මේ වන විට සීමාව ඉක්මවා මහජන දේපල අපහරණයේ යොදවන හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාට විශ්‍රාමලත් ජනාධිපතිවරයකුට හිමිවිය යුතු පහසුකම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව ප්‍රකාරව කටයුතු කිරීමටත් හිටපු ජනාධිපතිවරයා භාවිතා කරන වැඩිපුර රාජ්‍ය දේපළ යළි ලබා ගැනීමට කටයුතු කරන බවත් රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ(24) පැවසීය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පැමිණිල්ලකට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව හිටපු ජනාධිපතිවරයෙකුට නිල රථ 02 ක්, ආරක්ෂක රථ 02 ක්, රියදුරන් 03, ක් නිල නිවස හා ඉන්ධන පහසුකම් හිමි වන බව හෙතෙම කීය.
by Mgid
Dad Discovers Unique Hair "Regrow" Method
එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙඩි නොවදින රථ 02, මෝටර් රථ 02 ක් කැබ්රථයක්, යතුරු පැදි 8 ක් ඇතුළු වාහන 21 ක් භාවිතා කරන බවත් හමුදා නිලධාරීන් 102 ක් ඇතුළු ආරක්ෂක නිලධාරීන් 213 ක් යොදාගෙන ඇති බවත් හෙතෙම කීය.
මෙහිදී මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කර සිටියේ, මහින්ද රාජපක්ෂ මහතාට මෙලෙස තවදුරටත් රටේ මහජන මුදල් අපහරණය කිරීමට ඉඩ ලබාදෙන්නේ ඇයිද යන්නයි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවට අනුව කටයුතු කරන බවටත්, එසේ නොකලහොත් රජය අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ලන හෙයින් මෙය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහතික විය.
තම වාහන නොමැති බව පවසමින් ඔහුගේ රැස්වීම් නැවැත්වීමට යන බවත් කී ඇමැතිවරයා දිගටම රැස්වීම් මාලව පවත්වන ලෙසත් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.