ක්‍රිස්තුවර්ශ 1039 දී රුහුණේ උපන් , 1055දී රෝහණය පාලණය කර, වසර 17ක් සටන් කොට ආක්‍රමණිකයන් පලවාහැර 1070 සිට 1110 තෙක් උතුරත් මුලු දඹදිව් තලයට අයත් සම්පූර්ණ රටත් පාලනය කල පළමුවන විජබාහු රජුගේ පනාකඩුව තඹ සන්නස අපගේ රටද දඹදිවට අයිති බවට ප්‍රභල සාධක සපයයි.පත්තිරු තුනකින් සමන්විත මෙම තඹ සන්නස හමුවන්නෙ මාතරනි. ලොව පැරණිම ස්තූතියි පත්‍රය ලෙස මෙය සැලකෙයි.
1) ස්වස්ති, සිරි සිරිවන් අපරියත් ලො ඉකුත් ගුණ මුළෙන් උතුරත් මුළු දම්බදිව්හි අන් තැත් කු -
2) ල පාමිලි කළ ඔකාවස් රජ පරපුරෙන් බට කැත් උසබනට අග මෙහෙසුන් වූ ලග්දිව් පො -
3) ළො යොහෙන පරපුරෙන් හිමි සිරිසඟබෝ විජයබාහු රජ පා වහන්සේ තුමා සිය විත් - .....
ලෙස මෙහි ආරම්භය සටහන් කොට තිබෙන අතර එම රජතුමා පැවතෙන්නෙ දඹදිව උසස්ම රාජ වංශයක් වන ඔක්කාකවංශයෙන් බවත් සඳහන් වෙයි. මෙලෙස උසස් ඔක්කාක රාජවංශයක් ලෙස සඳහන් එකඳු අභිලේඛනයක් ඉන්දියාවේ හමු නොවේ.
සමහර පිරිස් මේ ඔක්කාක රාජවංශය පැවතෙන්නෙ ඉන්දියාවෙන් බවට භද්‍රකච්චායනාගේ පැමිණීම ආරම්භයක් ලෙස ගෙන කතා කිරීමට උත්සහ කලත් මේ වනවිට ඒ තර්කය පුස්සක් බවට පත්වන්නෙ භද්‍රකච්චායනාගේ ගමන ඉන්දියාවකින් පැමිණීමක් නොවන බවත් , පන්ඩුකාභය රජු අප රටේ ස්වදේශික රජෙක් බවට තොරතුරු ඉදිරිපත්වීමත් සමගයි


