මහා විජයබාහු රජතුමා
මහා විජයබාහු රජතුමා - පොළොන්නරුව රාජධානිය
අද කතාකරන්න යන්නෙ නියත වශයෙන් පොළොන්නරු රාජධානිය ආරම්භ කළ විජයබාහු රජතුමා ගැන.එහෙනම් වැඩේ පටන් ගමු.
ක්‍රි.ව.1055 සිට 1208 දක්වා අවුරුදු එකසිය පනස් පහක් පමණ වූ පොළොන්නරු යුගය ආරම්භ කළේ කීර්ති කුමාරයා මහා විජයබාහු නමින් රජවීමෙන් පසුවය. ලංකාවේ අවුරුදු හැක්කෑවක් තිබූ චෝල ආධිපත්‍ය අවසන් කළේ මේ රජතුමාය. අවුරුදු දහහතේදී පමණ රජ වූ මොහු පළමුවන විජයබාහු නමින්ද ඉතිහාසයේ හැඳින්වෙන අතර අවුරුදු පනස් පහක්ම රජකම දරා ඇති රජ කෙනෙකි.
කවුද මේ විජයබාහු?බෝධි කුමාරයාට දාව බුද්ධා කුමරියට උපන් ලෝකිනාථා හා මුගලන් යුවළගේ දරුවන් හතරදෙනා කීර්ති,මිහිදු,රක්ඛිත පුතුන් හා මිත්‍රා නමි දුවය. මේ දරුවන් හතරදෙනාගේන් කීර්ති කුමාරයා තමයි පොළොන්නරු යුගය ආරම්භ කළ විජයබාහු නමින් පසුව කිරුළ පැළැන්දුවේය. විජයබාහු,ජගතිපාලගේ දුව වූ ලීලාවතී හා කාලිංග කුමරියක් වූ තිලෝගකසුන්දරී යන දෙදෙනා බිසෝවරුන් වශයෙන් තබාගෙන සිටියේය. ලීලාවතී බිසවගේ ලත් දරුවන් වූයේ සුබද්‍රා,සුමිත්‍රා ලෝකනාථා,රූපාවතී යන දූවරුන් සතරදෙනාය සහ වික්‍රමබාහු කුමාරයාය තිලෝකසුන්දරීගෙන් ලත් දුව රත්නාවලී කුමරියයි. රත්නාවලී කුමරියගේ සවාමිපුරෂයා වූයේ මනාභරණයි.
රත්නාවලී සහ මනාභරණ යුවළගේ දරුවන් වූයේ මිත්‍රා හා ප්‍රබාවතී දූවරුන් දෙදෙනා හා සැළලිහිණි සංදේශය කරන පරිදි කැලණියේ විභීෂණ දෙවියන්ට භරයක් වී ලබාගත් බව කියන මහා පරාක්‍රමබාහු රජුය. නෑකම් අතින් බලන විට මහා විජයබාහුගේ මුණුබුරෙකු වූයේ මහා පරාක්‍රමබාහුය. මේ දෙදෙනාම පොළොන්නරු යුගය ඔප කළ ලංකාවේ පහළ වූ ශ්‍රේෂ්ඨතම රජවරුන් දෙදෙනාය.
පොළොන්නරු යුගයෙන් අඩකට වඩා රජකම දරා ඇත්තේ මේ සීයා සහ මුණුබුරාය එනම් විජයබාහු අවුරුදු පනස් පහක් හා පරාක්‍රමබාහු අවුරුදු තිස්තුනක් වශයෙනි එදා රුහුණෙහි දෙමළ බලය වනසා රට එක්සේසත් කළේද මේ විජයබාහු රජුය. ශාසනවංශ නම් පොතට අනුව බුද්ධාගමේ පුනර්ජීවනයක් ඇති කරවාලිමේ අරමුණින් බුරුම රටේ අනුරුද්ධ නම් රජු සමයෙහි උපසම්පදාව ආරම්භ කිරීම සඳහා උගත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙරටට ගෙන්වාගෙන ඇත.
අද පොළොන්නරුව නගරයෙහි පුරාණ නටබුන් අතර ඇති දළදා මළුවෙහි අටදාගය දළදාව සඳහා ගොඩනගා ඇත්තේ මේ රජතුමාය. මෙරට සිටි උගත් තරුණයන් පවෘජ්යා භූමියට ඇතුළත්වීමට පෙලඹවීම සඳහා ද කටයුතු කරන ලදී. රජතුමා විහාර,පන්සල් ඉදිකර බෞද්ධාගමේ දියුණුවට අවශ්‍ය කටයුතු සිදු කළේය. ශ්‍රී පාදයට යන මර්ගය සකස් කොට දී වන්නාවෙහි යන බැතිමතුන්ට බත සැපයීමට ගිලීමලේ වෙල් යායක් නින්දගමක් වශයෙන් පූජා කළේය. සොලී ආක්‍රමණයන් නිසා විනාශ වූ වෙහෙර විහාර රාශියක් නැවත ප්‍රතිසංස්කරණය කළේද මේ රජතුමාය.
රන්න අසල පිහිටි දප්පුල රජතුමා ඉදිකළ කහගල් විහාරය පුනරුත්ථාපනය කළේද මෙම රජතුමාය. වලවේ ගගින් බටහිර වූ දොළොස් දහස් රට ප්‍රදේශය දියුණු කර එහි මහානාගහුල නම් ස්ථානය සිය අගනුවර කර ගත්තේය. මෙම ප්‍රදේශය පරාණවිතාන ශූරීන් හදුනාගෙන ඇත්තේ නූතන අම්බලන්තොටින් හැතැම්ම අටක් පමණ වූ රම්බා විහාරය පිහිටි ප්‍රදේශ වශයෙනි. මෙහි සිට විජයබාහු රජතුමා තමාගේ චෝල ආක්‍රමණය දියත් කළේය. පසුව මහා පරාක්‍රමබාහු රජතුමාද එම ප්‍රදේශය තෝරාගත්තේය.
ගජබා රජුද ඔහුගේ මාමා සමඟ සිය තරුණ කාලය ගතකළේ මෙපෙදසය. ක්‍රි.ව.1070 දී රජතුමා මඩගල්ලේහි තිබූ චෝල කඳවුරු විනාශ කළේය. පසුව ඔහු මන්ඩවාපංක නම් වැව ප්‍රතිසංස්කරණය කර,සිරිමන්ඩල ගම සංඝයා විෂයෙහි පූජා කළේය. මෙම ප්‍රදේශ කොඩරිංටන් විසින් හදුනාගෙන ඇත්තේ පොලපිතිගම මීඔයට දකුණින් හැතැම්ම දෙකක් පමණ ඔබ්බෙහ් පිහිටි මහමඩගල වශයෙන්ය. රජතුමා ශ්‍රී පාදයට යාමට මාර්ග තුනක් වැඩි දියුණු කළේය.
ඒවා නම් ගිලීමලේ හරහා රත්නපුරයෙන් පැමිණෙන මාර්ගය,රාරත්ත මාර්ගය නම් වූ කෙහෙල්ගමු මාර්ගය,ඌව සිට පැමිණිය හැකි මාර්ගයයි. රජතුමා ශ්‍රී පාදය වන්දනාවට වෙනම ප්‍රදේශයක්ද පූජාකොට ඇත. රජතුමා අනුරාධපුරයෙහිද මාලිගයක් ඉදිකළ මුත් එහි වාසය කළේ මාස කීපයකි. රජතුමාගේ නිජබිම වූ එදා රුහුණට අයත්ව තිබූ අද ඌවට අයත් මොණරාගල මුප්පනේ ප්රදේශයයි සිය දෙමාපියන් වූ මුගලන් හා ලෝකිනාථ මුප්පනේ පදිංචිව සිටියෝය. මහාවංශය සඳහන් කරන පරිදි සිය දෙමාපියන් වෙනුවෙන් රජතුමා සංඝවාස පහක් මේ ප්‍රදේශයේ ඉදිකර සංඝයා විෂයෙහි පූජාකොට ඇත. රටේ ආර්ථික දියුණුව සඳහා ගොවිතැන් කිරීමට අවශ්‍ය වැව් අම්ණුද ඉදිකරවන ලදී.
රජතුමා උගතෙක් විය. පාළි පොත් සිංහල භාෂාවට හරවා ලිවීමේ දැනීම වැඩිකර ගැනීමට සිය ජනතාවට උදව් කළේය. රජතුමා කවියකු ද වූ බැවින් කාව්‍යකරණයෙහි උනන්දුව කිරීමට කවියන්ට ගම්බිම් ආදාර තෑගි වශයෙන් ලබා දුන්නේය. රජතුමාගේ දහතුන් වන රාජ්‍ය වර්ෂයේදී වේලක්කාර හමුදාවක් සමඟ සටන් වැදුණු බව එච්.සී.පී. බෙල් ඔහුගේ කෑගලු පුරාවෘත පොතෙහි සඳහන් කරයි. මෙම සටනේදී රජතුමාගේ සහෝදරිය හා ඇගේ දරුවන් තිදෙනාද පැහැරගෙන ගිය බව සඳහන්ය. එම සටනේදී රජුගේ මාලිගාවක්ද ගිනිතබා ඇත.
මෙම සිද්ධිය ආරංචි වූ විගස එවකට අනුරාධපුරයෙහි සිටි රජතුමාද ඔහුගේ සහෝදර වීරබාහු සමඟ විත් සටන් කොට සතුරන් එම ප්‍රදේශයෙන් පලවා හැරියේය. මෙම සටන් පැවති අවස්ථාවෙහි රජතුමා ඔහුගේ වස්තුව වාගිරිගල මුදුනේ නිධන් කළ බව වට්ටාරම අස්නෙහි සඳහන්ය. එසේ සිය ධනය නිධන් කරන ලද්දේ පසු අවස්ථාවක එම ධනය යොදවා ප්‍රදේශය දියුණු කිරීමේ බලාපොරොත්තුවෙනි. රජතුමා පොළොන්නරුවේදී අභිෂේක ලැබුවේ සිරිසඟබෝ විජයබාහු නමිනි.
ඔහු සිය සොහොයුරන් දෙදෙනාට යුව රජ පදවිය හා ආදාපාද පදවිය පිරිනැමීය. වැඩිමහල් සොහොයුරා යුවරජ පදවිය සමඟ දකුණෙහි පාලනය භාරව සිටි අතර බාල සොහොයුරාට ආදිපාද පදවිය හා රුහුණු ප්‍රදේශ පාලනයද භාරවිය. රජතුමාගෙන් පසුව රජ වූ ඔහුගේ පුත් දෙවන වික්‍රමබාහු සමයෙහි මෙරට කොටස් තුනකට බෙදා වෙන්ව පාලනය ගෙන ගිය බව පෙනී යයි. රන්න අසල පිහිටි දප්පුල රජතුමා ඉදිකළ කහගල් විහාරය පුනරුත්ථාපනය කළේ රජතුමාය.