මහින්දගේ දැලි පිහියේ තියුණු බව
පෙනෙන නොපෙනෙන විධායක බලතල
1978 හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනරජයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා හා සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රධානියා ලෙස විධායක ජනාධිපතිවරයෙක් ජනරජයේ වන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයා සතු බලතල දෙයාකාර වන්නේ ය. එනම් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා හෝ නියම කර ඇති බලතල ඇත්තේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට පෙර හෝ පසු පනවන ලද යම් ලි�ත නීති යටතේ පවරා හෝ නියම කර ඇති බලතල ඇත්තේය.
පාර්ලිමේන්තු එක් එක් සැසිවාර ආරම්භයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට බලය ඇත්තේය. පාර්ලිමේන්තු මංගල රැස්වීම්වල මුලසුන දැරීමට බලය හිමිවී ඇත්තේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ, කල් තැබීමේ හා කැඳවීමේ බලය හිමි වී ඇත්තේය. ස්වකීය ධුරයෙහි බලයෙහි සිටින කවර හෝ අවස්ථාවක පාර්ලිමේන්තුව ඇමතීමේ, සහභාගි වීමේ හා පාර්ලිමේන්තුවට සංදේශ යෑවීමේ අයිතිය ඇත්තේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සතු පාර්ලිමේන්තුව තුළ ඡන්දය දීමේ බලය හැර අන් සියලුම වරප්‍රසාදවලට හිමිකම් ඇත්තේය. නමුත් ඔහු පාර්ලිමේන්තුව හෝ එහි මන්ත්‍රීවරයන් හෝ සතු යම් වරප්‍රසාද කඩ කිරීමක් සම්බන්ධයෙන් ඔහු වගකිවයුතු නොවන්නේය. මින් ගම්‍ය වනුයේ විධායක බලතල මගින් ව්‍යවස්ථාදායකයා යටපත් කර ඇති ආකාරයයි. එනම් විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග නොකියයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයා ලෙස ධුරය දරන කවර වූ හෝ තැනැත්තෙකු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා හෝ කරන ලද හෝ නොකරන ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධ කිසිම අධිකරණයක නඩුවක් පැවරිය නොහැක. එම නීතිමය තත්ත්වය විධායක බලතල ඉදිරියේ අනෙක් සෑම බලයක් ම යටපත් කර දැමීමට කරන ලද සරල හා පහසුම ප්රයත්නයකි. එම වගන්තියෙන් අර්ථකථනය වනුයේ ඕනම වරදක් කළ හැකි ලෙස විධායක ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පහසුකම් සලසා ඇති බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි වගන්තියට අනුව ධුර කාලය ආරම්භ වී වසර හතරක් ඉක්ම වූ පසු ජනාධිපතිවරයාට යළි ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය හිමිවන අතර එම නීතිමය හිමිකම ද විධායක ජනාධිපති ධුරයේ වාසිය උදෙසා ව්‍යවස්ථාවට එක් කරන ලද්දකි. මන්ද ජයග්‍රහණය කළ හැකි යෑයි සිතෙන අවස්ථාවක යළි ජනාධිපතිවරණයකට යා හැකි බැවිනි. පාර්ලිමේන්තුව ආරම්භ වී වසරක් ගත වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ද ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා සතු වන අතර එම නීතිමය බලය ද විධායක බලතල උපයෝගී කරගෙන පාර්ලිමේන්තුව පාලනය කිරීම පිණිස එක් කරන ලද්දකි.
තම කැමැත්ත පරිදි අගමැතිවරයා පත්කිරීමේ බලය ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා සතුවේ. එබැවින් ජනාධිපතිවරයාට අභියෝගයක් නොවන පුද්ගලයකු තෝරා පත්කර ගැනීමේ හැකියාව මේ තුළින් හිමි වී ඇත. ඇමැති මණ්ඩලය පත්කිරීමේ හා ඇමැති ධුර සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ද විධායක ජනාධිපතිවරයා සතු බැවින් තම අභිමතය පරිදි අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේ හැකියාවද ඇත. අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේ බලය පැවරී ඇත්තේ ද විධායක ජනාධිපතිවරයාට ය. ඒ තුළින් සියලුම අමාත්‍යාංශ සිය අභිමතය පරිදි හැසිරවීමේ බලය හිමිවී ඇත. ජනරජය සතු චංචල සහ නිශ්චල දේපළ ප්රදානය කිරීමේ හා පැවරීමේ බලය හිමිවී ඇත. එබැවින් මහජන දේපළ සිය අභිමතය පරිදි ප්රදානය කිරීම් හෝ පැවරීම කළ හැකිය. ශේ්‍රෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ඇතුළු විනිසුරු මඩුල්ල පත් කිරීමේ අධිකාරි බලය ද ජනාධිපතිවරයා සතුවේ. ඒ නිසාම අධිකරණ ස්වාධීනත්වයට ද විධායක බලතල මගින් බලපෑම් කළ හැකි බව ඉන් පැහැදිලි වේ. යුද්ධය ප්‍රකාශ කිරීමට හා සාමය ප්‍රකාශ කිරීමට බලය ද හිමිවී ඇත.