මහින්ද රාජපක්ෂ කියන්නේ දීප්තිමත් දේශපාලාන නායකයන්ගේ ඝාතකයෙක්ද කියන ප්රශ්නය දැන් දේශපාලන ක්ෂේත්රය තුල කතාබහට ලක්වෙනවා.ඉතාම හොඳ අනාගතයක් තිබිය හැකිව තිබුන තරුණ නායකයන් වගේම මැදිවියට ආසන්නව ඉන්න නායකයන් රැසක් මේ වෙනවිට දේශපාලනිකව ඝාතනය කර තිබෙනවා.අව්‍යාජ අවංක දේශපාලන නායකත්වයක් දෙමින් ජනතා විමුක්ති පෙරමුනේ නායකත්වයට පත් වීමට අනාගතයේ ඉඩ තිබුන විමල් වීරවංශ තමයි මහින්දගේ ප්‍රථම ගොදුර.ඔහු දූෂිතයෙක්,වංකයෙක් ,සොරෙක් ලෙස හංවඩු ගසා ගනිමින් කිසිම දිනක නායකත්වයට ලං විට නොහැකි සන්ධානයේ නිකන්ම ඇමතියෙක් පමනක් වුනා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වීමට ඉඩ තිබුන මිලින්ද මොරගොඩ,මහින්ද සමර සිංහ,කරූ ජයසූරිය,එස් බී දිසානායක රාජිත වගේ අය දූෂිතයන් බවට පත් කරමින් අත යට සිදුවුන ගනු දෙනු මැද සන්ධානයට ගෙනැවිත් නිකන්ම ඇමතියන් බවට පත් කරා.මුන්ටත් කවදාවත් සන්ධානේ නායකකම ලැබෙන්නේ නෑ.අන්තිමට දයාසිරි,ජොනී වගේ එක්සත් ජාතික පක්ෂයේ මීලඟ නායකත්වයට පත්වීමට ඉඩ තිබුන අයත් දේශපාලනිකව සිය දිවිනසා ගන්න තත්වයකට ගෙන ආවා.නන්දන ගුනතිලක කියන්නේ ජේවිපි එකේ නොම්මර තුන.එයාව පවා සන්ධානෙට ඇදගෙන ඇවිල්ලා දේශපාලනිකව ඝාතනය කරා.සජිත් ප්‍රේමදාසවත් නායකත්වයට එරෙහිව උසි ගන්වමින් ඔහුගේ මොලය විකෘති කරමින් දේශපාලන ජෝකර් කෙනෙක් බවට පත් කරලා. නමුත් මේ සේරම දේශපාලනිකව ඝාතනය වෙනකොට නාමල් රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ කියන අය දේශපාලනිකව බැබලෙමින් සිටිනවා.මේහි අවසාන අරමුන නාමල්ට තියෙන සියලූම අභියෝග දේශපාලනිකව ඝතනය කිරීමද?ප්රභාකරන් එද සිංහල පක්ෂවල නායකයන් උණ්ඩයෙන් ඝාතනය කරනකොට මහින්ද මෙදා සිංහල නායකයන් සැප සම්පත්,මිල මුදල්,වස්තුව ,තාන්නමාන්න වලට ආකර්ශනය කරමින් දේශපාලනිකව ඝාතනය කරමින් ඉන්නවා.චම්පක රණවක කියන්නේ තුන්වැනි බෞද්ධ බලවේගයක නායකත්වය පත්වීමට තිබුන නායකයෙක්.නමුත් ඔහුත් ආන්ඩුවේ ඉත්තෙක් වීමෙන් දේශපාලනිකව ඝාතනය වී නානසාර වගේ එවුන් එක්ක චන්ද කැඩී යමින් සිටිනවා.චම්පකලාට හෙල උරුමයට ස්වාධීනව කල හැකි දේශපාලනයක් දැන් නිසා මහින්දගේ නුදුරු අනාගතයේ ඇතිවන බරපතල දේශපාලන පරාජයත් එක්ක ඔවුනුත් දේශපාලන කුනුබක්කියට විසිවෙනවා.ඉතින් මේ ඝාතනය වුන දයාසිරිලා,විමලෙලා මීලඟට මහින්දගේ 2014 වසරේ අත්වෙන අන්ත පරාජයෙන් කුනුබක්කියට වැටෙන එක සිදු විය හැක.