මහින්ද දේශප්‍රිය on #GoHomeGota - 2022 Sri Lankan Protests

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ජාති, ආගම් , භාෂා , ප්‍රාදේශීය , උගත් නූගත් , දුප්පත් පොහොසත් , සුදු / දුඹුරු කරපටි , ස්ත්‍රී පුරුෂ , LGBT , හෝ දේශපාලන මතිමතාන්තර යනාදි කිසිදු භේදයකින් තොරව පොදු ජනතාවගේ විශේෂයෙන්ම මැදිවියට නොපැමිණි තරුණ තරුණියන්ගේ හා යව්වන යව්වනියන්ගේ මේ දැවැන්ත විරෝධතා නොසලකා හැරිය හැක්කේ කාටද?

    සභාපති මාඕ සේතුං වරක් කියූ පරිදි ලෝකය අප සැමට අයත් වුවත් අවසාන විග්‍රහයේදී ලෝකය අයත් වන්නේ තරුණ තරුණියන්ට හා යව්වන යව්වනියන්ට පමණක්ම බැවින්, එනම්, අපේ රටේ පමණක් නොවලෝකයේම අනාගතය රඳා පවතින්නේ තරුණ තරුණියන් හා යව්වන යව්වනියන්ට හෙයින් ඔවුන්ගේ හඬ කිසිසේත්ම යටපත් කළ නොහැක. නොසලකා හැරීම නොකළ යුතුය.

    එසේවුවද මේ උද්ඝෝෂණ හා විරෝධතා ප්‍රචණ්ඩත්වය කරා යෑම අත්‍යවශ්‍යයෙන්ම වැළැක්විය යුතුය.

    විරෝධතාවලදී සංගීත භාණ්ඩ වැයීම , නර්තනය හා ඡායාරූප ගැනීම ලෝකයේම දැකිය හැකි ප්‍රවණතාවකි.

    එනමුදු මත්වීම ප්‍රතික්ෂේප කළ යුතුය . එය ප්‍රචණ්ඩත්වයට මාර්ගයයි .මෙවැනි තැන්වලදී මත්පැන් වලින් සිදුවන්නේ ආත්ම දමනය හා ස්මරණය නැතිවීමයි. අනෙක මෙවැනි උද්ඝෝෂණ "ආතල් එකට " කරන දෙයක් බවට හැඟීමක් , මතයක් ඇතිවන ආකරයේ හැසිරීම්ද යෝග්‍ය නොවේ . එමෙන්ම අසභ්‍ය වචන, වෛරී කථනය ,පොදු ජනයාට බධාවන සේ මාර්ග අවහිර කිරීම යනාදිය පිටු දැකිය යුතුය. කඩාකප්පල්කාරීන් හා ප්‍රචණ්ඩත්ව ලෝලීන් පලවා හැරිය යුතුය.

    පවත්නා ආණ්ඩුවට එරෙහි ස්වකීය විරෝධතා ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කිරීමට ජනතාවට ශුද්ධවූ අයිතියක් තිබේ. එය කිසිවෙකුට පැහැර ගත නොහැකිය.


    දැන්⁣ මේ ගැන මගේ මගේ කියවීම මෙහි ලියමි. මේ ඉල්ලීම් පිළිබඳ මගේ මතය ජනප්‍රිය මතයට යම්තාක් දුරකට වෙනස්වේ.

    මට පෙනෙන අයුරින් මේ ගැටලුවට තාවකාලික ක්ෂණික හා දිගුකාලීන විසඳුම් දිය යුතු වේ.

    එහි තාවකාලික විසදුම ඇත්තේ පවත්නා ව්‍යවස්ථාමය රාමුව තුළමය . එය කළ හැක්කේ 225+1 එක්ව අවංක හැගීමෙන් යුතුව ජන අභිලාෂයට ගරු කරමින් සාකච්ඡා හා සම්මුති මගිනි. දැනට යම් පිරිසක් පෙන්වා දී ඇති අයුරින් මේ ගැටලුව විසඳීමට හැකි විද්වතුන් කිහිප දෙනකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරගෙන කෙටි කලක් සඳහා ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් තාවකාලික භාරකාර ආණ්ඩුවක් පත්කර ගැනීම යෙහෙකි යයි සිතමි . මක්නිසාද යත් ජනතාවගේ පරමාධිපත්‍යය බලය තුළවූ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවට එනම් 225ටද පවරා ඇති බැවින් මේ අවස්ථාවේදී ඉන් බැහැර වීමේ හැකියාවක් නොපෙනෙන හෙයිනි. (එසේත් නැත්නම් මේ අර්බුදය විසදීම සඳහා වහාම සුදුසු පියවර ගන්නා ලෙස ආණ්ඩුවට නියමයක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගැනීමේ හැකියාවක් තිබේ දැයිසොයා බැලිය යුතුය .. බොහෝ දුරට මෙය යථාර්ථයක් නොවන්නට ඉඩ තිබේ)

    ජනතාව විසින් ව්‍යවස්ථානුකූලව 225ට එකට පවරා ඇති නියෝජනය , ආපසු පවරා ගෙන සෘජු ප්‍රජාතන්ත්‍රවාදය භාවිතා කර යම් වෙනත් පිරිසක් විසින් ක්‍රියාත්මක කිරීමට යෑම නොපැතිය යුතු අරාජිකත්වයට , කෲර ඒකාධිපති පාලනයකට හෝ මිලිටරීකරණයකට මග පාදනු ඇත.

    එහෙයින් තම තමන්ගේ පක්ෂයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව , පසුගිය ඡන්ද විමසීම් වලදී ලද සංඛ්‍යාව , අනාගතයේදී ලැබෙන මන්ත්‍රී ධුර සංඛ්‍යාව , ලබන සැරේ ලැබෛන ඡන්ද සංඛ්‍යාව ගැන පුරෝකථන, බලය තවදුරටත් පවත්වා ගැනීම , බලය තමන්ට ලබා ගැනීම , අනාගත සිහින මේ අවස්ථාවේ තාවකාලිකව අමතක කර දමා එක්ව අවංකව , නිහතමානීව අපේ රටේ වර්තමානය හා අනාගතය වෙනුවෙන් ක්‍රියා කරන ලෙස 225ට බල කරමු .

    එමගින් මේ දැවෙන විදේශ විනිමය හිඟය ප්‍රධාන ආර්ථික ගැටලුවලට හා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයට විසදුම් ලබාදිය යුතුය . එම භාරකාර ආණ්ඩුව ගැටලුවලට පිළියම් යොදා රෝගය නිසි ලෙසම සුව වීමේ ලකුණු පෙනෙන තෙක් පවත්වා ගැනීම අවශ්‍ය වනු ඇත.

    මධ්‍ය කාලීන විසදුම ලෙස පාර්ලිමේන්තුවට බලය පැවරෙන කෙටිකාලීන ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමත් පහත දැක්වෙන අත්‍යවශ්‍ය මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීමත් අවශ්‍ය වන අතර ජනමතවිචාරණයක් හෝ මහා මැතිවරණයක් පවත්වා ඇතුළත පත් කරගෙන , සැබෑ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සහිත, පක්ෂ නායකයන්ගේ ඒකාධිපති බලයට යට නොවූ 1978 පෙර පැවතිආකරයේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් හරහා දිගුකාලීන විසඳුම් සොයා ගත යුතු වෙමු.

    එම පාර්ලිමේන්තුව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවකටත් වඩා සහභාගිත්ව පාර්ලිමේන්තුවක් වියයුතුය . මක් නිසාද යත් පාර්ලිමේන්තු ක්‍රමය තුළ සැබෑ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නැතහොත් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ( ප්‍රජා නියෝජන තන්ත්‍රවාදය නැති විට මෙයට බොහෝ කලකට පෙර Jean-Jacques Rousseau කියූ බවට ප්‍රචලිත මතු සදහන් උද්ධෘතය හා එවැනිම තවත් උද්ධෘත සත්‍ය බව පෙනී යාහැකි බැවිනි)

    "කිසියම් කාලපරිච්ඡේදයකට වරක් තෝරා පත් කරගන්නා බොහෝ නියෝජිතයන් අතින් සිදුවන්නේ තමන් අභිමත දෙයක් කිරීමත් ඒ කාලය තුළ මහජනතාවට බොරුදෙසා බෑමත්ය"

    *(සෙසු උද්ධෘත කියවුනු රිසි නම් අප ඇමතීම යෙහෙකි)

    පසු සටහන:

    1. අත්‍යවශ්‍ය මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ

    ජනතාවට මහජන නියෝජිතයන් ආපසු කැඳවීමේ බලය සතු වියයුතුය . එමෙන්ම ඡන්ද විමසීම්වලදී NOTA option හෙවත් ඉහත සඳහන් කිසිවකු නොවේ යන්න ඡන්ද පත්‍රිකාවේ තිබිය යුතුය .යම් හෙයකින් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 1/3ක් NOTA (None Of The Above) ඡන්ද නම් ඡන්ද විමසීම අවලංගු කර නව අපේක්ෂකයන් සහිතව මිශ්‍ර සමානුපාතය යටතේ ඡන්ද පැවැත්වීමට නීති සැකසිය යුතුය . මැතිවරණ වියදම් පාලනය ,මාධ්‍ය උපමාන , අපේක්ෂකයන් සදහාවූ ආචාර ධර්ම නීති ගත කළ යුතුය.

    කාන්තා හා තරුණ නියෝජනය ශක්තිමත් කිරීමේ නීති තිබිය යුතුය.

    විවිධ දිස්ත්‍රික්ක සඳහා තරග කරන ස්වාධීන කණ්ඩා‍යම් වලට හෝ එක් ප්‍රදේශයක පමණක් පදනමක් ඇති පක්ෂවලට සමස්ත දිවයින ආවරණය වනසේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා ගැනීමට හැකිවන පරිදි ඒකාබද්ධ වීමට හැකිවන ක්‍රම වේදයක් ඇතිකළ යුතු බව හඟිමි.

    2. මේ පවත්නා ව්‍යවස්ථා රාමුවෙන් පිටට ගොස් කරන යෝජනා තිබෙන බවද දැන ගැනීමට තිබේ .එවැනි අදහස් අපගේ දැන ගැනීමට එවන්නේ නම් කෘතඥ වෙමි.

    3. 2019 ජනාධිපතිවරණයේ නාමයෝජනා පිළිගැනීම සම්බන්ධයෙන් මා විමසීමට ඇවැසි පුරවැසියන් ⁣ ඉන්බොක්ස් , 0777464911 ජංගමය ( ⁣ඇමතුම් / SMS ) , වට්සැප් 0758557941 භාවිතා කිරීමට කාරුණික වනු මැනවි.


    නැවත එකතු කිරීමක්. (P.S)

    මේ සටහන පළ කරන්නේ අප්‍රේල් 06 පස්වරුවේය. ලිව්වේ 04 අලුයමය, එනම් ඊයේ හා අද පාර්ලිමේන්තුවේ සභා රැස්වීම් දර්ශන නරඹා කතා ඇසීමෙන් පසුවය. ඒ තත්වය යටතේ මේ යෝජනාව නිෂේධනය වන්නේ යයි යම් අයකු පැවසුව හොත් මට නිහඬව හිස සැලීම හැර කළ හැකි දෙයක් නැත.


    එසේවුවද මට පෙනෙන එකම මාර්ගය මෙයයි.

    Source
     
    Last edited:

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    ඌ ම නෙ ඉතිං කොලේ වහල ද්විත්ව පුරවැසියොන්ට චන්දෙ ඉල්ලන්න දුන්නෙ. දැන් බය වෙලා
     
    • Like
    Reactions: imhotep

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඌ ම නෙ ඉතිං කොලේ වහල ද්විත්ව පුරවැසියොන්ට චන්දෙ ඉල්ලන්න දුන්නෙ. දැන් බය වෙලා

    "2019 ජනාධිපතිවරණයේ නාමයෝජනා පිළිගැනීම සම්බන්ධයෙන් මා විමසීමට ඇවැසි පුරවැසියන් ⁣ ඉන්බොක්ස් , 0777464911 ජංගමය ( ⁣ඇමතුම් / SMS ) , වට්සැප් 0758557941 භාවිතා කිරීමට කාරුණික වනු මැනවි."
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    2019 ජනාධිපතිවරණයේ නාමයෝජනා පිළිගැනීම සම්බන්ධයෙන් මා විමසීමට ඇවැසි පුරවැසියන් ⁣ ඉන්බොක්ස් , 0777464911 ජංගමය ( ⁣ඇමතුම් / SMS ) , වට්සැප් 0758557941 භාවිතා කිරීමට කාරුණික වනු මැනවි.
    :shocked: :shocked:
    එතකොට @Hyaenidae කියන්නේ මහින්ද දේශප්‍රිය ද