මහින්දගේ අමුතු කොඩි ගලවනතුරු කැමරාකරු අත

monson

Well-known member
  • May 7, 2007
    25,782
    28,946
    113
    මහින්දගේ අමුතු කොඩි ගලවනතුරු කැමරාකරු අත

    මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ යටිනුවර ඡන්ද ප්‍රචාරක රැස්වීමකට දමා තිබූ අමුතු වර්ගයේ කොඩිවල ඡායාරූප ගන්නට ගිය මාධ්‍යවේදීනට හිටපු ජනපතිගේ ආරක්ෂකයන් බව කියන පිරිසකගේ අත් අඩංගුවට පත්වීමට සිදුවිය. හැඩි දැඩි ආරක්ෂකයෝ අපේ ඡායාරූප ශිල්පියාගේ උරහිස්වලින් වැරෙන් අල්ලා තදකරගෙන ආරක්ෂකයන් පිරිසක් සිටි තැනකට ඔහු රැගෙන ගොස් කැමරාව ඔවුන් භාරයට ගෙන එම කොඩි කනුවලින් ගලවන තෙක් ඔහු රඳවා ගත්හ.

    පොලිස් ආරක්ෂකයන් බව කියන එම පිරිස ඔහුට අනියමින් තර්ජනය කළේ එම පින්තූර පළ නොකරන ලෙසයි. ‘රැස්වීමේ සංවිධායකවරු ඒ කොඩි එල්ලා තිබෙනවා. එම කොඩි එල්ලීමේ තේරුමක් නැති බව අපි කිව්වා.‘

    මැද සිංහයා සිටින කොන් හතරේ බෝපත් ඇති එම කොඩි මීට පෙර අල්ලස් කොමිසම ඉදිරිපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට පක්ෂ උද්ඝෝෂණයකදී ප්‍රදර්ශනය කෙරිණි.

    ජාතික කොඩිය අවභාවිතා කරතියි එහිදී එම කණ්ඩායමට විරුද්ධව චෝදනා එල්ල විය. යටිනුවරදී අපේ ඡායාරූප ශිල්පියා අත් අඩංගුවට ගත් පොලිස් ආරක්ෂකයන් ඔහුට කීවේ එම ඡායාරූප පුවත්පතේ පළ නොකරන ලෙසයි. ‘මේවා දැක්කොත් එතුමා (මහින්ද රාජපක්ෂ) මේ රැස්වීමටත් එන එකක් නෑ‘


    - http://www.lankadeepa.lk/index.php/top_story/335695

    vlcsnap-2015-07-27-00h15m29s210.jpg

    vlcsnap-2015-07-27-00h15m20s136-1.jpg

    vlcsnap-2015-07-26-23h48m00s184.jpg
     
    Last edited: