මහින්ද දිනවිය යුත්තේ ඇයි?
ජනාධිපතිවරණය වෙත දේශපාලන කරලියේ සියල්ලන්ගේම අවධානය යොමු වී තිබේ.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පලමු නිල කාලය අවසන් වීමට වසර දෙකක් ඉතිරිව තිබියදී පල කල මෙම මැතිවරණය අද දවසේ දේශපාලනය ගැන අවදියෙන් සිටිනා බොහෝ දෙනාට පැහැදිලි කර ගත නොහැකි ගැටලු රාශියක් නිර්මාණය කරමින් සිටී.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපෙක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඒකමතිකව ඉදිරිපත් වී ඇතත් විපක්ෂ අපේක්ෂකයා ගැන මේ වන විටත් තහවුරු වී නොමැත.නමුත් ඔහු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා බව අද කිසිවකුටත් තවදුරටත් රහසක් නොවේ.
එහි පලමු වෙඩි මුරය ලෙස ජනතා විමුක්ති පෙරමුණ සරත් ෆොන්සේකා මහතාට සහාය පල කලේය.පසු ගිය සිව් වසරක මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුල ජනතා විමුක්ති පෙරමුණ එහි ඉතිහාසයේ ලැබූ දරුණුතම කඩා වැටීමට ලක් වීමේ වාඩුව මේ සමගම සම්පූර්ණ කර ගැනීම ජවිපෙ අභිප්‍රායයි.ජාතිකත්වයේ මගින් පීලි පැන්නවූ ජවිපෙට අද උරුම වී ඇත්තේ තමාගේ සදාදරණීය නායකයා පන පිටින් බොරැල්ල කනත්ත පෝරණුවේ පුච්චා දැමීමට සෘජුව අණ දුන් රනිල් වික්‍රමසිංහගේ අනවරත පරාජය නවතා ගැනීමට මුක්කුවක් වීමටය.එහිදී යලි කිසිදා එජාප පාලනයක් ඒමට ඉඩ දෙන්නේ නැතැයි සහතික වූ ජවිපෙ වත්මන් නායකයා නොහොත් ජවිපෙ බිහිකල හොඳම දේශපාලන න්‍යායාචර්‍යවරයාගේ මතයද පරාජය කිරීමට අද එහි සිටිනා අනුර-ටිල්වින් කල්ලිය සමත් වී තිබේ.
ස්ථාවර දේශපාලන යුගයකදී තමන්ගේ මුග්ධ දේශපාලනයට ඇති ඉඩ කඩ සීමිත බව ප්රත්යක්ෂ කර ගෙන සිටිනා ජවිපෙ අද කැස කවන්නේ කෙසේ හෝ දේශපාලන ස්ථාවරත්වය අහිමි වන තැනට වැඩ සලස්වන්නටය.ඔවුන්ගේ දේශපාලනයට ඉඩක් පවතින්නේ එම අස්ථාවරත්වය තුල පමණි.තවද මහින්දගේ ජාතිකත්ව ලැදියාවටද සෘජුව මුහුණ දී ගත නොහැකි ඔවුන් ඒ සඳහා පිලිතුරක් සොයා ගෙන තිබේ.එනම් තමාට අහිමි ජනතා කැමැත්ත පික් පොකට් ගැසීමටය.නැතහොත් මංකොල්ල කා ගැනීමටය.ඒ සඳහා සුදුසුම චරිතය ඔවුන්ට හමු වී ඇත.2006 දී තනිව තරඟ කර ලබා ගත් දොලොස් ලක්ෂයකට අධික චන්ද ප්‍රමාණය පසු ගිය පලාත්සභා මැතිවරණයේදී යන්තම් දෙලක්ෂය ඉක්මවා යාමට පමණක් සිදු වන තැනට කඩා වැට්ටුවේ මහින්දගේ ජනතාවාදී ගමනයි.ජවිපෙට හිමිව තිබූ සටන් පාට තවදුරටත් වලංගු වීමට ඉඩ නොතබූ ඒ මහින්ද යුගය ජවිපට තිත්ත වී තිබේ.තම පක්ෂය තීරණාත්මක ලෙස දෙකඩ වූයේද මේ මහින්දගේ දේශපාලන ගමනම බව ජවිපෙට රහසක් නොවේ.එබැවින් සිදු කල යුත්ත ජවිපේ තෝරා ගෙන තිබේ.එනම් රටට කුමක් වුවත් තම පක්ෂය තව දුරත් ජීවී තත්වයේ පවත්වාගැනීමට නම් මහින්ද පාලනය හමාර කල යුතුය.ඒ සඳහා තම දේශපාලන නායකයා ඇතුළු 60,000ක් තරුණයක් ඝාතනය කලේ යැයි තමන් විසින්ම චෝදනා කල එජාපය සමග එක ගේ කන්නට ජවිපෙ සියලු සදාචාරාත්මක සළු පිළි ඉවතලා දේශපාලනිකව නිරුවත් වී තිබේ.මෙතැන් සිට දිග හැරෙනු ඇත්තේ එම ලැජ්ජාසහගත දීගයේ හිරිකිත ජවනිකාය.තමන් විසින්ම රනිල් ප්රමුඛ එජාපයේ නලලේ කෙටූ දේශද්‍රෝහී හන තම හැඳ සිටින සරමම ඔසවා ජනතාවගෙන් වසන් කිරීමට ජවිපෙ නායකයන් කටයුතු කලහොත් පුදුම විය යුතු නැත.ඒ ඔවුන් අද පත්ව ඇති බංකොලොත්කමේ ප්‍රමණයයි.

Last edited: