මහා සද්දයක් එක්ක මිහින්තලේ නිවෙසක පොළොව &#3465

Wild Cat

Member
Mar 24, 2016
796
214
0
Sri Lanka
මහා සද්දයක් එක්ක මිහින්තලේ නිවෙසක පොළොව &#3465

මිහින්තලේ ඒ නවය (9) මාර්ගයේ පුවරසන්කුලම පිහිටි නිවෙසක මැද සාලයට සවිකර තිබූ ටයිල් තට්ටුව හදිසියේ ඇති වූ ශබ්දයක් සමඟම කිහිප වරක්ම උස් පහත් වී යනු තමන් දුටු බව එම නිවෙසේ පදිංචි එම්.ඒ. තනුජා කුමාරි මහත්මිය පැවැසුවාය.

ඉකුත් 28දා සවස 5.45ත් 6ත් අතර කාලයේදී මේ අපූරු සිද්ධිය දුටු බව පැවැසූ ඇය සඳහන් කෙළේ ඒ අවස්ථාවේදී වැස්ස සමඟ අහසේ අකුණක්ද පිපිරී කිහිපවරක්ම ගිගුරුම් හඬ ඇසුණු බවයි.

මේ සාලයේ අඩි 2ක් පළල ටයිල් වර්ග අඩි 300ක ප්‍රමාණයක සවිකර තිබූ බවත් එම තට්ටුව විනාඩි දෙකක් වැනි කෙටි කාලයක් උඩට එසවී ගිය බවත් ඒ මතට පය තබන විට ඒවා ගැලවෙන බවත් තනුජා කුමාරි මහත්මිය කියා සිටියාය.

පසුව මේ ගැන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනි ශ්‍රියාලතා රත්නායක මහත්මියට තමන් විසින් දැනුම් දුන් බවද ඕ සඳහන් කළාය.

මේ අනුව ඊයේ (29දා) උදේ එම නිවෙසට පැමිණි ග්‍රාම නිලධාරිනිය එය පරීක්ෂා කර බලා මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතාට දැන්වීමට පියවර ගෙන තිබිණි.

මේ සිද්ධිය දැනගත් විගස එම නිවෙසට ගිය ප්‍රාදේශීය ලේකම්වරයා උඩට ඉස්සී ඇති ටයිල් තට්ටුව පරීක්ෂා කර ඒ මොහොතේදීම පතල් හා භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවට සිද්ධිය දැනුම් දෙමින් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටියේය.

මෙහි සුවිශේෂත්වය වන්නේ ප්‍රදේශයේ සෙසු නිවාසවලින් මෙවැනි සිද්ධියක් වාර්තා නොවීමය.
මේ සිද්ධිය දැක බලා ගැනීමට බොහෝදෙනකු පැමිණීම නිසා නිවෙසේ ටයිල් තට්ටුව මතට කිසිවකුට පය නොතබන ලෙසත් භූ විද්‍යා නිලධාරීන් පරීක්ෂණ අවසන් කරන තෙක් ආරක්ෂා කරන ලෙසත් ප්‍රාදේශීය ලේකම් දන්වා ඇත.

මිහින්තලේ – ර.මු.සු. රත්නායක
මව්බිම

http://www.gossipking.lk/2016/03/30/12146/
 
Last edited:
  • Like
Reactions: Dishta Didin

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆෝක්ස් මෝල්ඩර්ටයි,ඩේනා ස්කලිටයි එන්න කියපන්.
    එක්ස් ෆයිල්ස් සීන් එකක් වගේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටයිල් තට්ටුව විතරයි නම් මොන කෙහෙම්මලකටද මේ ඇල වෙච්ච ගේක ෆොටෝ එකක් දාල තියෙන්නෙ :angry: :angry:
    දාන්න ෆොටෝ නැත්තං ප්‍රවෘතිය විතරක් දාපං බං නොමඟ යන ආකාරයේ බොරු ෆොටෝස් දාන්නැතුව :frown: :frown:
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    ටයිල් තට්ටුව විතරයි නම් මොන කෙහෙම්මලකටද මේ ඇල වෙච්ච ගේක ෆොටෝ එකක් දාල තියෙන්නෙ :angry: :angry:
    දාන්න ෆොටෝ නැත්තං ප්‍රවෘතිය විතරක් දාපං බං නොමඟ යන ආකාරයේ බොරු ෆොටෝස් දාන්නැතුව :frown: :frown:

    ow bn anika mewa gossip site walin gaththanam boru wenna athi. traffic ganna boru news danne godak.
     
    blue_in_rio

    Well-known member
  • ටයිල් තට්ටුව විතරයි නම් මොන කෙහෙම්මලකටද මේ ඇල වෙච්ච ගේක ෆොටෝ එකක් දාල තියෙන්නෙ :angry: :angry:
    දාන්න ෆොටෝ නැත්තං ප්‍රවෘතිය විතරක් දාපං බං නොමඟ යන ආකාරයේ බොරු ෆොටෝස් දාන්නැතුව :frown: :frown:

    Sirawata :oo::oo:
     
    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    ටයිල් තට්ටුව විතරයි නම් මොන කෙහෙම්මලකටද මේ ඇල වෙච්ච ගේක ෆොටෝ එකක් දාල තියෙන්නෙ :angry: :angry:
    දාන්න ෆොටෝ නැත්තං ප්‍රවෘතිය විතරක් දාපං බං නොමඟ යන ආකාරයේ බොරු ෆොටෝස් දාන්නැතුව :frown: :frown:

    news eke thibba eka ban dala thiyenne :P
    http://www.gossipking.lk/2016/03/30/12146/
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    මේ වගේ ඒව වෙනව රත් වෙනකොට. ටයිල් අතර ගැප් එකක් නැත්නම්, රත් වෙනකොට ටයිල් එක්ස්පෑන්ඩ් වෙන්න ඉඩ මදි නිසා ටයිල් එක උඩ යනව ගැලවිලා.