මහින්දට පුලුවන්.චන්ද්රිකාට බෑ
මහින්දට පුළුවන් - චන්ද්‍රිකාට බෑ' - ශ්‍රේෂ්ඨාධිකරණය චන්ද්‍රිකා කොටු කරයි!
Details Created On Wednesday, 12 November 2014 04:40 Category: සාමාන්‍ය
mahimnda chandrika breakingමහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට තෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරඟ කළ හැකිද නැද්ද පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණාධිකරණ මතය (Full Bench Decision) ඊයේ සවස (11) අරලියගහ මන්දිරයට යවා ඇති අතර එකී තීන්දුව ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට තෙවනවර ජනාධිපතිවරණයට තරඟ කළ හැකි බව දැනුම් දී ඇත.
නමුත් මෙම පූර්ණාධිකරණ තීන්දුවේ ආන්දෝලනාත්මක කොටස වන්නේ ජනාධිපති පදවියෙන් විශ්‍රාම ගිය අයෙකුට 18 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ තරඟ කළ නොහැකි බවට ප්‍රකාශ කොට තිබීමයි. වත්මන් ජනාධිපතිවරයා 2010 ජනවාරි 26 වන දින ජනාධිපතිවරණයෙන් ජය ගත්තද දිව්රුම් දුන්නේ එම වසරේ නොවැම්බර් මාසයේදී බවත් 18 වන සංශෝධනය එම වසරේ සැප්තැම්බර් මාසයේදී බලාත්මක වීම නිසා එය අතීතයට බල නොපාන පරිදි ක්‍රියාත්මක වීම හේතුවෙන් එකී සංශෝධනය යටතේ තරඟ කළ හැකි වන්නේ ඒ වන විට ධූරය හොබවමින් සිටි තැනැත්තාට පමනි යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මේ දක්වා රජය ප්‍රසිද්ධියට පත් නොකර සඟවා ගෙන තබා ඉන්නේ යම් හෙයකින් විපක්ෂයේ පොදු අපේක්ෂිකාව ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉදිරිපත් වුවහොත් ඇයව අශක්නුතාවයකට ලක්කිරීම උදෙසාය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලීමට අගවිනිසුරු මොහාන් පීරිස්, කේ.ශ්‍රී පවන්, චන්ද්‍රා ඒකනායක, ප්‍රියසාත් ඩෙප්, ඊවා වනසුන්දර, රෝහිණී මාරසිංහ, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, සරත් ද ආබෘ හා ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දසදෙනා හමුවේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කරනු ප්‍රශ්නය සලකා බැලුනු අතර විනිසුරු මඩුල්ලට නොසිටියේ මේ වන විට විදේශ ගතවී සිටින සලීම් මර්ෂුක් විනිසුරු පමනි. මෙම විනිසුරුවන්ගෙන් බහුතරයක් ජනාධිපතිවරයා විසින් පුද්ගලික හිතවත්කම් මත පත්කරන ලද උදවියයි.
මෙම මතය විමසීම සඳහා පක්ෂව හා විපක්ෂව ලිඛිත දේශන 38 ක් ගොනුකර තිබූ අතර අගමැති දි.මූ ජයරත්න, ගෝමින් දයාසිරි, ක්ෂනිකා හිරිමුරේගම, ජේ.සී. වැලිඅමුණ, මහාචාර්ය සුදන්ත ලියනගේ, මහාචාර්ය සම්පත් බණ්ඩාර අමරතුංග, මහාචාර්ය පාක්‍ය සෝති සරවණමුත්තු, සුනිල් වටගල, මාධ්‍යවේදී කේ.ඩබ්. ජනරංජන, ආචාර්ය එන්.එල්.කේ කරුණාරත්න ලිඛිත දේශන කළ 38 දෙනා අතර විය.

he he Just kidding. don't get mad at me