මහින්දගේ මස්සිනා ඇතුලේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දගේ මස්සිනා ඇතුලේ

හිටපු ජනපති මහින්දගේ මස්සිනා අත්අඩංගුවට ගනී
Reply පුවත් 10/17/2016 01:57:00 PM


A+A-EMAILPRINT

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහෝදරියක වන නිරුපමා රාජපක්‍ගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ මල්වානේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමටයි.

අදාල ඉඩමේ තමනට අයිති නැතැයි ඇමති බැසිල් රාජපක්‍ෂ විසින් ප‍්‍රකාශ කල පසු මේ වන විට එය විකුනා දැමීමට අධිකරනය විසින් නියෝග කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප‍්‍රසිද්ධියේ කියා සිටියේ CID, FCID, අල්ලස් කොමිසම යන ආයතන දේශපාලන උවමනාවන් මත ක‍්‍රියාත්මක වන බවයි.