මහින්දානන්ද අලුත්ගමගේ

aruna47

Well-known member
  • මහින්දානන්ද අලුත්ගමගේ

    මහින්දානන්ද අලුත්ගමගේ කෝටිපතියෙකු වුණේ කොහොමද?


    mahindanda1_thumb_medium680_.jpg


    රුපියල් මිලියන පනස් පන්දහස් තුන්සිය (55,300)ක වියදමින් ඉදිවූ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය උපන් ගෙයිම ආබාධිතයෙකු වී ඇත. මේ වනවිට මෙම බලාගාරය 25 වතාවක් අක‍්‍රීය වී තිබේ. රටේ මුදල් ගිල දැමූ මෙම බලාගාරය නැවත ගොඩනැගීම පිළිබඳව බලාපොරොත්තු තැබිය නොහැකි තත්වයක් උදාවී තිබේ.

    බලාගාරය අක‍්‍රිය වුවද මෙම ව්‍යාපෘතිය මගින් සක‍්‍රීය කොමිස් ගිල්ල දේශපාලනඥයන් කිහිප දෙනෙක් සිටිති. ඒ අතරින් ප‍්‍රධානියෙකු වන්නේ වත්මන් ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේය. දේශප්‍රේමයේ වර්ණවත් සළු පොරවා ප‍්‍රගතිශීලී පෙනුම ගෙන රට ගැන තප්පුලමින් වාද විවාදවලට එන මේ මහින්දානන්ද අලුත්ගමගේ මේ ආකාරයෙන් නොරොච්චෝලෙන් කොමිස් ගිලින ලද්දේ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදීය.

    මොහු විදුලිබල නියෝජ්‍ය ඇමැතිවරයාව සිටියදී ව්‍යාපෘතිය චීන සමාගමට පැවැරීමට මැදිහත් වීම වෙනුවෙන් මොහුට හා එම ව්‍යාපෘතියට සම්බන්ධවී සිටි දේශීය ව්‍යාපාරිකයෙකුට ලැබී ඇති කොමිස් මුදල අමෙරිකානු ඩොලර් මිලියන 25.4කි. මෙයින් අමෙරිකානු ඩොලර් මිලියන 13.2 හා 12.2 වශයෙන් ව්‍යාපාරිකයා හා මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා අතර බෙදාගෙන ඇත.

    මෙම ගනුදෙනුවෙන් පසුව මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා විසින් මිලදී ගෙන ඇති දේපළ ගණනාවකි.

    මේ අතරින් කිහිපයක් පහත පරිදිය.

    මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා මාවතේ පිහිටි පර්චස් 12ක ඉඩම් කැබැල්ලක් මොහුගේ හා බිරිඳගේ නමට මිලදීගෙන ඇත. එසේම මහනුවර ජෝර්ජ් ද සිල්වා මාවතේම පර්චස් 3.5ක තවත් ඉඩම් කැබැල්ලක් මිලදීගෙන ඇත.

    එසේම මහනුවර ජෝර්ජ් ද සිල්වා මාවතේම පිහිටි පර්චස් 18.3ක ඉඩම් කැබැල්ලක්ද මිලදීගෙන ඇත.

    නාවල චන්ද්‍රා වෙත්තසිංහ මාවතේ 03 වැනි පටුමගේ අංක 15/1 දරන ලිපිනයේ පර්චස් 15.57ක ඉඩම් කැබැල්ල මිලදීගෙන ඇත්තේ රුපියල් කෝටියක මුදලකටය. ඒ ඔහුගේ බිරිඳ වන ආශා විජයන්ති පෙරේරාගේ නමටය. නාවල චන්ද්‍රා වෙත්තසිංහ මාවතේම 03 වැනි පටුමගේ අංක 15/31 බී දරන ලිපිනයෙන් පර්චස් 11ක් හා අංක 15/3 ඒ දරන ලිපිනයෙන් පර්චස් 6.55ක ඉඩම් කැබැල්ලක්ද මිලදීගෙන ඇත. රුපියල් 8,775,000/=ක මුදලකට මෙම ඉඩම මිලදීගෙන ඇත්තේ ඔහුගේ බිරිඳගේ හා පුත‍්‍රයාගේ නමටය.

    බොරැල්ල කුරුප්පු පාරේ අංක 66 දරන ලිපිනයේ පර්චස් 20.85 ඉඩම් කැබැල්ලක් රුපියල් 10,000,000/=කට මිලදීගෙන ඇත. කොළඹ ඇල්විටිගල මාවතේ ටි‍්‍රලියම් රෙසිඩන්සි නිවාස ඒකකයේ අංක 153-9/2 දරන නිවස රුපියල් 28,500,000/=කට මිලදීගෙන ඇත්තේ ඇමැතිවරයාගේ බිරිඳගේ නමටය.

    කොළඹ 07 කින්සි පාර, සහධිපත්‍ය, අංක 70-3/1 ස්ථානයේ පිහිටි දේපළ ඔහු විසින් මිලදීගෙන ඇත්තේ රුපියල් 27,000,000/= මිලකටය. 2013.01.31 දින වනවිට මොහුට අයත් ලංකා බැංකුවේ 228522 දරන ගිනුමේ තිබී ඇති මුදල රුපියල් හයකෝටි හැටහයලක්ෂ තිස් දෙදහස් හත්සිය දහය (66,632,710) කි.

    මීට අමතරව මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයාට අයත්ව ලංකා බැංකුවේ ගිණුම් අංක 72461278 ගිණුමට මුදල් තැන්පත්කර ඇත. මීට අමතරව සිංගප්පූරුවේ HSBC බැංකුවේ ගිණුම් අංක 252-1334-91-178 යටතේ ගිණුමක්ද HSBC බැංකුවේ ගිණුම් අංක 152-711-941-221 ගිණුමක්ද එම බැංකුවේම 152-711-941-496 යටතේ ගිණුම්වලට මුදල් තැන්පත්කර ඇති අතර එම ගිණුම් පිළිබඳව විස්තර හෙළිවී නැත. කෙසේ වුවද අංක 901085 යටතේ මහින්දානන්ද ඇමැතිවරයාට රුපියල් දෙකෝටියක (20,000,000/=) මුදලක් එම්. ආර්. එෆ්. ෆාතායා යන තැනැත්තෙකු විසින් ලබාදී ඇති අතර එකවර ලබාදුන් මෙම මුදල කුමක් සඳහා ලබාදුන්නේද යන්න ප‍්‍රශ්නයකි.

    මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා ඔහුගේ බිරිඳගේ නඩත්තුව සඳහා මාසිකව රුපියල් දෙලක්ෂය (200,000/=)ක මුදලක් ලබාදෙන අතර ඔහුගේ දේපළවලින් මාසිකව ඇයට ලැබෙන මුදල රුපියල් දොළොස්ලක්ෂය (1,200,000/=) කි.

    නිල නොවන ආරංචි මාර්ගවලට අනුව මොහුගේ දේශීය හා විදේශීය වත්කම් ප‍්‍රමාණය බිලියන ගණනකි.

    1987 වනවිට මහින්දානන්ද ‘ද ෆිනෑන්ස්’ සමාගමේ කුලියාපිටිය ශාඛාවේ වෙළඳ ප‍්‍රවර්ධන නිලධාරියෙකි. සිංගර් සමාගමේ කුලියාපිටිය ශාඛාවේ වෙළඳ සහායිකාවක් වශයෙන් ඔහුගේ බිරිඳ එවකට සේවය කර ඇත්තේ රුපියල් 250/=ක මූලික වැටුපකටය. ඇමැතිවරයෙකුගේ මාසික වැටුප බිරිඳගේ නඩත්තුවටත් මදිය. එසේ තිබියදී මහින්දානන්ද ඇමැතිවරයා මෙතරම් විශාල මුදලක් උපයාගෙන ඇත්තේ කෙලෙසද? ඔහුගේ ආදායමට අනුව ආදායම් බදු ගෙවනවාද? ඔහුගේ වත්කම් හා බැරකම් පිළිබඳව නිවැරැුදි තොරතුරු මැතිවරණ කොමසාරිස්වරයාට බාරදී ඇත්ද? යන්න විමසා බැලිය යුතුය. නිදහසින් පසුව මේ වනවිට ලංකාව ලබාගෙන ඇති ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 28,401 කි. එනම් රුපියල් බිලියන 2,767කි. එයින් එක් ශ‍්‍රී ලාංකිකයෙකු මේ වනවිට දරන ණය බර ප‍්‍රමාණය ලක්ෂ තුනකට වැඩිය. ණයවලින් රටක් විදිහට සංවර්ධනයක් ලබා නැතත් මහින්දානන්දලා වැනි ඇමැතිවරුන් මේ ආකාරයට සංවර්ධනය වී ඇත්තේ මහත් ආශ්චර්යමත් අන්දමින්ය. ආණ්ඩුවට විරුද්ධව මත දරන්නන්ගේ පමණක් වත්කම් බැරකම් පිළිබඳව හොයන අල්ලස් හා දූෂන කොමිසමට ආණ්ඩුවේ මේ වැනි දේශපාලනඥයන් පිළිබඳව තොරතුරු ලැබෙන්නේ නැත. ලැබුනත් පරීක්ෂණ කෙරෙන්නේ නැත. කසඩ දේශපාලනයක් ඇති මේ රටට කවදා පායාද සූර්යා යයි කියමින් අපට සිදුව ඇත්තේ ඇස් කන් පියාගෙන සිටින්නටය.

    උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය
     
    Last edited:
    • Like
    Reactions: mjayanatha

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    mewa balala le puchca ganna eka thamai wenne...
    munta kawada kiyala daduwam karannada ?

    mehe hoda salary ekak (at least 1.5 lkhs ) labenawanam es kan piyan mehe inna puluwan :)
    nattan kohe hari paninna wenwa.....
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    mun serama kalakanni. munwa gedara yawwath aluthen munge than walata ena eunuth kalakanni. api othanata giyoth apith ohoma thama bana bana hitiyata. rate minissunge waradda mole kalpana karannathuwa chande denawata
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇත්ත කතාකරන්න. වැරදි දේට වරද්ද කියන්න නියම සින්හල කම........

    ඔය හොරකන් නවත්ත්වන්න නම් රට යන ක්‍රමය වෙනස් වෙන්න ඕනි
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ විදිහට ගියොත් මේ රටේ ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ... අනේ මන්දා... දැන් තමයි අපේ රටට දියසේන කුමාරයෙක් ඔනේ..:no::no::no: