මහින්දානන්ද පිත්ත අතට ගනියි!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉදිරි වර්ෂය සඳහා වන කොන්ත්‍රාත්තුවට අද (03) අත්සන් නොකළහොත් බංගලාදේශ සංචාරය සඳහා අලුතින් කණ්ඩායමක් පත්කර ගන්නා ලෙසට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද ගමගේ මහතා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබාදී තිබේ.
අයි.සී.සී තරගවලදී ලැබෙන මුදලින් 25%ක් මෙන්ම, අයි.පී.එල්. තරග සඳහා සහභාගි වන කාලයේ ගෙවීම් ද, ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ට වසරකට වරක් ලබාදෙන විදේශ සංචාරය අත්හිටුවීම යන කරුණු ඇතුළත් නව කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීම ක්‍රීඩකයින් ඊයේ ප්‍රතික්ෂේප කර ඇත.
ඒ පිළිබඳ පැවැති සාකච්ඡාවේදී නව කොන්ත්‍රාත්තුවේ ඇති කොන්දේසී කිහිපයකට ක්‍රීඩකයින් එකඟ නොවු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා පැවසීය.
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර වාර්ෂික කොන්ත්‍රාත්තුව ඊයේ දිනයෙන් අවසන් වූ අතර නව කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීම ක්‍රීඩකයින් ප්‍රතික්ෂේප කර ඇත.
derana

Last edited: