවම ලබාදෙන මන්ත්රණ ශාලාව (උසාවියක්) දක්වාම නොබියව ගමන් කරනවා. නමුත් අවසාන මොහොතේදී හේවායින් සහ තවත් අයෙක් තුන් වතාවකදීම පේදුරුගෙන් අහනවා "නුඹ්ත් අර මනුස්සයාගේ ගෝලයෙක් නේද?" කියලා. කොච්චර ලගින් හිටියත් පේදුරුට කියවෙනව "නැහැ මා ඔහුව හදුනන්නේ නැහැ" කියලා. මෙහෙම කියන තුන් වෙනි මොහෝතේදී ජෙසුව කුරුසියේ ඇණ ගසන්න තීන්දුව ලැබිල කුරුසිපත් කරන රැගෙන යාමට ඒ අසලින් රැගෙන යනවා. ඒ වෙලාවේදී ජේසුගේ මුහුණ දකින පේදුරුට මතක් වෙන්නේ කලින් දවසේ අන්තිම රාත්රි භොජනය වෙලාවේදී කියපු වචනයි.
කොහොම වුනත් ජේසුව කුරුසිපත් කරලා 3න් වෙනි දවසේ සිදුවෙච්ච උස්ථානයත් එක්ක ගොඩනැගෙන කතෝලික සභාවේ මුල් ගල වෙන්නෙත්, මුල්ම පාප් තුමන් වෙන්නෙත් පේදුරු කියන ගෝලයායි. එවකට තිබුණ කතෝලිකයන් මරාදැමීමේ ක්රියාදාමයක් හමුවේ පේදුරු තුමාව කුරුසිපත් කරද්දී එතුමා ඉල්ලපු එකම ඉල්ලීම වුනේ තමන් කුරුසිපත් කරද්දී තමන්ගේ හිස පහතට තිබෙන ආකාරයට එය සිදු කරන ලෙසයි.