මහා සද්දයක් එක්ක මිහින්තලේ නිවෙසක පොළොව ඉ
මිහින්තලේ ඒ නවය (9) මාර්ගයේ පුවරසන්කුලම පිහිටි නිවෙසක මැද සාලයට සවිකර තිබූ ටයිල් තට්ටුව හදිසියේ ඇති වූ ශබ්දයක් සමඟම කිහිප වරක්ම උස් පහත් වී යනු තමන් දුටු බව එම නිවෙසේ පදිංචි එම්.ඒ. තනුජා කුමාරි මහත්මිය පැවැසුවාය.
ඉකුත් 28දා සවස 5.45ත් 6ත් අතර කාලයේදී මේ අපූරු සිද්ධිය දුටු බව පැවැසූ ඇය සඳහන් කෙළේ ඒ අවස්ථාවේදී වැස්ස සමඟ අහසේ අකුණක්ද පිපිරී කිහිපවරක්ම ගිගුරුම් හඬ ඇසුණු බවයි.
මේ සාලයේ අඩි 2ක් පළල ටයිල් වර්ග අඩි 300ක ප්‍රමාණයක සවිකර තිබූ බවත් එම තට්ටුව විනාඩි දෙකක් වැනි කෙටි කාලයක් උඩට එසවී ගිය බවත් ඒ මතට පය තබන විට ඒවා ගැලවෙන බවත් තනුජා කුමාරි මහත්මිය කියා සිටියාය.
පසුව මේ ගැන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනි ශ්‍රියාලතා රත්නායක මහත්මියට තමන් විසින් දැනුම් දුන් බවද ඕ සඳහන් කළාය.
මේ අනුව ඊයේ (29දා) උදේ එම නිවෙසට පැමිණි ග්‍රාම නිලධාරිනිය එය පරීක්ෂා කර බලා මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතාට දැන්වීමට පියවර ගෙන තිබිණි.
මේ සිද්ධිය දැනගත් විගස එම නිවෙසට ගිය ප්‍රාදේශීය ලේකම්වරයා උඩට ඉස්සී ඇති ටයිල් තට්ටුව පරීක්ෂා කර ඒ මොහොතේදීම පතල් හා භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවට සිද්ධිය දැනුම් දෙමින් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටියේය.
මෙහි සුවිශේෂත්වය වන්නේ ප්‍රදේශයේ සෙසු නිවාසවලින් මෙවැනි සිද්ධියක් වාර්තා නොවීමය.
මේ සිද්ධිය දැක බලා ගැනීමට බොහෝදෙනකු පැමිණීම නිසා නිවෙසේ ටයිල් තට්ටුව මතට කිසිවකුට පය නොතබන ලෙසත් භූ විද්‍යා නිලධාරීන් පරීක්ෂණ අවසන් කරන තෙක් ආරක්ෂා කරන ලෙසත් ප්‍රාදේශීය ලේකම් දන්වා ඇත.
මිහින්තලේ – ර.මු.සු. රත්නායක
මව්බිම
http://www.gossipking.lk/2016/03/30/12146/

Last edited: