නිදහසින් පසු වසර හැට ගනනක් තිස්සෙ සුද්දාගෙ කාලෙ සහ ඉන් පෙර යටත්විජිතයන් හී යටත්විජිත පාලකයන්ට බැලමෙහෙවර කම් කල සට්ටැඹි කම් කර තාන්න මාන්න වලව් සහ අක්කර ගනනින් ඉඩම් හිමිකරගත් එවුන්ගෙ පරපුරවල් අතර මෙරට බලයට ඇති අරගලය සඳහා ජාතිකත්වය ,ආගම(බුද්ධාගම) හරහා ගම් මට්ටමෙ බිම්මට්ටමෙ සාමන්‍ය ජනයා මෙහෙයවමින් කරන සෙල්ලමක විවිධ අවස්ථා අප දුටිමි .77 යු ඇන් පී ආණ්ඩුවේ කෙරුම් කියුම් ද ,මහින්දගෙ පාදයාත්‍රාවද,මහින්දගෙ ආශ්චර්ය ,වත්මන් යහපාලනයද උක්ත පාරම්පරික බල අරගල සෙල්ලමෙ ජවනිකා කිහිපයකය. ජවිපෙ ඇතුලු ඇතැම් ඊනියා වාමාංශික සමාජවාදින් පාරම්පරික න්‍යායට හසු නොවුනද ඔවුන් ද කරන්නෙ තමන් විසින් බටහිරින් අහුලා ගත් වාමංශික මතය හරියැයි සිතමින් කම්කරුවාගෙ ස්වර්ගරාජ්‍ය පිහිට වීමට එලිනොවන සිහිනයක් පසුපස දිවීමය. නමුත් එකී වාමංශිකයින්ගෙ දරුවන්ට සමාජවාදය අගුණය ,උපතිස්ස ගමනායකගෙ දියණිය බ්රිතාන්යෙ පුරවැසි වෛද්‍යවරියකි ,සෝමවංශගෙ පුත්‍රයාද ජීවත් වන්නෙ එංගලන්තයේය. වාසුදේවගෙ දරුවන්ද බටහිර අධ්‍යාපනය ලද්දෝ වෙති. එහෙත් ඔවුන්ගෙ සමාජවාදය ගුණාත්මක වන්නෙ මධ්‍යම පාන්තික සහ දිළිඳු පවුල් වල දරුවන්ටය. එක් පසෙකින් පාරම්පරික බල අරගල සෙල්ලමක් යන විට අනෙක් පසෙන් හිතෙන් ධනවාදි පිටින් සමාජවාදි බල අරගලයක සෙල්ලමක් පෙනේ.
ගේම් ඔෆ් ත්‍රොන්ස්.