මහින්දානන්ද පිත්ත අතට ගනියි!

valentinop

Member
Jan 4, 2013
16
3
0
මහින්දානන්ද පිත්ත අතට ගනියි!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉදිරි වර්ෂය සඳහා වන කොන්ත්‍රාත්තුවට අද (03) අත්සන් නොකළහොත් බංගලාදේශ සංචාරය සඳහා අලුතින් කණ්ඩායමක් පත්කර ගන්නා ලෙසට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද ගමගේ මහතා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබාදී තිබේ.

අයි.සී.සී තරගවලදී ලැබෙන මුදලින් 25%ක් මෙන්ම, අයි.පී.එල්. තරග සඳහා සහභාගි වන කාලයේ ගෙවීම් ද, ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ට වසරකට වරක් ලබාදෙන විදේශ සංචාරය අත්හිටුවීම යන කරුණු ඇතුළත් නව කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීම ක්‍රීඩකයින් ඊයේ ප්‍රතික්ෂේප කර ඇත.

ඒ පිළිබඳ පැවැති සාකච්ඡාවේදී නව කොන්ත්‍රාත්තුවේ ඇති කොන්දේසී කිහිපයකට ක්‍රීඩකයින් එකඟ නොවු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා පැවසීය.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර වාර්ෂික කොන්ත්‍රාත්තුව ඊයේ දිනයෙන් අවසන් වූ අතර නව කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීම ක්‍රීඩකයින් ප්‍රතික්ෂේප කර ඇත.

derana
 
Last edited:

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    Sri Lankan cricket is headed towards a major crisis with the board on Saturday night freezing out 23 of its top players over a contracts deadlock, less than a week before the start of the home series against Bangladesh. SLC, which met the players earlier in the day, has told its selectors not to consider those cricketers for any international cricket, including the Bangladesh series, until they agree to their new contract terms.
    Player contracts expired on February 28, and all 60 players who were offered new contracts have refused to sign them before the March 2 deadline prescribed by the board.
    "We spoke to all of the players present at the meeting, and gave our viewpoints and they also gave their points," SLC president Upali Dharmadasa said. "We have said, 'Nothing doing. We're going to stick to our guns.' It ended like that.
    "They will not be getting any facilities that Sri Lanka Cricket has been offering them, including, physios, masseurs and coaches. They can't come for practice at our venues."
    New Test captain Angelo Mathews and Twenty20 captain Dinesh Chandimal are among the players frozen out, along with the bulk of Sri Lanka's Test and ODI players. Mathews and Chandimal were appointed captains just over two weeks ago, and are yet to play any matches in their new capacity.
    Dharmadasa did not rule out the possibility of Sri Lanka's top cricketers playing in the first Test against Bangladesh in Galle, but only if the players signed their contracts by then. Kumar Sangakkara is the only player immediately affected by the lockout - he was due to play in the three-day tour match against Bangladesh in Matara, which begins on Sunday. The match was supposed to be Sangakkara's return to competitive cricket after fracturing his index finger in the Boxing Day Test.
    Dharmadasa also said SLC had not planned any more meetings with the players, but had invited them to put their concerns in writing, and present them to the board.
    The major point of dispute in the new contracts is SLC's refusal to pay the players 25% of the board's earnings from ICC events, as they have done since 2003. This payment is to compensate players for their images being used by the ICC and its sponsors to promote the tournament as well as during the event.
    Other points of contention include the board's move to freeze payment to cricketers taking part in the IPL for as long as he is with his IPL team, a clause tying pay to team performance, and the scrapping of a convention that allowed players' wives to travel on one tour a year on SLC's money.
    Contract terms also sparked a dispute in 2012, though SLC had a weaker bargaining position then, having not paid its players since the 2011 World Cup. The disputes were eventually settled in July after players threatened to boycott the Sri Lanka Premier League, after having played international cricket without an official contract for over four months. Payment from ICC events had also been a sticking point on that occasion, as well as a clause that required the players to have SLC permission before speaking to media.
    - See more at: http://www.espncricinfo.com/srilanka/content/current/story/623234.html#sthash.maRIYLFo.dpuf
     
    Feb 10, 2013
    57
    7
    0
    lanka
    ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම මස්‌ රාත්තල් 1 1/2ක්&#


    ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් මස්‌ රාත්තලම නොව රාත්තල් 1 1/2ක්‌ ඉල්ලන්නේ යෑයි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත් ගමගේ පැවසීය.ජාතික මට්‌ටමේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමග පවත්වන තරග කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමෙන් වැළකී සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතා එලෙස සිය අදහස්‌ පළකළ අතර රට දෙවනුවට තබා මුදල පෙරට ගෙන ක්‍රියාකරන මෙවැනි ක්‍රීඩකයන්ට එරෙහිව තමන් දැඩි ස්‌ථාවරයක සිටින බවට අවධාරණය කළේය.

    වැඩි දුරටත් අදහස්‌ දැක්‌වූ ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ ද කීවේය.
    'ලෝකෙ අනිත් රටවල් තමන්ගේ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සාමාජිකයන්ට ලබාදෙන්නෙ ආදායමෙන් 25%යි. අපි අපේ ක්‍රීඩකයන්ට ආදායමෙන් 69%ක්‌ ලබාදෙනවා. ලෝකෙ කිසිම ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයක්‌ නොකරන තරම් ගෙවීම් කරලත් මේ අය තවත් 10%ක්‌ වැඩිපුර ඉල්ලනවා. මේක මස්‌ රාත්තලම නොව, මස්‌ රාත්තල් 1 1/2ක්‌ ඉල්ලන වැඩක්‌'

    .'අපේ ප්‍රධාන ක්‍රිකට්‌ ක්‍රීඩකයන් 8 දෙනෙකුට මාසයකට රුපියල් ලක්‍ෂ 40ක්‌ බැගින් ගෙවීම් කරනවා. ඒ කියන්නේ වසරකට රුපියල් ලක්‍ෂ 480යි. මේ මට්‌ටමේ අවම ආදායම ලබන ක්‍රීඩකයා වෙනුවෙනුත් වාර්ෂිකව රුපියල් ලක්‍ෂ 240ක මුදලක්‌ හිමිවෙනවා. මේ තරම් දීමනාවක්‌ ලැබෙද්දීත් ඇයි මේ අය තවත් සියයට දහයක්‌ ඉල්ලන එක සාධාරණද? ඇයි අපි පහළ මට්‌ටමෙන් ක්‍රිකට්‌ ක්‍රීඩාව නඩත්තු කරන්නේ නැද්ද? 19න් පහළ කණ්‌ඩායමක්‌ තරග සංචාරයකට යවන්නේ නැද්ද? ඉස්‌කෝලෙකට සයිඩ් විකට්‌ එකක්‌, බෝලින් මැෂිමක්‌ ලබාදෙන්නේ නැතිද.? ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව නඩත්තු කරනවා කියන්නේ ජාතික කණ්‌ඩායම නඩත්තු කරන එකම විතරක්‌ නොවෙයි කියන එක මේ අය දැනගන්න ඕනා. මේකද ක්‍රීඩකයෙක්‌ තමන් ඉස්‌මතුවුණු ක්‍ෂේත්‍රය ගැන තියෙන හැඟීම?' යෑයි ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රශ්න කළේය.