මහින්ද දෙමලු 40,000ක් මරලාලු

4KIRIHAMI

Banned
Sep 7, 2010
703
72
0
ඇයි අපේ රට අරාජික රටක් කරන්න බටහිර ප්‍රමුඛ බලවේගවලට අවශ්‍යය.......
මෙන්න මූලික හේතු 3........

1. මන්නාරම් ද්‍රෝණියේ ඇති උකහාගත හැකි තෙල්. මේ පිළිබද ශක්‍යතා අධ්‍යනය කලේ නෝර්වේ සමාගමක්....රට අරාජින වුණොත් මේ සම්පත ලේසියෙන් කොල්ල කා ගන්න බටහිරයන්ට පුළුවන්.....

2. රටෙහි නිරිත සිට ගිණිකොණ දක්වා ප්‍රදේශයේ ගැඹුරැ මුහුදේ පවතින වටිනා ඛණිජ නිධි - වි‍ශේෂයෙන්ම අනාගත බලශක්ති අර්බුදයේදී, ඛණිජ තෙල් සදහා ආදේශකය වන න්‍යෂ්ඨික ශක්තිය නිපදවීමට අවශ්‍ය තෝරියම් මේ ප්‍රදේශයේ බහුලයි.....ටොන් ලක්ෂ ගණනක තෝරියා නිධියක් මේ ප්‍රදේශයේ තිබෙන බව ඔබ දන්නවද?

3. ඇන්ටාක්ටිකාව දක්වා විහිදුණු සමුද්‍ර තීරයේ ඇති ඇති විශාල මත්‍ස්‍ය සම්පත. අනාගත ලෝක ආහාර අර්බුදයකදී මෙය මිළ කරන්නට පුළුවන් දෙයක්.....

සමහර වෙලාවට මං සදාකාලයටම මිසිං වෙන්න පුළුවන් මේ පෝස්ට් එක නිසා.........නමුත් මම මගෙ රටට ආදරෙයි..........!!!!!!!

ඔයකතාවලට හිනා වෙලා පනයනවා :lol::lol::lol::lol:
1.සුද්දොන්ට මාළු කන්න අපේ රටටම එන්න ඕන නැහැ ජාත්‍යන්තර මුහුදු වල ඕන තරම් මාළු ඉන්නවා.

2.ඉරාකේ තමා ලෝකේ දැනට හොයා නොගත්ත විශාලම තෙල් නිදි තියෙනේ .ඇමරිකාව ඉරාකේ එක තෙල් බින්දුවක් වත් අලුතෙන් ඇදලා ගන්න බැරිඋනා

3.දැනට ලෝකේ විශාලම කනිජ නිදිය හොයාගෙන තියෙන්නේ ඇෆ්ගනිස්ථානෙ.ඇමරිකාව එකෙන් එක වැලිකටයක්වත් ඇමරිකාවට මේවෙනකොට අරං ගහිල්ලා නැහැ.

අතේ ඉන්න කුරුල්ලා පැත්තකට දාලා ගහෙ ඉන්න කුරුල්ලා අල්ලගන්න එනවා කියලා
බෙරිහන් දෙන මෝඩ දේශහිතෛශීන් හින්දා තමා ලංකාවට කෙල උනේ .
 
Last edited:

4KIRIHAMI

Banned
Sep 7, 2010
703
72
0
මචන් උඹ දොස්තර කෙනෙක් නේද? මොකද බං ඔය ගොන් කතා කියන්නේ.
ගොන් තෙල් තමයි ලංකාවෙන් ගන්න පුලුවන්.ඔබතුමාගේ වයස කීයද?

rope අද ෆෝම් වෙලා වාගේ :lol::lol::lol::lol:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයකතාවලට හිනා වෙලා පනයනවා :lol::lol::lol::lol:
    1.සුද්දොන්ට මාළු කන්න අපේ රටටම එන්න ඕන නැහැ ජාත්‍යන්තර මුහුදු වල ඕන තරම් මාළු ඉන්නවා.

    2.ඉරාකේ තමා ලෝකේ දැනට හොයා නොගත්ත විශාලම තෙල් නිදි තියෙනේ .ඇමරිකාව ඉරාකේ එක තෙල් බින්දුවක් වත් අලුතෙන් ඇදලා ගන්න බැරිඋනා

    3.දැනට ලෝකේ විශාලම කනිජ නිදිය හොයාගෙන තියෙන්නේ ඇෆ්ගනිස්ථානෙ.ඇමරිකාව එකෙන් එක වැලිකටයක්වත් ඇමරිකාවට මේවෙනකොට අරං ගහිල්ලා නැහැ.

    අතේ ඉන්න කුරුල්ලා පැත්තකට දාලා ගැහෙ ඉන්න කුරුල්ලා අල්ලගන්න එනවා කියලා
    බෙරිහන් දෙන මෝඩ දේශහිතෛශීන් හින්දා තමා ලංකාවට කෙල උනේ .

    ඔබත් මම්ත දෙන්නම ජිවත් වෙයිද?............වෙන්නනෙ මොනවද කියල බලාගන්න.......
     

    GANJA MAN

    Banned
    Apr 2, 2011
    36
    3
    0
    එහෙම දේවල් වෙනවා.......ඒ නිසා තමයි මම මහින්ද ව අදහන්නේ නැත්තේ......ඒක තේරුම් ගන්න........


    moko ban ube ekaparama volume basse. kiyana deyak direct therenna kiyapan.baba ukkuna katha nathuwa.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්තිමට බැලුවම වහෙන් ඔරෝ හරි ඔහෙන් වරෝ හරි අපි ඔක්කොම කියන්නේ එකම දේ........
    ඇර ගන්නෙත් එකම කාරනයට..........
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    රටේ ගොඩක් මිනිස්සු බලන්නේ ජිවිතේ ගැට ගහගන්නේ කොහොමද කියලා
    හෙට අනිද්දා බස් ගාස්තු සහ පාන් ගෙඩියේ ඉදං ගණන් වැඩි වෙනවා .
    දැන් මුන් බැන්කි මුන් නාඩගම පෙන්නවා .
    අපි බෑන් කී මුන් කෙලවන්න හදන කොට අපිට කෙලවෙන්නේ නොදැනම .:lol::lol::lol::lol
    :
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රටේ ගොඩක් මිනිස්සු බලන්නේ ජිවිතේ ගැට ගහගන්නේ කොහොමද කියලා
    හෙට අනිද්දා බස් ගාස්තු සහ පාන් ගෙඩියේ ඉදං ගණන් වැඩි වෙනවා .
    දැන් මුන් බැන්කි මුන් නාඩගම පෙන්නවා .
    අපි බෑන් කී මුන් කෙලවන්න හදන කොට අපිට කෙලවෙන්නේ නොදැනම .:lol::lol::lol::lol
    :

    දවසේ කියමන...............
     

    GANJA MAN

    Banned
    Apr 2, 2011
    36
    3
    0
    රටේ ගොඩක් මිනිස්සු බලන්නේ ජිවිතේ ගැට ගහගන්නේ කොහොමද කියලා
    හෙට අනිද්දා බස් ගාස්තු සහ පාන් ගෙඩියේ ඉදං ගණන් වැඩි වෙනවා .
    දැන් මුන් බැන්කි මුන් නාඩගම පෙන්නවා .
    අපි බෑන් කී මුන් කෙලවන්න හදන කොට අපිට කෙලවෙන්නේ නොදැනම .:lol::lol::lol::lol
    :

    :yes::yes::yes:
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    පෑලියගොඩ ලගකදී දේශහිතෛෂීන්ගේ ලොකු රැස්වීමක් තිබුනා .
    මමත් ගමනක් යන්න බස් එකකට ගොඩවෙලා හිටියේ
    පැය බාගයක් විතර බස් එක පාර මැද ඉස්සරහට යන්න හිතන්නවත් බැහැ පැයක් කියලා එකක් නැහැ
    මැති ඇමති වරුන්ගේ වාහනවලින් පාර වැහිලා .
    එත එක්කම ඇම්බියුලන්ස් එකක් අවා සයිරන් එක දාගෙන ඉස්සරහට යනවා තියා හිතන්නවත් බැහැ .
    ඇම්බියුලන්ස් එක විනාඩි 15 ක් විතර ඉදලා ආපහු හරවාගෙන යන්න උනා ලෙඩත් එක්කම .
    කිසිම පොලිසියේ කෙනෙක් හැරිලාවත් බැලුවේ නැහැ අම්බුලන්ස් එක දිහා
    ඕක වෙනරටක උනානම් මිනිස්සු එවලවේම එරටේ දේශපාලකයින්ට ගල්වලින් ගහලා ඉවරයි.
     
    • Like
    Reactions: conservative

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    රටේ ගොඩක් මිනිස්සු බලන්නේ ජිවිතේ ගැට ගහගන්නේ කොහොමද කියලා
    හෙට අනිද්දා බස් ගාස්තු සහ පාන් ගෙඩියේ ඉදං ගණන් වැඩි වෙනවා .
    දැන් මුන් බැන්කි මුන් නාඩගම පෙන්නවා .
    අපි බෑන් කී මුන් කෙලවන්න හදන කොට අපිට කෙලවෙන්නේ නොදැනම .:lol::lol::lol::lol
    :
    ඉතින් උබත් එහෙම ජීවිතේ ගැට ගහගන්න බලන එකෙක්ද
    ජීවිතෙ ගැට ගහන්න නෙවෙයි ජීවත් වෙන්න බලපන්
     

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    from divaina 20110425
    බෑන් කී මූන්, එජාපය හා ජවිපෙ
    -1

    බෑන් කී මූන්ගේ වාර්තාව සම්බන්ධයෙන් මේ රටේ විපක්‍ෂය දරන ස්‌ථාවරය, ආණ්‌ඩුව දරන ස්‌ථාවරය මෙන්ම වැදගත් වෙයි. මූන්ගේ වාර්තාව නිර්දේශ කර ඇත්තේත් ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ සිදුවිය යුතු බවයි. මෙකී ජාත්‍යන්තර මැදිහත්වීමට බටහිර රටවල සහයෝගය තිබෙන අතර විපක්‍ෂයේ ස්‌ථාවරය යනු එකී මැදිහත්වීමට ලංකාව තුළ ද යම්කිසි සහයෝගයක්‌ තිබෙනවාද නැත්ද යන්න ගැන තීරණය වන්නේ විපක්‍ෂය දරන ස්‌ථාවරය අනුවයි. මේ වන විට දෙමළ ජනතා සංධානයේ බලාපොරොත්තු විය යුතු ආකාරයට එකහෙළාම බෑන් කී මූන්ගේ වාර්තාව පිළිගෙන ඇත. කොටි සංවිධානයේ බළල් අතක්‌ වූ දෙමළ ජාතික සන්ධානය යුදමය වශයෙන් ආණ්‌ඩුව පරාජය කිරීමට නොහැකි වූ තැන විදේශීය බලවතුන් ලවා හෝ ආණ්‌ඩුව බිම දමා ගැනීමට බලාපොරොත්තු වීම පුදුමයට කරුණක්‌ නොවෙයි. නමුත් දෙමළ ජාතික සන්ධානය ජාතික පක්‍ෂයක්‌ නොවෙයි. කලක්‌ ජාතික පක්‍ෂයක්‌ව තිබී අද ශීඝ්‍රයෙන් අභාවයට යමින් තිබෙන ජ.වි.පෙ. පවසා සිටින්නේ ඔවුන් මෙම නිර්දේශයේ බලපෑම්වලට විරුද්ධ වන අතර මේ බලපෑම් ඔවුන්ට කිරීමට හැකි වන ආකාරයට ආණ්‌ඩුව හැසිරුණු නිසා මේ දෙය සිද්ධ වන බවයි. බෑන් කී මූන්ගේ වාර්තාවේ සම්පූර්ණ පිටපතක්‌ ඇත්තේ උපාලි පුවත්පත් සමාගම සතුව පමණි. වෙනත් දෙස්‌ විදෙස්‌ සියලුම මාධ්‍ය ඔවුන් දන්නා කරුණු උකහාගෙන ඇත්තේ අප විසින් පළකරන ලද කොටස්‌ කියවා බැලීමෙන් පසුවයි. මේ නිසා බෑන් කී මූන්ගේ වාර්තාවෙන් ලංකාවට එරෙහිව චෝදනා එල්ල වන්නේ ආණ්‌ඩුවේ හැසිරීමේ ප්‍රතිඵලයක්‌ නිසාද නැත්ද යන්න ගැන ජනතාවට පැහැදිලි කරදීම අප සතු වගකීමක්‌ වන්නේය.
     
    Last edited:

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    බෑන් කී මූන්, එජාපය හා ජවිපෙ

    බෑන් කී මූන්, එජාපය හා ජවිපෙ-2
    මේ රටේ විපක්‍ෂ බලවේගවලට වඩා වැදගත් වන්නේ එ.ජා.ප. යයි. බෑන් කී මූන් වාර්තාව සම්බන්ධයෙන් මේ වන විට එ.ජා.ප. යේ ලක්‍ෂමන් කිරිඇල්ල මහතාත්, හරීන් ප්‍රනාන්දු මහතාත් පක්‍ෂය වෙනුවෙන් නිල ප්‍රකාශ කර ඇත. මේ අනුව ඔවුන් කියා සිටින එක කාරණයක්‌ වන්නේ ඔවුන් ද මේ වාර්තාව පිළිගන්නා බවයි. එසේ පිළිගන්නේ කොටි සංවිධානය ද යුද අපරාධ සිදු කර ඇතැයි එම වාර්තාවෙන් කියා ඇති නිසා බව ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරයි. වාර්තාව ප්‍රතික්‍ෂේප කළොත් කොටි සංවිධානය ද යුද අපරාධ කළ බවට කියන දෙය ප්‍රතික්‍ෂේප කිරීමක්‌ වන නිසා ඔවුන් එය එකහෙලාම ප්‍රතික්‍ෂේප කරන්නේ නැති බවයි. ඒ අතරතුර ලක්‍ෂමන් කිරිඇල්ල මහතා කියා සිටියේ මේ ජාත්‍යන්තර විමර්ශන විවිධ පිරිස්‌ ඉල්ලා සිටින්නේ දේශීය වශයෙන් විමර්ශනයක්‌ නොකරන නිසා බවයි. විපක්‍ෂය විසින් කියන මේ කාරණා ගැන වඩාත් පැහැදිලි චිත්‍රයක්‌ අපට ඇතිකර ගැනීමට නම් බෑන් කී මූන්ගේ වාර්තාවේ කරුණු ගැන තවදුරටත් පැහැදිලි කිරීමක්‌ අවශ්‍ය වෙයි. ඉකුත් සතියේ අපි කාරණා දෙකක්‌ ගැන අවධානය යොමු කෙරුවෙමු. ඒ අවසන් සටනේදී මියගියා යෑයි කියන සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව මූන් වාර්තාවෙන් ගණන් බලා තිබූ ආකාරය හා කොටි සංවිධානයේ අණසක යටතේ සිටින සිවිල් වැසියන්ගේ ගණන සිතාමතාම අවතක්‌සේරු කොට ඔවුන්ට යෑවෙන ආහාර හා බෙහෙත් ප්‍රමාණය සීමා කළා යෑයි කියමින් තිබූ චෝදනා දෙක ගැනය.

    මූන් වාර්තාවෙන් ලංකාවට එරෙහිව කෙරෙන තවත් ප්‍රධාන චෝදනාවක්‌ වන්නේ කාලතුවක්‌කු ප්‍රහාරවලින් සිවිල් වැසියන් විශාල ගණනක්‌ මියගිය බවත් වන්නියේ තිබූ සියලුම ඉස්‌පිරිතාලවලට කාලතුවක්‌කු ප්‍රහාර එල්ල කළ බවත්ය. මෙකී සියලුම චෝදනා සම්බන්ධයෙන් මූන් කමිටුව සාක්‍ෂි හා තොරතුරු සොයා ගත්තේ කෙසේද යන කාරණය ගැන අප කවුරුත් අවධානය යොමු කළ යුතුය. ලංකාවේ සිදුවූවා යෑයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් මූන් කමිටුව සොයා ගත් තොරතුරු සියල්ල සඳහන් වන්නේ එම වාර්තාවේ 20 වැනි පිටුවේ සිට 51 වැනි පිටුව දක්‌වාය. මෙහිදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර නිලධාරීන් විසින් මෙය සෘජුවම නිරීක්‍ෂණය කළ අවස්‌ථා 2 ක්‌ ගැන සඳහන් වෙයි. ඉන් එක්‌ අවස්‌ථාවක්‌ වන්නේ ජනවාරි 24 හා 25 යන දිනවල එ.ජා. සංවිධානයේ කඳවුරකට එල්ල වූ කාලතුවක්‌කු ප්‍රහාරයක්‌ ගැනය. ඊළඟ අවස්‌ථාව වන්නේ 2009 පෙබරවාරි 4 වැනි දින ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නිලධාරීන් දෙදෙනෙක්‌ එතැන සිටින විට පුදුකුඩිඉරුප්පු ඉස්‌පිරිතාලයට ෂෙල් වෙඩි දෙකක්‌ වැටීමය. මේ දෙක හැරුණු විට සිවිල් වැසියන්ටත් ඉස්‌පිරිතාලවලටත් කාලතුවක්‌කු ප්‍රහාර එල්ල වුණු ආකාරය ගැන විස්‌තර බොහෝමයක්‌ ඇත. නමුත් මේ එක විස්‌තරයක්‌ වත් ඔවුන්ට ලැබුණේ කෙසේ දැයි වාර්තාවේ කොතැනකවත් සඳහන් කොට නැත.
     

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    බෑන් කී මූන්, එජාපය හා ජවිපෙ

    from divaina 20110425
    බෑන් කී මූන්, එජාපය හා ජවිපෙ

    -3

    වාර්තාවේ 21 වැනි පිටුවේ ඔවුන්ට මේ සියලු වාර්තා ලැබුණේ කොතැනින් දැයි පොදු සඳහනක්‌ ඇත. ඒ අනුව මේ විස්‌තර ඔවුන්ට ලැබී ඇත්තේ ජාත්‍යන්තර සංවිධානවල දෙමළ සේවකයන්ගෙන් විවිධ ක්‍රිස්‌තියානි පූජකවරුන්ගෙන්, දෙමළ රජයේ සේවකයන්ගෙන් හා දොස්‌තරවරුන්ගෙනි. ඔවුන් පවසන්නේ "ටැමිල් නෙට්‌" වැනි කොටි සංවිධානයට පක්‍ෂපාතී යෑයි සිතෙන මූලාශ්‍ර වලින් ඔවුන් තොරතුරු ලබා නොගත් බවයි. ඔවුන් කියන ආකාරයට කොටි සංවිධානයට පක්‍ෂපාතීව කරුණු දැක්‌වූයේ "ටැමිල් නෙට්‌" වෙබ් අඩවියෙන් පමණි. අනෙක්‌ සියලුම උදවිය ඉතාමත්ම අපක්‍ෂපාතී ආකාරයට කරුණු දක්‌වා ඇතැයි යන උපකල්පනය මත ඔවුන් කටයුතු කරයි. ඔවුන්ට තොරතුරු දුන් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඔවුන් කියා ඇත්තේත් කොටි පාලනය යටතේ සිටින විට එකී වෛද්‍යවරුන් සත්‍ය ප්‍රකාශ කළ බවත් යළිත් ආණ්‌ඩුවේ පාලනයට යටත් වූ පසු ඔවුන් බොරු කී බවත්ය. මේ අනුව ඔවුන් පැමිණ ඇති නිගමනය වන්නේ කොටි සංවිධානයේ පාලනය යටතේ සිටින විට ඔවුන්ට තොරතුරු දුන් රජයේ සේවකයන් ඇත්ත කී බවත්, එම රජයේ සේවකයන් යළිත් තමන්ගේ ආණ්‌ඩුවේ බලප්‍රදේශයට පැමිණි පසු බොරු කී බවත්ය.

    මේ අනුව 2008 වසරේදී ඇමරිකාවේ අභ්‍යන්තර ඔත්තු සේවය වන එෆ්. බී. අයි. ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්‌තවාදීන් හැටියට (අල් කයිඩා සංවිධානයත් පරාජය කරමින්) අංක එකේ තැනට නම් කරන ලද ත්‍රස්‌තවාදී සංවිධානයේ අණසක යටතේ භාෂණයේ නිදහස තිබුණු බවත් ආසියාවේ පැරැණිම ප්‍රජාතන්ත්‍රවාදී රට වන ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුව යටතේ භාෂණයේ නිදහස නොමැති බවත් ගම්‍ය වන ආකාරයට මූන් වාර්තාව කරුණු දක්‌වයි. නමුත් කොටි සංවිධානයේ පාලන ප්‍රදේශවල සිට කිසිදු අපක්‍ෂපාතී තොරතුරක්‌ එළියට එන්නේ නැති බව ලංකාවේ ජීවත් වන හැමෝම දනිති. එළියට ආ තොරතුරු කොටි සංවිධානය විසින් එළියට දීමට සූදානම් වූ ඒවා පමණි. වෙනකක්‌ තබා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේම දෙමළ සේවකයන්ගේ ජීවිතත් මරණයත් පාලනය කළේ කොටි සංවිධානය විසින්ය. එ.ජා. සංවිධානය විසින් කොතරම් පෙරැත්ත කරත් ඔවුන්ගේ සේවකයන් කොටි ග්‍රහණයෙන් බේරා ගැනීමට නොහැකි විය. 2005 දෙසැම්බර් මාසයේදී ලංකාවට පැමිණි ෆිලිප් ඇල්ස්‌ටන් නමැති එ.ජා. සංවිධානයේ විශේෂ නියෝජිතයා ද කොටි සංවිධානය විසින් දෙමළ ජනතාව මරා බියගන්වා ඔවුන්ගෙන් වැඩ ගැනීම ගැන වෙනම සඳහනක්‌ කළේය. ඔහුගේ නිර්දේශය වූයේ ද බටහිර රටවල් විසින් දෙමළ ඩයස්‌පෝරාව හරහා මේ භීෂණය නවත්වන මෙන් කොටි සංවිධානයට බලපෑම් කළ යුතු බවයි.

    කොටි සංවිධානය විසින් දෙමළ ජනතාව පමණක්‌ නොව ඔවුන්ගේ ප්‍රදේශවල සිටි රජයේ සේවකයන්ද පාලනය කළ ආකාරය ගැන යාපනය විශ්වවිද්‍යාලයේ ගුරුවරුන් පිරිසක්‌ විසින් පිහිටුවන ලද "මානව අයිතීන් සඳහා විශ්වවිද්‍යාල ගුරුවරුන් (යාපනය)" නමැති සුප්‍රසිද්ධ සංවිධානය කොටි සංවිධානය විසින් දෙමළ දිසාපතිවරුන්ගේ සිට දොස්‌තරවරුන්, ගුරුවරුන් හා ග්‍රාමසේවක දක්‌වා සියලු දෙනා පාලනය කළ ආකාරය ගැන ඔවුන්ගේ ලියවිලි වල මනාවට පැහැදිලි කර ඇත. දෙමළ සංවිධානයක්‌ වුණත් යාපනය විශ්වවිද්‍යාලය පදනම් කරගත් මෙකී දෙමළ බුද්ධිමතුන්ට මේ ආකාරව නිදහසේ අදහස්‌ ප්‍රකාශ කිරීමට හැකි වූයේ ඔවුන්ගේ ප්‍රධාන ක්‍රියාකාරීන් කොටි බලප්‍රදේශ වලින් බැහැරව ජීවත් වූ නිසාය. මෙම දෙමළ විශ්වවිද්‍යාල ගුරුවරුන් කොටි සංවිධානය විසින් ආණ්‌ඩුවේම ග්‍රාමසේවකවරුන් හරහා දෙමළ ජනතාව පාලනය කරන ආකාරය ඉතා සිත්ගන්නාසුළු ආකාරයට විස්‌තර කර ඇත. කොටි සංවිධානය ඔවුන්ගේ
     

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    from divaina 20110425
    බෑන් කී මූන්, එජාපය හා ජවිපෙ

    -4

    රැස්‌වීම්වලට පවා ජනතාව ගෙන්වා ගන්නේ ග්‍රාමසේවකවරුන් හරහාය. ජනතාවගෙන් බලයෙන් වැඩ ගැනීමටත්, ඔවුන් හමුදා සේවයේ යොදවා ගැනීමටත් ජනතාවට ලැබෙන සහනාධාර වලින් කොටසක්‌ කොටි සංවිධානයට ලබාගැනීම සඳහාත් ඔවුන් භාවිත කළේ ආණ්‌ඩුවේම ග්‍රාමසේවකවරුන්ය · මේ ආකාරයට කොටි සංවිධානයේ දැඩි අණසක යටතේ පසුවූ දෙමළ දොස්‌තරවරුන් හා වෙනත් රජයේ සේවකයන්ගෙන් නිර්පාක්‍ෂික තොරතුරු ලැබේය යන උපකල්පනය මත කටයුතු කිරීම බෑන් කී මූන් කමිටුව විසින් කරන ලද ප්‍රධානම වරදකි.

    තමන්ට තොරතුරු ලැබුණේ පොදුවේ මෙවැනි රජයේ සේවකයන්ගෙන් හා ජාත්‍යන්තර සංවිධාන වල සේවකයන්ගෙන් යෑයි කීවද නිශ්චිතවම එක්‌ එක්‌ තොරතුරු ලැබුණේ කාගෙන්ද යනාදී විස්‌තර කිසිවක්‌ එම වාර්තාවේ සඳහන් කොට නැත. අප කලින් ද පෙන්වා දුන් පරිදි ආණ්‌ඩුවේ දෙමළ රජයේ සේවකයන් තබා ජාත්‍යන්තර සංවිධානවල දෙමළ සේවකයන්ටවත් අපක්‍ෂපාතීව කරුණු ප්‍රකාශ කිරීමට හැකියාවක්‌ තිබුණේ යෑයි කීම විහිළුවකි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව අනෙක්‌ සියලුම ජාත්‍යන්තර සංවිධානවල දෙමළ සේවකයන්ට පණ බේරා ගැනීමට පලා යැමටවත් කොටි සංවිධානය ඉඩ දුන්නේ නැත. මූන් වාර්තාවේම එය පැහැදිලිව සඳහන් කොට ඇත. ඉතින් එවැනි තත්ත්වයක්‌ යටතේ එම දෙමළ සේවකයන්ට භාෂණයේ නිදහස තිබුණේ යෑයි උපකල්පනය කළ හැකිද?
     
    • Like
    Reactions: dath kimbula