මහින්දගෙන් කේ.පීට ෆෙඩරල් ආණ්ඩුවක්

Ruhulla

Member
Jan 7, 2011
13
3
0
මහින්දගෙන් කේ.පීට ෆෙඩරල් ආණ්ඩුවක්

ද්‍රවිඩ ජාතික සන්ධානය දැන් සැරසෙන්නේ උතුරේ පෙඩරල් පාලනයකට මග පාදා ගැනීමකට යෑයි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි පවසයි.

ද්‍රවිඩ ජාතික සන්ධානය සහ රජය අතර මේ දිනවල පැවැත්වෙන සාකච්ඡා පිළිබඳ අදහස්‌ දක්‌වමින් ඒ මහතා කියා සිටියේ උතුරට පොලිස්‌ බලතල ලබාගැනීමට ඔවුන් උත්සාහ කරන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට නොව පෙඩරල්වාදය හරහා යළි බෙදුම්වාදයට මාවතක්‌ ඉදිකර ගැනීමට බවයි.රජයත් දෙමළ ජාතික සන්ධානයත් අතර සාකච්ඡා නිශ්චිත කාලසීමාවක්‌ තුළ පවත්වා අවසන් කළයුතු බව තමා රජයට යෝජනා කරන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

සාකච්ඡා ආරම්භයේදී මාසයකට සාකච්ඡා වට දෙකක්‌ පැවැත්වීමට යෝජනා වූ නමුත් මාර්තු මාසය සඳහා පැවැත්වීමට නියමිතව තිබූ පළමු සාකච්ඡා වටය ද කල් ගොස්‌ ඇතැයි ඒ මහතා සඳහන් කළේය. මාර්තු මාසය සඳහා වූ පළමු සාකච්ඡා වටය ඉකුත් පළමුවැනිදා පැවැත්වීමට නියමිතව තිබිණි.

පළාත් පාලන මැතිවරණයට අදාළ රැස්‌වීම් පැවැත්වෙන නිසා මෙම සාකච්ඡාව එදින පැවැත්වීමට නොහැකි වූවා යෑයි රජය පවසන්නේ නම් ලබන 08 හෝ 09 යන දින දෙකෙන් එකක එම සාකච්ඡා පැවැත්විය හැකි බව තමා රජයට යෝජනා කරන බව ද සුමන්තිරන් මන්ත්‍රීවරයා කීවේය.

ලබන 08 සහ 09 යන දිනයන්හි පාර්ලිමේන්තුව පැවැත්වෙන බැවින් රජය වෙනුවෙන් ඊට සහභාගි වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත්, විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ සහ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන්ටත් එම දිනයන්හි මේ සඳහා කාලය වෙන්කර ගත හැකි බව තම අදහස බව ද මන්ත්‍රීවරයා පැවැසීය