[FONT="] මහින්ද රාජපක්ෂට අපි කියන්න කැමතියි එයාලගේ වංචා-දූෂණ ෆයිල් දැන් ඕනෑතරම් අපි ළඟ තියෙනවා. දකුණු පළාතේ සිදුකිරීමට නියමිත ඩොලර් මිලියන 125ක් වැයවන ජල ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 270ක් වැයවන බවට බොරු වාර්තා හදපු ෆයිල් අපි ළඟ තියෙනවා. ඊශ්‍රායල් ඉදිකිරීම් සමාගම් සමඟ නෙදර්ලන්තයේ බැංකු සමඟ ගහපු ගිවිසුම් දැන් එළියට ඇවිත් තියෙනවා. ඒ හොර ගනුදෙනු සියල්ල දැන් එළිවෙමින් තිබෙනවා. චයිනා හාබර් සමාගමට ටෙන්ඩර් පටිපාටියෙන් තොරව පාරවල් හදන්න කොන්ත්‍රාත් දීලා 32%ක අධික ලාභ ලබපු ගනුදෙනුවල ෆයිල් අපි ළඟ තිබෙනවා. පාරවල්වලින් දකුණු කොළඹ වරාය ව්‍යාපෘතියෙන් හොරකම් කරපු විදියේ ෆයිල් අපි ළඟ තිබෙනවා. ඒ නිසා අද රාජපක්ෂ පවුල බයවෙලා තිබෙනවා.[/FONT]