මහින්දගේ දැලි පිහියේ තියුණු බව

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
මහින්දගේ දැලි පිහියේ තියුණු බව

පෙනෙන නොපෙනෙන විධායක බලතල

1978 හඳුන්වා දුන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව ජනරජයේ ප්‍රධානියා, ආණ්‌ඩුවේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා හා සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රධානියා ලෙස විධායක ජනාධිපතිවරයෙක්‌ ජනරජයේ වන්නේය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 33 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයා සතු බලතල දෙයාකාර වන්නේ ය. එනම් ජනාධිපතිවරයාට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් පවරා හෝ නියම කර ඇති බලතල ඇත්තේය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීමට පෙර හෝ පසු පනවන ලද යම් ලි�ත නීති යටතේ පවරා හෝ නියම කර ඇති බලතල ඇත්තේය.

පාර්ලිමේන්තු එක්‌ එක්‌ සැසිවාර ආරම්භයේ පාර්ලිමේන්තුවේදී ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට බලය ඇත්තේය. පාර්ලිමේන්තු මංගල රැස්‌වීම්වල මුලසුන දැරීමට බලය හිමිවී ඇත්තේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ, කල් තැබීමේ හා කැඳවීමේ බලය හිමි වී ඇත්තේය. ස්‌වකීය ධුරයෙහි බලයෙහි සිටින කවර හෝ අවස්‌ථාවක පාර්ලිමේන්තුව ඇමතීමේ, සහභාගි වීමේ හා පාර්ලිමේන්තුවට සංදේශ යෑවීමේ අයිතිය ඇත්තේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සතු පාර්ලිමේන්තුව තුළ ඡන්දය දීමේ බලය හැර අන් සියලුම වරප්‍රසාදවලට හිමිකම් ඇත්තේය. නමුත් ඔහු පාර්ලිමේන්තුව හෝ එහි මන්ත්‍රීවරයන් හෝ සතු යම් වරප්‍රසාද කඩ කිරීමක්‌ සම්බන්ධයෙන් ඔහු වගකිවයුතු නොවන්නේය. මින් ගම්‍ය වනුයේ විධායක බලතල මගින් ව්‍යවස්‌ථාදායකයා යටපත් කර ඇති ආකාරයයි. එනම් විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග නොකියයි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 35 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයා ලෙස ධුරය දරන කවර වූ හෝ තැනැත්තෙකු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා හෝ කරන ලද හෝ නොකරන ලද කිසිවක්‌ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධ කිසිම අධිකරණයක නඩුවක්‌ පැවරිය නොහැක. එම නීතිමය තත්ත්වය විධායක බලතල ඉදිරියේ අනෙක්‌ සෑම බලයක්‌ ම යටපත් කර දැමීමට කරන ලද සරල හා පහසුම ප්‍රයත්නයකි. එම වගන්තියෙන් අර්ථකථනය වනුයේ ඕනම වරදක්‌ කළ හැකි ලෙස විධායක ජනාධිපතිවරයාට ව්‍යවස්‌ථාවෙන් පහසුකම් සලසා ඇති බවයි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 31 වැනි වගන්තියට අනුව ධුර කාලය ආරම්භ වී වසර හතරක්‌ ඉක්‌ම වූ පසු ජනාධිපතිවරයාට යළි ජනාධිපතිවරණයක්‌ කැඳවීමේ බලය හිමිවන අතර එම නීතිමය හිමිකම ද විධායක ජනාධිපති ධුරයේ වාසිය උදෙසා ව්‍යවස්‌ථාවට එක්‌ කරන ලද්දකි. මන්ද ජයග්‍රහණය කළ හැකි යෑයි සිතෙන අවස්‌ථාවක යළි ජනාධිපතිවරණයකට යා හැකි බැවිනි. පාර්ලිමේන්තුව ආරම්භ වී වසරක්‌ ගත වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ද ව්‍යවස්‌ථාවෙන් ජනාධිපතිවරයා සතු වන අතර එම නීතිමය බලය ද විධායක බලතල උපයෝගී කරගෙන පාර්ලිමේන්තුව පාලනය කිරීම පිණිස එක්‌ කරන ලද්දකි.

තම කැමැත්ත පරිදි අගමැතිවරයා පත්කිරීමේ බලය ව්‍යවස්‌ථාවෙන් ජනාධිපතිවරයා සතුවේ. එබැවින් ජනාධිපතිවරයාට අභියෝගයක්‌ නොවන පුද්ගලයකු තෝරා පත්කර ගැනීමේ හැකියාව මේ තුළින් හිමි වී ඇත. ඇමැති මණ්‌ඩලය පත්කිරීමේ හා ඇමැති ධුර සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ද විධායක ජනාධිපතිවරයා සතු බැවින් තම අභිමතය පරිදි අමාත්‍ය මණ්‌ඩලය පත්කිරීමේ හැකියාවද ඇත. අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේ බලය පැවරී ඇත්තේ ද විධායක ජනාධිපතිවරයාට ය. ඒ තුළින් සියලුම අමාත්‍යාංශ සිය අභිමතය පරිදි හැසිරවීමේ බලය හිමිවී ඇත. ජනරජය සතු චංචල සහ නිශ්චල දේපළ ප්‍රදානය කිරීමේ හා පැවරීමේ බලය හිමිවී ඇත. එබැවින් මහජන දේපළ සිය අභිමතය පරිදි ප්‍රදානය කිරීම් හෝ පැවරීම කළ හැකිය. ශේ්‍රෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ඇතුළු විනිසුරු මඩුල්ල පත් කිරීමේ අධිකාරි බලය ද ජනාධිපතිවරයා සතුවේ. ඒ නිසාම අධිකරණ ස්‌වාධීනත්වයට ද විධායක බලතල මගින් බලපෑම් කළ හැකි බව ඉන් පැහැදිලි වේ. යුද්ධය ප්‍රකාශ කිරීමට හා සාමය ප්‍රකාශ කිරීමට බලය ද හිමිවී ඇත.

 

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
තානාපතිවරුන් මහ කොමසාරිස්‌වරයන් පූර්ණාධිකාර රාජ දූතයන් හා වෙනත් තානාපති නියෝජිතයන් පත් කිරීමට, ඔවුනට බලතල දීමට හා ඔවුන් පිළිගැනීමට ද බලය හිමි වී ඇත. ඒ නිසා විදේශ කටයුතු ද මුළුමනින්ම විධායක ජනාධිපති බලතල යටතට පත්ව ඇත. ජාත්‍යන්තර කටයුතු නීතිය අනුව හෝ චාරිත්‍ර වාරිත්‍ර අනුව හෝ භාවිතය අනුව ඉටු කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වේ. එබැවින් මහජන මුදල් සිය අභිමතය පරිදි ඒ වෙනුවෙන් ද යෙදවීමට ජනාධිපතිවරයාට බලය ඇත.

ශ්‍රී ලංකා ජනරජයේ කවර වූ හෝ අධිකරණයකදී වරදකරු කරන ලද කවර වූ හෝ වරදකරුවකුට සම්පූර්ණ සමාවක්‌ හෝ නිත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක්‌ දීමට ජනාධිපතිවරයාට බලය ඇත. නියම කරන ලද දඬුවමක්‌ වෙනුවට ලිහිල් කරන ලද දඬුවමක්‌ දීමට හෝ දඬුවම මුළුමනින්ම නිෂ්ප්‍රභ කිරීමට හෝ නියමිත දඬුවමින් කොටසක්‌ අඩු කිරීමටද නියම කරන ලද දඬුවමක්‌ කාලසීමාවක්‌ ඇතුව හෝ නැතුව කල් දැමීමටද ජනාධිපතිවරයාට බලය හිමිවී ඇත. කිසියම්ම හෝ වරදකට ජනරජයට ගෙවිය යුතු දණ්‌ඩනයක්‌ වේ නම් එම දණ්‌ඩනය මුළුමනින්ම අහෝසි කිරීමට හෝ කොටසක්‌ අඩු කිරීමට බලය ඇත. රාජසන්තක විය යුතු දෑ මුළුමනින්ම අත්හිටුවීමට හෝ කොටසක්‌ අඩු කිරීමට බලය ඇත. ඒ නිසා තම පාක්‍ෂිකයන්ට හා හිතවතුන්ට නීතිමය කටයුතුවලදී උදව් කිරීමේ බලය ද හිමිවී ඇත.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 89 වැනි වගන්තිය යටතේ යම් පුද්ගලයකු සිහිවිකල තැනැත්තෙකු ලෙස කවර හෝ නීතියකින් විනිශ්චය කර සිටී නම්, 1946 (පාර්ලිමේන්තු මැතිවරණ) රාජසභා ආඥව යටතේ යම් පුද්ගලයකු කිසියම් හෝ මැතිවරණයකදී වංචා දූෂණ හෝ නීති විරෝධී ක්‍රියා කළ බවට තීරණය වී ඇත්නම්, පළාත් පාලන ආඥ පනත යටතේ කිසියම් හෝ මැතිවරණයකදී වංචා දූෂණ අක්‍රමිකතා කළ බවට යම් කෙනකු වරදකරු වී ඇත්නම්, අල්ලස්‌ චෝදනාවලට යම් පුද්ගලයකු වරදකරු වී ඇත්නම්, යම් පුද්ගලයකුගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඇත්නම්, යම් පුද්ගලයකු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 91 වැනි වගන්තියට අනුව මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමට නුසුදුස්‌සකු නම් ජනාධිපතිවරයාට එම වරදකරුට සම්පූර්ණ සමාවක්‌ දිය හැකිය. එසේ නැතිනම් නුසුදුසුකමේ කාලසීමාව අඩු කළ හැකිය. නැතහොත් නීත්‍යනුකූල කොන්දේසි සහිත සමාවක්‌ දිය හැකිය. මෙලෙස වරදකරුවන්ගේ වරදෙහි ස්‌වභාවයෙහි සීමා මායිම් සඳහන් නොකර ජනාධිපතිවරයාට ඔවුන්ට සමාව දීමට හැකි පරිදි ව්‍යවස්‌ථාවෙන් දී ඇති නීතිමය හිමිකම රට තුළ අපරාධ කරන පුද්ගලයන්ට දේශපාලන රැකවරණය ලබා ගැනීම සඳහා ඉවහල් වී ඇති අතර විරුද්ධ පක්‍ෂයේ අය වුවද කිසියම් හෝ වංචා, දූෂණ, අපරාධ චෝදනාවලට ලක්‌ වී ඇත්නම් එයින් ගැලවීම සඳහා ජනාධිපතිවරයා වටා ලංකර ගැනීමටද මේ තත්ත්වය ඉවහල් වී ඇත. එලෙසම පොලිස්‌ හා අධිකරණ බලතල විධායක බලතල ඉදිරියේ පහසු සහ සරල ක්‍රමයකට මේ වගන්තිය තුළින් හෑල්ලුවට ලක්‌ කර ඇත. අපරාධකරුවන්ට දේශපාලන සවිය ඇත්නම් අපරාධ කිරීමට ඔවුන්ව පෙළැඹවීමක්‌ මේ තුළින් සිදුව ඇති අතර දේශපාලකයන් අපරාධ සඳහා යොමු කිරීමටද මෙම නීතිමය තත්ත්වය ඉවහල් වී ඇත. අඩුම තරමින් කරන ලද වරදේ ස්‌වභාවය හෝ සැලකිල්ලට ගෙන සීමා මායිම් සහිතව මෙම වගන්තිය ව්‍යවස්‌ථාවට ඇතුළත් කළ යුතුව තිබිණි.

අභියාචනාධිකරණයේ සභාපතිවරයා හා එහි විනිශ්චයකාරවරයන්, අධිකරණ සේවා කොමිසන් සභාවේ හා අනෙක්‌ කොමිසන් සභාවල නිලධාරීන්, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පාර්ලිමේන්තු මහ කොමසාරිස්‌වරය, පාර්ලිමේන්තු මහලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්‌පතිවරයා, අමාත්‍ය මණ්‌ඩලයේ ලේකම්වරයා, මහ බැංකුවේ අධිපති හා උපකුලපතිවරුන් ඇතුළුව අනෙකුත් වැදගත් රාජ්‍ය සේවයේ නිලධාරීන් පත්කිරීමේ බලය ජනාධිපති බලතල යටතට පත්කර ඇත.

නිලධාරින් පත් කිරීමට හා ඉවත් කිරීමට ඇති බලය එම නිලධාරීන්ගේ විෂයන් පාලනය කිරීම සඳහා යොදාගත හැකි බැවින් ඒ තුළින් සමස්‌ත රජයේ කටයුතු විධායක බලතල යටතට පත්කර ඇත. ඉහළ පෙළේ කිසිදු රාජ්‍ය නිලධාරියකුට විධායක බලතලවල බලපෑමෙන් තොරව ස්‌වාධීනව කටයුතු කළ නොහැක.

13 වන සංශෝධනයෙන් පිහිටු වූ පළාත් සභාවල ආණ්‌ඩුකාරවරුන් පත් කරන්නේද ජනාධිපතිවරයා විසිනි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 154 වන වගන්තියට අනුව ආණ්‌ඩුකාරවරයා පළාත් සභාවේ සියලු ප්‍රඥප්තීන්වලට අත්සන් තැබිය යුතුව ඇත. එසේ නොවන්නේ නම් පළාත් සභාවේ තීන්දු තීරණ නීත්‍යානුකූල නොවේ. ඉතා සූක්‍ෂම ලෙස 13 වන සංශෝධනයෙන් විමධ්‍යගත කරන ලද බලතල යළිත් විධායක ජනාධිපති ධුරය වටා මධ්‍යගත කර ඇත්තේ එලෙසිනි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 38 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කරයි නම්, විධායක බලතල අයුතු ලෙස යොදාගනී නම් දූෂණ චෝදනා හෝ විෂමාචාර පැවැත්මක්‌ ඇත්නම් ජනාධිපතිවරයාට විරුද්ධව යෝජනාවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කවර වූ හෝ මන්ත්‍රීවරයකුට හැකිය. නමුත් ඒ සඳහා මන්ත්‍රීවරු 150 ක්‌ සොයා ගත යුතුය. ඒ සම්බන්ධව කථානායකවරයා සෑහීමකට පත්විය යුතුය. ශේ්‍රෂ්ඨාධිකරණයට එය ඉදිරිපත් කළ යුතුය. ප්‍රායෝගිකත්වය ගත් කල විධායක බලතලවලට එම වගන්තිය ද යට වීමේ ප්‍රවණතාව වැඩි අතර ඒ බව ප්‍රේමදාස ජනාධිපතිවරයාට විරුද්ධව ගෙන ඒමට උත්සාහ කරන ලද දෝශාභියෝගයෙන් පැහැදිලි වේ. මුදල් බලය ඇතුළුව ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධ බලය පාර්ලිමේන්තුවට හිමිවී ඇත. එම නීතිමය තත්ත්වය ව්‍යවස්‌ථාවේ යම් සාධනීය ස්‌වරූපයක්‌ පෙන්නුම් කළ ද ව්‍යවස්‌ථාවේ කුමක්‌ සඳහන් වුවද මුදල් අමාත්‍යාංශ කටයුතු හිටපු ජනාධිපතිනියගේ සමයේ සිට විධායක ජනාධිපති යටතට ගත් බැවින් එම සාධනීය තත්ත්වය ද විධායක බලය ඉදිරියේ යම් අභියෝගයකට ලක්‌වී ඇත.
 

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
එබැවින් විධායක ජනාධිපති ක්‍රමය යනු සැබවින්ම ව්‍යවස්‌ථාපිත සර්ව බලධාරි තනතුරකි. ප්‍රජාතන්ත්‍රදී වෙස්‌ගත්a නීත්‍යනුකූල ඒකාධිපති තනතුරකි.

1978 එය සම්මත කළ මන්ත්‍රීවරු සමහරෙක්‌ අදත් දේශපාලනය කරති. තව සමහරෙක්‌ විශ්‍රාම සුවයෙන් සිටිති. තව සමහරෙක්‌ ස්‌වර්ගස්‌ථ සුව විඳිති. එහෙත් ඔවුන් දැන හෝ නොදැන විධායක ජනාධිපති ක්‍රමය සම්මත කිරීමෙන් සමස්‌ත ජනතාවට සිදුව ඇති විනාශය පමණක්‌ නොව එක්‌සත් ජාතික පක්‍ෂයට ද අද ඉන් සිදුව ඇති විනාශයක තරම තම මුණුපුරු මිණිපිරියන් වට කරගෙන කතාන්දරයක්‌ ලෙස හෝ කියා දෙනු වටී. ධනය, බලය හා ඇමැති වරප්‍රසාද ඉදිරියේ රටේ අනාගත පරපුර ලිලිපුට්‌ටන් සේ රකින ඓතිහාසික කතාවක ප්‍රධාන චරිත ඔවුන්ට හිමිවී ඇත.

18 වැනි සංශෝධනය සම්මත කළ වත්මන් මැති ඇමැති මඩුල්ල සම්බන්ධයෙන් ද ඉතිරි වනුයේ එවැනිම විවේචනයක්‌ පමණි. මන්ද එම සංශෝධනය මගින් විධායක සර්වබලධාරි තනතුරට නව ජවයක්‌ හා තව දිගුවක්‌ ලබාදී ඇති නිසාවෙනි. 18 වැනි සංශෝධනයට පක්‍ෂව අදහස්‌ ප්‍රකාශ කළ නීතිවේදීන් හා දේශපාලන නියෝජිතයන්ගේ තර්කය වූයේ මන්ත්‍රීවරයකුට ධුරය දැරීමට ව්‍යවස්‌ථාවෙන් ධුර වාරසීමාවක්‌ පනවා නැති බැවින් එය ජනාධිපතිවරයකුට ද එසේම විය යුතු බවය. නමුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධව ඔවුන් තුළ ඇති අල්ප අවබෝධය එම තර්කය විසින් ම ඔප්පු කරයි. මන්ද සර්වබලධාරි විධායක ජනාධිපති ධුරයට මන්ත්‍රී ධුරයක්‌ කෙසේ නම් සම කළ හැකිද? ජනාධිපති බලතල හා කාර්යභාරයන් කෙසේ නම් මන්ත්‍රීවරයකුගේ බලතල හා කාර්යභාරයට සහමකළ හැකිද? තවද වයස අවුරුදු 70 ක්‌ වන පුද්ගලයකු ජනාධිපතිවරයෙක්‌ ලෙස තේරී පත්වේ යෑයි සිතමු. ඔහුට හිමිවන විධායක බලතල ප්‍රයෝජනයට ගනිමින් ජනාධිපතිවරයා ලෙස, පිළිගත හැකි හෝ නොහැකි ක්‍රමවේදයකින්, දෙවන සහ තෙවන වරටත් තේරී පත්වේ යෑයි සිතමු. එවිට තුන්වන වර තේරී පත්වන විට ඔහුගේ වයස අවුරුදු 82 කි. එම ධුර කාල සීමාව අවසන් වන විට වයස අවුරුදු 88 කි. ලෝක ධර්මතාවට අනුව ඔහුගේ කායික මානසික යෝග්‍යතාව ඉහත සඳහන් විධායක බලතල පවරා දීමට තරම් යෝග්‍ය වේද? යම් හෙයකින් බලයට හා ධනයට තෘෂ්ණාධික පුද්ගලයකු බලයට පත්වුවහොත් සිදුවිය හැක්‌කේ කුමක්‌ද? එවැනි ආරාජිකත්වයක්‌ ඇති නොවිය හැකි යෑයි කෙසේ කිව හැකිද?

මෙම ව්‍යවස්‌ථාව සම්මත කිරීමෙන් පසු ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ වචනයෙන් ගැහැණියෙක්‌ පිරිමියෙක්‌ කිරීමට හා පිරිමියෙක්‌ ගැහැණියෙක්‌ කිරීමට පමණක්‌ තමන්ට කළ නොහැකි එකම දේ ලෙස කීවද ජීව විද්‍යාත්මක අංග හැර අනෙක්‌ ඒ සඳහා අවශ්‍ය සෑම අංගයක්‌ම වුවද සිතැඟි පරිදි වෙනස්‌ කිරීමට විධායක ජනාධිපති ධුරයට බලය හිමිවී ඇති බව නොපෙනේද?

තිලකසිරි දිසානායක
මේ ලේඛකයා ලිබරල් පක්‍ෂ
විකල්ප කණ්‌ඩායම් නායකයායි