මහින්ද කරපු එකම හොඳ දේ තමයි යුද්දේ ඉවරකරපු එක. එත් ඊටපස්සේ කලේ බොහෝදුරට තමාගේ පවුල වෙනුවෙන් ජනතාවගේ සම්පත් භාවිතා කරපු එක තමයි. සංවර්ධනය වුනත් සැලසුම්සහගත ලෙස හා සාධාරණව සිද්දවුනේ නෑ. මහින්ද බලයට ආසාවේ විධායක ජනපතිකම 2 පාරට වැඩිය පත්වෙන්න පුළුවන් වෙන්න හදාගෙන ඒකාධිපති ලක්ෂණ පෙන්නුම් කරා. එදා ඒකට අත් උස්සපු කට්ටියත් වැරදි. ජනතාවත් පඹයෝ වගේ හිටිය මිසක් ඒකට විරුද්දව හඬ නැගුවේ නෑ යුද්දේ ඉවරකලානේ කියලා.
රටේ නිතිය වලපල්ලට ගියා, වංචාව දුෂණය සාමන්ය දෙයක් බවට පත්වුණා. පස්සේ පස්සේ අනිත් අයගේ අදහස්වලට මහින්ද ගරු කලේ නෑ. ඒකයි ආණ්ඩුවේ හිටපු අයත් අද විපක්ෂය සමග අත්වැල් බැඳගෙන තියෙන්නේ. දැන් ඉතින් මහින්දට ජනපතිකමට සමුදෙන්න කාලය ඇවිල්ලා.
කොහොමවුනත් ජනතාවට ඉගෙනගන්න දෙයක් තියනවා ගතවුණ රාජපක්ෂ පාලන කාලය තුල. ඒ තමයි මොනයම් හේතුවක් නිසාවත් ජනතාව කාගේවත් රූකඩයක් වෙන්න හොඳ නෑ. එක්සත් ජාතික පක්ෂය වේවා, නිදහස් පක්ෂය වේවා, ජනතා විමුක්ති පෙරමුණ වේවා, කවුරු බලයට ආවත් ජනතාව සිවිල් සංවිධාන වශයෙන් එකමුතුවෙලා ශක්තිමත් වෙන්න ඕනේ. නැත්තන් ඔය කොයි කවුරුත් ඔලුවට අත හෝදන්න බලයි.