මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි

    මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි

    පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව තමන් ඉතා කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. පළාත් පාලන ආයතන සඳහා පැවැති මැතිවරණයෙන් පසුව බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවාව (බී.බී.සී) විසින් කරන ලද විමසුමකදී මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පවසා තිබේ.
    පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බවත් පවසා ඇති රාජපක්ෂ මහතා මෙම මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග රට තුළ මෙන්ම ආණ්ඩුව තුළ ද "අස්ථාවරභාවයක්" මතු වී තිබෙන බැවින් "මේ අස්ථාවරභාවයෙන් මුදාගන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනතා වරමක් ඉල්ලන්න ඕන කියන එක තමයි මම හිතන්නේ," යනුවෙන් ද පවසා තිබේ.
    පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව වත්මන් පාලක සන්ධානයේ ප්‍රධාන පක්ෂ දෙකම (ශ්‍රීලනිප - එජාප) පරාජය කරමින් ප්‍රබල ජයග්‍රහණයක් ලබාගැනීමට පොදු ජන පෙරමුණ සමත් වී තිබේ.
    2018 පළාත් පාලන මැතිවරණයේ බලය අත්පත් කරගැනීමේදී මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලැබුණු පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 239 ක බලය අත්කරගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන ආයතන 41 ක බලය හිමිවූ අතර දෙමළ ජාතික සන්ධානය පළාත් පාලන ආයතන 34 ක බලය අත්පත් කරගත්තේය.
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒ සමග එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් යන දෙපාර්ශ්වයටම එක්ව බලය ලබාගත හැකිවූයේ පළාත් පාලන ආයතන 10 ක පමණි.
    "මම බොහොම සන්තෝස වෙනව මේ ප්‍රතිඵලය ගැන මොකද ජනතාව එදා 08 වෙනිදා (2015 ජනවාරි 08) කරපු වැරැද්ද ගැන අද හරි මාර්ගයට ඇවිල්ල තියෙනව, අවබෝධ කරගෙන තියෙනව," යයි මහින්ද රාජපක්ෂ මහතා බී. බී. සී. පුවත් සේවයට පවසා තිබිණ.
    19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව මහ මැතිවරණයක් පවත්වා වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු නොවන නමුත් පාර්ලිමේන්තුවේ පක්ෂවල එකඟත්වයෙන් එය සංශෝධනය කළ හැකි බවද හිටපු ජනාධිපතිවරයා පවසා තිබේ.
    "මහජනයා ඉදිරියට යන්න ඕන එයාලා, මම හිතන්නේ දැන් කරන්න තියෙන්නේ ඒක," යයිද බී.බී.සී. පුවත් සේවයට පවසා තිබිණ.
    පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බැවින්, ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේදී ලැබුණු ජනවරම පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරන ප්‍රකාශය සම්බන්ධයෙන්ද බී.බී.සී. සේවය රාජපක්ෂ මහතාගෙන් විමසා තිබේ. එයට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වී ඇත්තේ .....
    "එයාට හීනෙන් පේනවා එහෙම ශක්තිමත් වෙලා කියල," යන්නයි.
    විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ප්‍රතිඥා දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම ප්‍රතිඥා ඉටුනොකිරීම පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන වෙත චෝදනා කර තිබිණ.
    "ඔයාලා ඇතුළු මේ ආණ්ඩුව බලයට ගේන්න ක්‍රියා කළ ජනමාධ්‍ය නිහඬ වෙලා" යයිද ඔහු චෝදනාවක් එල්ල කළේය.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයෙකු මෙන්ම පක්ෂයේ තවමත් අනුශාසක පදවිය ද දරමින් සිටියද පොදු ජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දීම පක්ෂයේ විනය කඩකිරීමක් නොවේ දැයි බීබීසී සිංහල සේවය මීට පෙරදී කළ විමසීමකට හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දී ඇත්තේ "පක්ෂයේ ප්‍රතිපත්ති කඩ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන" යයි කියමිනි.
    ශ්‍රීලනිපයේ වත්මන් මධ්‍යම කාරක සභාව "නීත්‍යානුකූල නැති" බවත් කියා ඇති මහින්ද රාජපක්ෂ මහතා වඩාත් අවධාරණය කර කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා තමන් නොවන බවයි.

    Lankadeepa
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ON6xPbI.jpg

    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    mqdefault.jpg

    ආණ්ඩුව චාටර් වෙලා ඉන්නෙ පිළුනු වුනු කොත්තු රොටියක් වගේ සද්දෙ දාගෙන ආවට දැන් මැස්සො වහනව, ජනතාවරමින් පත්වෙලා ඒ ජනතාවටම අරින්න ගත්ත එකට වන්දි ගෙවන්න වුනා, ජනතාව විධායක බලය,ආණ්ඩු බලය පවා අභියෝගයට ලක්කරන මට්ටමේ පිළිතුරක් ලබා දුන්න. අපේ දේවල් විකුණල චෙක්පත් අරගෙන බාල්නටනවට වඩා යමක් රටට අවශ්‍යයි කියල හැමෝම පෙන්නුව.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    mqdefault.jpg

    ආණ්ඩුව චාටර් වෙලා ඉන්නෙ පිළුනු වුනු කොත්තු රොටියක් වගේ සද්දෙ දාගෙන ආවට දැන් මැස්සො වහනව, ජනතාවරමින් පත්වෙලා ඒ ජනතාවටම අරින්න ගත්ත එකට වන්දි ගෙවන්න වුනා, ජනතාව විධායක බලය,ආණ්ඩු බලය පවා අභියෝගයට ලක්කරන මට්ටමේ පිළිතුරක් ලබා දුන්න. අපේ දේවල් විකුණල චෙක්පත් අරගෙන බාල්නටනවට වඩා යමක් රටට අවශ්‍යයි කියල හැමෝම පෙන්නුව.
    :yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    ආණ්ඩුව කීයටවත් මහා මැතිවරණෙකට යන්නේ නෑ මේ වෙලාවේ.. ඒක කාට උනත් තේරෙනවා...

    ආණ්ඩුව සේරම තුරුම්පු තියාගන්නේ 2020ට පේන විදියට, උන් ප්‍රාදේශීය සභා වලට ප්‍රතිපාදන කපයි මිනිස්සුන්ට එපා වෙන්න..

    මොලෙන් ගහන්න ඕන ගේමක් සෙට් වෙයි 2020දි...

    මොනා උනත් මිනිස්සු නියම රෙස්පොන්ස් එකක් දීල තියෙන්නේ.. බොරු කිය කිය පිටින් එකයි ඇතුලෙන් තව එකයි කියපු/කරපු උන්ට නන්නත්තාර වෙන්න දීල තියෙනවා...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ආණ්ඩුව කීයටවත් මහා මැතිවරණෙකට යන්නේ නෑ මේ වෙලාවේ.. ඒක කාට උනත් තේරෙනවා...

    ආණ්ඩුව සේරම තුරුම්පු තියාගන්නේ 2020ට පේන විදියට, උන් ප්‍රාදේශීය සභා වලට ප්‍රතිපාදන කපයි මිනිස්සුන්ට එපා වෙන්න..

    මොලෙන් ගහන්න ඕන ගේමක් සෙට් වෙයි 2020දි...

    මොනා උනත් මිනිස්සු නියම රෙස්පොන්ස් එකක් දීල තියෙන්නේ.. බොරු කිය කිය පිටින් එකයි ඇතුලෙන් තව එකයි කියපු/කරපු උන්ට නන්නත්තාර වෙන්න දීල තියෙනවා...
    2020 gala uda satanak thiyenne
     
    robert kolla

    Member
    Nov 1, 2016
    110
    29
    0
    ආණ්ඩුව කීයටවත් මහා මැතිවරණෙකට යන්නේ නෑ මේ වෙලාවේ.. ඒක කාට උනත් තේරෙනවා...

    ආණ්ඩුව සේරම තුරුම්පු තියාගන්නේ 2020ට පේන විදියට, උන් ප්‍රාදේශීය සභා වලට ප්‍රතිපාදන කපයි මිනිස්සුන්ට එපා වෙන්න..

    මොලෙන් ගහන්න ඕන ගේමක් සෙට් වෙයි 2020දි...

    මොනා උනත් මිනිස්සු නියම රෙස්පොන්ස් එකක් දීල තියෙන්නේ.. බොරු කිය කිය පිටින් එකයි ඇතුලෙන් තව එකයි කියපු/කරපු උන්ට නන්නත්තාර වෙන්න දීල තියෙනවා...

    meke hoda peththakut tyenwa.dan mun dannawa wede sellan ne kiyala.my3 nam baya wela eththe rajapaksa awoth kelolama dai kiyala.mekenwath padamak arn ratata wedak kalot hodai.
     
    Similar threads