මහින්ද, තවත් කළු ජූලියකට සැරසේ !
එළැඹෙන ජූලි මාසය වනවිට සිංහල දෙමළ ජනවර්ග අතර නැවතත් ලේ වැකි ගැටුමක් නිර්මාණය කිරීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද පාර්ශ්වය සැලසුම් කරමින් සිටින බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ජූලි මාසය ඒ සඳහා තෝරාගෙන ඇත්තේ, මෙරට ජාතික ප‍්‍රශ්නයට සංවේදී මාසයක් නිසා බවත්, එම වකවානුව තුළ කිසියම් ගැටුමක් අවුළවාගතහොත් ලෝක දෙමළ ප‍්‍රජාව පවා ප‍්‍රකෝප කරවිය හැකිය යන කරුණ මත බවත් එම ආරංචි මාර්ග කියා සිටියි.
මෙම සැලසුමෙහි මුල් අදියර වී ඇත්තේ පසුගියදා කොළඹට පැමිණ පහන් දැල්වූ හිටපු ජනාධිපතිවරයා ‘යාපනයේ කොටි කොඩි ඇතැ’යි කියමින් ප‍්‍රසිද්ධියේම ජාතිවාදය ඇවිස්සීමය.
එමෙන්ම යාපනයේ සිදු වූ නොසන්සුන්තාවයද අදාළ වටපිටාව එම සැලසුමේ ම කොටසක් අනුව සැලසුම් කල මෙහෙයුමක් බව අනාවරණය වෙයි.
ආණ්ඩුවේ යුද ජය සැමරුමට සමාන්තරව, ආන්දෝලනාත්මක ‘යාපනය ශිෂ්‍යාව දුෂණ නඩුවේ’ සැකකරු මුදාහැරීමෙන් මහජන ප‍්‍රකෝප කිරීමක් සිදුවිය.
මීට පෙර දිවයිනේ විවිධ ප‍්‍රදේශ ගණනාවක පොලීසියට හා නීති ආයතනවලට විරුද්ධ ප‍්‍රකෝපකාරී උද්ඝෝෂණ බොහෝ ගණනක් සිදුව ඇතත් මෙම උද්ඝෝෂණයට ජාතිවාදී මුහුණුවරක් ආදේශ කිරීමේ මාධ්‍ය මෙහෙයුමක්ද ක‍්‍රියාත්මක වෙමින් පවතියි.
රාජපක්ෂවාදී බුද්ධි අංශ නිලධාරීන් :
ෆේස්බුක් වැනි සමාජ ජාලා තුළ මෙම මතය තහවුරු කිරීම සඳහා මහින්ද පාර්ශ්වයේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකුගේ මාධ්‍ය ඒකක යොදාගැනීම මේ වනවිටත් සිදුවෙමින් පවතී.
රාජපක්ෂ හිතවාදී බුද්ධි අංශ නිලධාරීන් හා පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුද මෙම සැලසුම කි‍්‍රයාත්මක කිරීම සඳහා එක්ව සිටින බවටද තොරතුරු වාර්තා වේ.
පියවර ගණනාවකින් යුතු ‘කළු ජූලි සැලසුමේ’ තවත් අදියර කිහිපයක් ඉදිරි දෙසතිය තුළ දියත් වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
ලේ පිපාසිත දේශපාලනඥයන්:
මේ අතර, ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතා කියා සිටියේ, ත්‍රස්‌තවාදය, ජාතිවාදය පෙන්වා පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට තැත්කරන ලේ පිපාසිත දේශපාලනඥයන් තවමත් රට තුළ ක්‍රියාත්මකව සිටින බවයි.
හිටපු ජනාධිපතිවරයා කරන ප්‍රකාශ තුළින් ඒ බව මනාව පෙන්නුම් කරන බවත් හෙතෙම කියා සිටියේය.
(රන්දිව)
- http://www.sinhala.srilankamirror.com/news/item/5118-mr-gearing-up-for-another-black-july

Last edited: