මහින්දවාදියෙක් නොවී මහින්ද දැකීම..

Gerald Ford

Junior member
  • Nov 11, 2018
    57
    12
    8
    මහින්දවාදියෙක් නොවී මහින්ද දැකීම..

    මහින්දවාදියෙක් නොවී මහින්ද දැකීම..

    👉 වයස 25න් මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීම ලේසි පහසු කටයුත්තක් නොවේ. මහින්ද ඒක කලා.

    👉 මේ රටේ විධායක ජනාධිපති ධූරයට තේරී පත්වීමත් ලේසී පහසු කටයුත්තක් නෙවෙයි. ඒත් මහින්ද ඒක කලා. එකපාරක් නෙවෙයි දෙපාරක්ම.

    👉 ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කල්ලියට විරුද්ධව යුද්ධ කරන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. හැබැයි මහින්ද ඒක කලා.

    👉 විදේශ අතපෙවීම් එක්ක රටක් කරන් යනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒත් මහින්ද ඒකත් කලා.

    👉 සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් එකවර ක්‍රියාත්මක කිරීමත් අපි වගේ රටකට ලේසි නෑ. හැබැයි මහින්ද ඒකත් කලා.

    එතුමාට වැරදුනේ හැමදාම රජ කරන්න පුළුවන් කියන අදහස ඔළුවට ගත්තු නිසා සහ බල ලෝභීත්වයෙන් පිරිච්ච පවුලේ උදවියයි, වටේ ඉන්න නඩයයි, වහල්ලු වගේ හැසිරෙන මිනිස්සුන්ගේයි අදහස්වලට ඇහුම්කන් දීලා යන්න ගියපු අමුතු ගමන නිසා.

    පාක්ෂිකයොයි අනුගාමිකයොයි පවුලේ අයයි ඒ ඒ අයගේ පැවැත්මට එතුමාටත් නොදැනීම එතුමාව market කරනවා අද ..
    පිලිගත්තත් නැතත් මහින්ද රාජපක්ෂ කියන්නේ අපේ රටේ කෘතහස්ත දේශපාලනඥයින්ගේ ලයිස්තුවේ ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. එවැන්නෙක් ලංකාවේ පාර්ලිමේන්තුවේ නූගත් මිනිස්සුන්ගේ හූ හඬ මැද්දේ සමච්චලයට ලක්වෙලා දේශපාලනය කල යුතු තැනට පත්විය යුතු චරිතයක් නෙවෙයි කියන එක නම් බහුතරයක් දෙනා තරයේම විශ්වාස කරනවා.

    - ගිහාන් මායාදුන්න -

    Copied !


    46358974_528946520905574_412132911261679616_n.jpg