මහින්දගේ මැරයා : ජූලම්පිටියේ අමරේට මරණ දඬŢ
මහින්දගේ මැරයා : ජූලම්පිටියේ අමරේට මරණ දඬුවම !
මීනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් වැරදිකරු වූ ගීගන ගමගේ අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේ නමැති පාතාල නායකයාට අද (07) තංගල්ල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලදී.
ඒ, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් දෙදෙනෙකු කටුවන ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
ජූලම්පිටියේ අමරේ යනු මහින්ද රාජපක්ෂ මහතා ඉතාම සමීප සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයෙකුය යන්න රටේ ප්‍රසිද්ධ රහසකි.
2012 වසරේ ජුනි 15වනදා පස්වරුවේ කටුවන හැඩිවත්ත ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ “ජනතාව පෙළෙන පාලනයට එරෙහිව පෙළගැසෙමු” මැයෙන් යුත් ජන හමුවට වෙඩි තබා ඊට සහභාගී වී සිටි දෙදෙනෙකු ඝාතනය කර එක් අයෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් නඩුව පවරා තිබිණි.
එම වෙඩි තැබීමෙන් එදිරිමාන්න පතිරනගේ මාලනී (50) ජයසේකර පතිරනගේ හේෂාන් (18) යන දෙදෙනා ඝාතනයට ලක්වූ අතර නෙත්තසිංහ ලියනගේ සුජිත් නිමේෂ යන අයට බරපතල තුවාල සිදුවිය.
https://www.lankanewsweb.net/sinhal...හින්දගේ-මැරයා-:-ජූලම්පිටියේ-අමරේට-මරණ-දඬුවම--