බෑන් කී මූන්, එජාපය හා ජවිපෙ
from divaina 20110425
බෑන් කී මූන්, එජාපය හා ජවිපෙ
-3
වාර්තාවේ 21 වැනි පිටුවේ ඔවුන්ට මේ සියලු වාර්තා ලැබුණේ කොතැනින් දැයි පොදු සඳහනක් ඇත. ඒ අනුව මේ විස්තර ඔවුන්ට ලැබී ඇත්තේ ජාත්‍යන්තර සංවිධානවල දෙමළ සේවකයන්ගෙන් විවිධ ක්‍රිස්තියානි පූජකවරුන්ගෙන්, දෙමළ රජයේ සේවකයන්ගෙන් හා දොස්තරවරුන්ගෙනි. ඔවුන් පවසන්නේ "ටැමිල් නෙට්" වැනි කොටි සංවිධානයට පක්ෂපාතී යෑයි සිතෙන මූලාශ්‍ර වලින් ඔවුන් තොරතුරු ලබා නොගත් බවයි. ඔවුන් කියන ආකාරයට කොටි සංවිධානයට පක්ෂපාතීව කරුණු දැක්වූයේ "ටැමිල් නෙට්" වෙබ් අඩවියෙන් පමණි. අනෙක් සියලුම උදවිය ඉතාමත්ම අපක්ෂපාතී ආකාරයට කරුණු දක්වා ඇතැයි යන උපකල්පනය මත ඔවුන් කටයුතු කරයි. ඔවුන්ට තොරතුරු දුන් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඔවුන් කියා ඇත්තේත් කොටි පාලනය යටතේ සිටින විට එකී වෛද්‍යවරුන් සත්‍ය ප්‍රකාශ කළ බවත් යළිත් ආණ්ඩුවේ පාලනයට යටත් වූ පසු ඔවුන් බොරු කී බවත්ය. මේ අනුව ඔවුන් පැමිණ ඇති නිගමනය වන්නේ කොටි සංවිධානයේ පාලනය යටතේ සිටින විට ඔවුන්ට තොරතුරු දුන් රජයේ සේවකයන් ඇත්ත කී බවත්, එම රජයේ සේවකයන් යළිත් තමන්ගේ ආණ්ඩුවේ බලප්‍රදේශයට පැමිණි පසු බොරු කී බවත්ය.
මේ අනුව 2008 වසරේදී ඇමරිකාවේ අභ්‍යන්තර ඔත්තු සේවය වන එෆ්. බී. අයි. ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්රස්තවාදීන් හැටියට (අල් කයිඩා සංවිධානයත් පරාජය කරමින්) අංක එකේ තැනට නම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයේ අණසක යටතේ භාෂණයේ නිදහස තිබුණු බවත් ආසියාවේ පැරැණිම ප්රජාතන්ත්රවාදී රට වන ශ්‍රී ලංකාවේ ආණ්ඩුව යටතේ භාෂණයේ නිදහස නොමැති බවත් ගම්‍ය වන ආකාරයට මූන් වාර්තාව කරුණු දක්වයි. නමුත් කොටි සංවිධානයේ පාලන ප්‍රදේශවල සිට කිසිදු අපක්ෂපාතී තොරතුරක් එළියට එන්නේ නැති බව ලංකාවේ ජීවත් වන හැමෝම දනිති. එළියට ආ තොරතුරු කොටි සංවිධානය විසින් එළියට දීමට සූදානම් වූ ඒවා පමණි. වෙනකක් තබා එක්සත් ජාතීන්ගේ සංවිධානයේම දෙමළ සේවකයන්ගේ ජීවිතත් මරණයත් පාලනය කළේ කොටි සංවිධානය විසින්ය. එ.ජා. සංවිධානය විසින් කොතරම් පෙරැත්ත කරත් ඔවුන්ගේ සේවකයන් කොටි ග්රහණයෙන් බේරා ගැනීමට නොහැකි විය. 2005 දෙසැම්බර් මාසයේදී ලංකාවට පැමිණි ෆිලිප් ඇල්ස්ටන් නමැති එ.ජා. සංවිධානයේ විශේෂ නියෝජිතයා ද කොටි සංවිධානය විසින් දෙමළ ජනතාව මරා බියගන්වා ඔවුන්ගෙන් වැඩ ගැනීම ගැන වෙනම සඳහනක් කළේය. ඔහුගේ නිර්දේශය වූයේ ද බටහිර රටවල් විසින් දෙමළ ඩයස්පෝරාව හරහා මේ භීෂණය නවත්වන මෙන් කොටි සංවිධානයට බලපෑම් කළ යුතු බවයි.
කොටි සංවිධානය විසින් දෙමළ ජනතාව පමණක් නොව ඔවුන්ගේ ප්‍රදේශවල සිටි රජයේ සේවකයන්ද පාලනය කළ ආකාරය ගැන යාපනය විශ්වවිද්‍යාලයේ ගුරුවරුන් පිරිසක් විසින් පිහිටුවන ලද "මානව අයිතීන් සඳහා විශ්වවිද්‍යාල ගුරුවරුන් (යාපනය)" නමැති සුප්‍රසිද්ධ සංවිධානය කොටි සංවිධානය විසින් දෙමළ දිසාපතිවරුන්ගේ සිට දොස්තරවරුන්, ගුරුවරුන් හා ග්‍රාමසේවක දක්වා සියලු දෙනා පාලනය කළ ආකාරය ගැන ඔවුන්ගේ ලියවිලි වල මනාවට පැහැදිලි කර ඇත. දෙමළ සංවිධානයක් වුණත් යාපනය විශ්වවිද්‍යාලය පදනම් කරගත් මෙකී දෙමළ බුද්ධිමතුන්ට මේ ආකාරව නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට හැකි වූයේ ඔවුන්ගේ ප්‍රධාන ක්‍රියාකාරීන් කොටි බලප්‍රදේශ වලින් බැහැරව ජීවත් වූ නිසාය. මෙම දෙමළ විශ්වවිද්‍යාල ගුරුවරුන් කොටි සංවිධානය විසින් ආණ්ඩුවේම ග්‍රාමසේවකවරුන් හරහා දෙමළ ජනතාව පාලනය කරන ආකාරය ඉතා සිත්ගන්නාසුළු ආකාරයට විස්තර කර ඇත. කොටි සංවිධානය ඔවුන්ගේ