100%ක් උබ එක්ක එකගයි.. මෙතන වෙන්නේ ඩීල් එකක්. ඒ කොටි එක්කවත්, සුද්දො එක්කවත් නෙමෙයි.. අපේම සින්හල මිනිස්සු එක්ක.. මහින්ද අන්තිම මොහොතේ කොල් කලේ කාටද කියලා හිතලා බලපුවහම ඒක පැහැදිලියි. ඒ වගේම රනිල් මහින්දට අන්තිම මොහොතේ සේෆ් පැසේජ් එකක් හදලා රජ ගෙදරින් මැදමුලනට පිටත් කරලා තිබ්බ විදිය බලපුවහම ඒක ඔප්පු වෙනවා. අනික ඊයේ පෙරේදා මයිත්‍රී ආයෙමත් බැසිල් එක්ක සාකච්චා කරලා ඊලග චන්දේ ගැන. ඉතින් මේ ඔක්කොම ඩීල්.. දේශපාලනේ සදාකල් මිතුරොත් නැ හතුරොත් නැ.. ඔය හොරකම් කලබව රටේ මිනිස්සු දන්නවා. උසාවියත් දන්නවා, පාර්ලිමේන්තුවත් දන්නවා. අන්තිමට වෙන්නේ හොරාකාපු උන් බේරිලා විදායක ශ්‍රේනියේ නිලදාරි, ලේකම්ලා අමාත්යන්ශ සබාපතිවරු වගේ සොක්කො ටිකක් ගස් යයි පරීක්ශනවලින් පස්ස්සේ..
ඔව් බන්. ඔක්කෝම එකයි. පොඩි වෙනසකට තියෙන්නේ මහින්දගේ තුරුලේ ඉඳගෙන බඩපිනුම් ගගහා හොරකම් කරපු එවුන්, අද ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්න වෙලා තියෙනවා. උන් සද්ද නැති වෙද්දි, ආණ්ඩුවෙ පැත්තෙන් මාරපන, විජේදාස වගේ ඇමතිවරු අරුන් ගිය පරන පාරේ යන්න උත්සහ කරනවා. කොයි ආණ්ඩුවෙත් ඔය වගේ පිසාචයෝ ඉන්නවා. මුන්ව එලවලා දැම්මේ නැත්නම් මේ ආණ්ඩුව අවුරුදු 5ක් යන්න ඉස්සර වෙලා පෙරලෙනවා.

