මහින්ද, තවත් කළු ජූලියකට සැරසේ !

monson

Well-known member
  • May 7, 2007
    25,690
    28,750
    113
    මහින්ද, තවත් කළු ජූලියකට සැරසේ !

    එළැඹෙන ජූලි මාසය වනවිට සිංහල දෙමළ ජනවර්ග අතර නැවතත් ලේ වැකි ගැටුමක් නිර්මාණය කිරීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද පාර්ශ්වය සැලසුම් කරමින් සිටින බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    11lanka.jpg


    ජූලි මාසය ඒ සඳහා තෝරාගෙන ඇත්තේ, මෙරට ජාතික ප‍්‍රශ්නයට සංවේදී මාසයක් නිසා බවත්, එම වකවානුව තුළ කිසියම් ගැටුමක් අවුළවාගතහොත් ලෝක දෙමළ ප‍්‍රජාව පවා ප‍්‍රකෝප කරවිය හැකිය යන කරුණ මත බවත් එම ආරංචි මාර්ග කියා සිටියි.

    මෙම සැලසුමෙහි මුල් අදියර වී ඇත්තේ පසුගියදා කොළඹට පැමිණ පහන් දැල්වූ හිටපු ජනාධිපතිවරයා ‘යාපනයේ කොටි කොඩි ඇතැ’යි කියමින් ප‍්‍රසිද්ධියේම ජාතිවාදය ඇවිස්සීමය.

    එමෙන්ම යාපනයේ සිදු වූ නොසන්සුන්තාවයද අදාළ වටපිටාව එම සැලසුමේ ම කොටසක් අනුව සැලසුම් කල මෙහෙයුමක් බව අනාවරණය වෙයි.

    ආණ්ඩුවේ යුද ජය සැමරුමට සමාන්තරව, ආන්දෝලනාත්මක ‘යාපනය ශිෂ්‍යාව දුෂණ නඩුවේ’ සැකකරු මුදාහැරීමෙන් මහජන ප‍්‍රකෝප කිරීමක් සිදුවිය.

    මීට පෙර දිවයිනේ විවිධ ප‍්‍රදේශ ගණනාවක පොලීසියට හා නීති ආයතනවලට විරුද්ධ ප‍්‍රකෝපකාරී උද්ඝෝෂණ බොහෝ ගණනක් සිදුව ඇතත් මෙම උද්ඝෝෂණයට ජාතිවාදී මුහුණුවරක් ආදේශ කිරීමේ මාධ්‍ය මෙහෙයුමක්ද ක‍්‍රියාත්මක වෙමින් පවතියි.

    රාජපක්ෂවාදී බුද්ධි අංශ නිලධාරීන් :

    ෆේස්බුක් වැනි සමාජ ජාලා තුළ මෙම මතය තහවුරු කිරීම සඳහා මහින්ද පාර්ශ්වයේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකුගේ මාධ්‍ය ඒකක යොදාගැනීම මේ වනවිටත් සිදුවෙමින් පවතී.

    රාජපක්ෂ හිතවාදී බුද්ධි අංශ නිලධාරීන් හා පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුද මෙම සැලසුම කි‍්‍රයාත්මක කිරීම සඳහා එක්ව සිටින බවටද තොරතුරු වාර්තා වේ.

    පියවර ගණනාවකින් යුතු ‘කළු ජූලි සැලසුමේ’ තවත් අදියර කිහිපයක් ඉදිරි දෙසතිය තුළ දියත් වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

    ලේ පිපාසිත දේශපාලනඥයන්:

    මේ අතර, ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතා කියා සිටියේ, ත්‍රස්‌තවාදය, ජාතිවාදය පෙන්වා පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට තැත්කරන ලේ පිපාසිත දේශපාලනඥයන් තවමත් රට තුළ ක්‍රියාත්මකව සිටින බවයි.

    හිටපු ජනාධිපතිවරයා කරන ප්‍රකාශ තුළින් ඒ බව මනාව පෙන්නුම් කරන බවත් හෙතෙම කියා සිටියේය.

    (රන්දිව)

    - http://www.sinhala.srilankamirror.com/news/item/5118-mr-gearing-up-for-another-black-july
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,690
    28,750
    113
    ජාතිවාදයෙන් රට ගිනි තබන දෙවන කළු ජූලියකට රාජපක්ෂලා කළ කුමන්ත්‍රණය හෙළිවේ

    ලබන ජූලි මාසය වනවිට ශ්‍රී ලංකා පුරා අතිශය දරුණු ජාතිවාදී හා ආගම්වාදී කෝලාහලයක් ඇති කිරීමත් ඒ සමගම බලහත්කාරයෙන් රාජ්‍ය පාලනය ඩැහැගැනීමේ සහ අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට බරපතළ අපකීර්තියක් ගෙන දීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ අතිශය රහසිගත තොරතුරු රැසක් ආරක්ෂක බුද්ධි සේවා විසින් අනාවරණය කරගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තාවේ.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ මීළඟ මහ මැතිවරණයේ දී කිසිදු ආකාරයකින් නාම යෝජනා ලබානොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සන්ධානයේ හා පක්ෂයේ නායකයා වශයෙන් කර ඇති දැනුම්දීමත් සමගම මෘග චෞර රාජපක්ෂ සහ පිරිවර රටපුරා ජාතිවාදී හා ආගම්වාදී කෝලාහල ඇති කිරීමට මූලික කටයුතු දැනටමත් සූදානම් කර ඇති බව දැනගන්නට ඇත.

    මෙම සැලස්මට අවශ්‍ය පසුබිම සකසා ගැනීම පිණිස රටේ ආරක්ෂාවට විශාල තර්ජනයක් ඇති වී තිබෙන බවට මතයක් ජනතාව තුළ ව්‍යාප්ත කිරීමේ මූලික පියවර පරාජිත ජනාධිපති මෘග චෞර මහින්ද රාජපක්ෂ විසින් දැනටමත් ආරම්භ කර ඇත.
    ඉකුත් 29 වෙනිදා අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ රටේ ආරක්ෂාව දැඩි අනතුරකට ලක්ව ඇති බවයි.

    සුළු ජාතීන් වශයෙන් ද්‍රවිඩ සහ මුස්ලිම් බහුතරයකගේ අභිලාෂයෙන් සහ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්ද වලින් බලයට පත්වුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනය රටේ ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බවත් එම නිසා එයට විකල්පයක් අවශ්‍ය බවටත් එහිදී මෘග චෞර මහින්ද රාජපක්ෂ විසින් එහිදී පවසා තිබිණ.

    ලබන ජූලි මාසයේදී තවත් කළු ජූලියක් නිර්මාණය කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්කළ සුළු ජාතික ක්‍රියාධරයන් හා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාධරයන්ගේ පවුල් පිළිබඳ ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමින් මූලික තොරතුරු රැස්කිරීමේ වැඩ පිළිවෙලක් විමල් වීරවංශ හා උදය ගම්මනපිල යන දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් සකස් කර තිබෙන බවද බුද්ධි අංශ වෙත අනාවරණය වී ඇත.

    තොරතුරු එක්රැස් කිරීමේ කටයුතු සඳහා මහින්ද රාජපක්ෂ පාලනයේදී පත්වීම් ලැබූ සමෘද්ධි හා දිවි නැගුම නිලධාරීන්ගේ සහයෝගය ලබා දිය හැකි බවත් එකී රැස්වීමට සහභාගි වූ සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ නියමුවෙකු වන බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජගත් කුමාර පවසා තිබේ.

    දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග, රත්නපුර මන්ත්‍රී රංජිත් සොයිසා, මනූෂ නානායක්කාර, උදිත් ලොකු බණ්ඩාර, ලොහාන් රත්වත්තේ, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, රේනුක පෙරේරා, යන පිරිස් එහිදී මහින්ද රාජපක්ෂට පෙන්වා දී ඇත්තේ දැනට බලය ලබාගත හැකි එකම ක්‍රමය ජාතිවාදී අරගල හා ආගම්වාදී අරගලවලින් රට අස්ථාවර කිරීමෙන් පමණක් බවයි.

    මේ අනුව ලබන ජූලි මාසයේදී ග්‍රාම නිලධාරී මට්ටමෙන් හඳුනාගත් දෙමළ හා මුස්ලිම් ජාතිකයන්ගේ ගෙවල් දොරවල් හා දේපළවලට ගිනිතබා රට පුරා එකම දිනයකදී කල කෝලාහල ඇති කළ යුතු බවත් මෙහිදී උදය ගම්මන්පිල කළ යෝජනාවට වාසුදේව නානායක්කාර වැනි වාමාංශිකයෙකුද අනුකූලත්වය පළ කරමින් අදහස් දක්වා තිබීම විශේෂත්වයකි.

    එහිදී වාසුදේව නානායක්කාර පෙන්වා දී ඇත්තේ ජාතිවාදී අරගලයකදී අන්තර්ජාතිකව ඇතිවිය හැකි ප්‍රවණතා සමනය කරගත සැලස්මක් කල්තබා සකස් කර තත්ත්වය පාලනය කිරීම පිණිස යැයි කියා හිටපු ජනාධිපතිවරයා වහා බලයට ගෙන ඒමට මග එළිපෙහෙළි කළ යුතු බවයි.

    අන්තර් ජාතික ප්‍රජාව මෙහිදී දැනුවත් කිරීමට ජී. එල්. පීරිස්ට වගකීම් පවරා ඊට පක්ෂග්‍රාහී ලෙස ක්ෂණික මාධ්‍ය මෙහෙයුමක් මෙහෙයවීමට ඩලස් අලහප්පෙරුම සහ බන්දුල පද්මකුමාර දෙදෙනාට වගකීම් පවරා ඇති අතර ඊට අවශ්‍ය ජාත්‍යන්තර මාධ්‍ය සම්බන්ධීකරණය මොහාන් සමරනායක වෙත පවරා ඇතැයි බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.


    - http://www.lankaenews.com/news/2009/si
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    හෙලි උනා නම් අල්ලලා දාපන්කො ඇතුලට.මේ නූල පොලීසියට දීපන්. මෙතන පොර ටෝක්ස් දෙන්නෙ නැතුව. දැන් මිනිහට මුක්තියත් නෑනේ.
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    හිටපු ජනාධිපති කියා කියා ඉන්නේ නැතුව ඇතුලට දැම්මනම් හරිනේ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උ බයයි මහින්දට
    බය නොවී ඉදියිද බන්. දිය රෙදෙන් බෙල්ල කපන බුවෙක්නේ. හිමීට අගමැතිකමට ඇවිත් ආප්පයක් කාලා පිහියෙන් ඇන්නොත්..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,797
    113
    හෙලි උනා නම් අල්ලලා දාපන්කො ඇතුලට.මේ නූල පොලීසියට දීපන්. මෙතන පොර ටෝක්ස් දෙන්නෙ නැතුව. දැන් මිනිහට මුක්තියත් නෑනේ.

    pudana-kotama-kaapi
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    දැනටමත් පටන් අරගෙන ඉවරයි. :oo:



    Police probe attack on Borella mosque


    The police are investigating an attack on a mosque in Borella last night.

    Stones had been thrown towards the mosque damaging glass and other property of the building.

    The police media unit said that so far indications were that the attack was over a dispute a group had with the mosque authorities.

    The authorities at the mosque reportedly had in their possession CCTV footage of a robbery which occurred at a building nearby and a group had requested for the footage.

    The mosque authorities had however not given the footage and this was believed to have had led to the attack on the mosque last night. (Colombo Gazette)



    Code:
      http://colombogazette.com/2015/05/31/police-probe-attack-on-borella-mosque/
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බය නොවී ඉදියිද බන්. දිය රෙදෙන් බෙල්ල කපන බුවෙක්නේ. හිමීට අගමැතිකමට ඇවිත් ආප්පයක් කාලා පිහියෙන් ඇන්නොත්..

    එහෙම පොන්නවැඩ කරන්නෙ සිරිසේනයා බන්. මහින්දයා එහෙම පොන්න වැඩ කරන්නෙ නැහැ. අනික සිරාට බය වෙන්න දෙයකුත් නැහැනේ.. විධායකේ අහෝසි කරන්න නේ ආවේ.. කොරල යන එ‍කනේ තියෙන්නෙ.....
     

    Similar threads