මහින්ද රාජපක්‍ෂ කතා වස්තුව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මහින්ද රාජපක්‍ෂ කතා වස්තුව

    එක්දහස් නවසිය හැත්තෑ හතේ බලයට පත් ජේ. ආර්. ජයවර්ධන එවකට විපක්‍ෂයේ අසුන්ගෙන සිටි හිිටපු අගමැති සිිරිමාවෝ බණ්ඩාරනායකගේ ප‍්‍රජා අයිතිිය අහෝසි කළේ ඇයි? ඊළ`ග ඡුන්දය වන විට තම ආණ්ඩුව පරිහානියට පත්වන බැවින් සිරිමාවෝ බණ්ඩාරනායක යළි ජය ගන්නවා ඇත යන කාලකණ්ණි බිය නිසාය. සිරිමාවෝගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීම රාජ්‍ය නායකයකු විසින් නොකළ යුතු හි`ගන වැඩකි. දෙදහස් පහළොවේදී බලයට පත් යහපාලන ආණ්ඩුව මහින්ද රාජපක්‍ෂ තුන්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වෙන 19 වැනි සංශෝධනය ඉදිරිපත් කළේ ඇයි? ඊළ`ග ඡුන්දය වන විට යහපාලන ආණ්ඩුව කෙළවා ගන්නා නිසා මහින්ද රාජපක්‍ෂ නැවතත් ඡුන්දය ඉල්ලා ජයග‍්‍රහණය කරනු ඇතැයි යන හි`ගන හැ`ගීම නිසාය. එය කිසිදු ආණ්ඩුවක් විසින් හිතට නොගතයුතු හි`ගන හැ`ගීමකි. ජේ. ආර්. සිතූ පරිදිම වැඬේ පත්තු විය. අසූවේ ජූලි වර්ජනයේදී යූ. එන්. පී. ආණ්ඩුව හොඳටම අනාගත්තේය. ඔවුන් අනමින් සිටියේ ඉතා දුගඳ හමන ද්‍රව්‍යයකි. මේ වර්ජනයේදී ජේ. ආර්. ගේ ගෝලයන් විසින් වෘත්්තීය සමිති නායක අලෙවි මවුලානාගේ බඩට පිහියෙන් ඇන දහස් ගණන් වර්ජකයන්ගේ් රැුකියා අහිමි කර ඔවුන් මහ පාරට ඇද දමන ලදී. ඉන් පසු විනිශ්චය කාරයන්ට හූ කියන ලදී. මේ අතර ලංකාව සිංගප්්පූරුවක් කිරීමට ජේ. ආර්. දුටු සිහිනය වතුරේ ගියේය. ලංකාව කිිසිදාක සිංගප්පූරුවක් බවට පත් කළ හැකි රටක් නොවේ. ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් ඇති, පාඩු පිට හෝ ගොවිතැන් කරන කෘෂි ආර්ථිකයක් ඇති රටකි. සිංගප්පූරුව යනු ඩියුටි ෆී‍්‍ර වෙළෙඳ ආර්ථිකයක් ඇති කෘෂි ආර්ථිකයක් නැති ක්‍සඑහ ීඒඑැ වර්ගයට අයත් පෞර රාජ්‍යයකි. එනම් රටේ නමත් රටේ අගනුවර නමත් එකක් වන මොනාකෝ, වතිකානය වැනි පුංචිම පුංචි රටකි. ලංකාව එසේද? මෙය ලෝකයේ ලොකුම ¥පත්වලින් එකකි. සිංගප්පූරුව වැනි ¥පත් දහසක් මෙහි බහාලිය හැකිය. මොනාකෝව ජීවත් වන්නේ සූදු කෙළියෙන් සහ රේස්බයි රේස්වලිනි. වතිකානය ජීවත් වෙන්නේ කතෝලිික පින්වතුන්් කැටවලට දමන සල්ලිවලිනි. ජේ. ආර්. ගේ අත්තනෝමතික ගතිය කෙසේද යත් ඔහු තම පාලන බලය දිගු කර ගත්තේ ජනමත විචාරණයකිනි. අසූ තුනේ ජූලිි කලබලය ඔහුගේ අසමත්කමේ ඉහළම අවස්ථාවය. ජූලි කලබලයෙන් පසු එය ප‍්‍රයෝජනයට ගෙන ජ.වි.පෙ. සංහාරය කිරීමට කල්පනා කළ ජේ. ආර්. දෙමළ කඩවලට ගිනි තබන ලදැයි චෝදනා කර ජ.වි.පෙ. තහනම් කළේය. ජේ. ආර්. හා සමාන නීරෝ නමැති රජෙක් ක‍්‍රි. ව. 37 - 68 කාලයේදී රෝමයේ ජීවත් විය. ඔහු ජීවත් වූයේ අවුරුදු 31 ක් පමණි. රජකළේ අවුරුදු 10 ක් වැනි කාලයකිි. ඒ ටික කාලයට ඔහු පුදුම පිස්සුවක් කෙළියේය. ක‍්‍රි.ව. 64 දී රෝමය ගිිනි ගත්තේය. ගිින්න තබන ලද්දේ නීිරෝ විසිනි. ගින්න බුර බුරා දැල්වෙන අතර නීරෝ වීණාවක් වයමින් සම්පූර්ණ චූන් එකේ සිටි බව කියනු ලැබේ. ගිනි දැල් නිවුන සැණින් රෝමය පුරා සිටි කතෝලික ආගම ඇදහූ සියලූ දෙනා අත්අඩංගුවට ගත් නීරෝ ගින්න තබන ලද්දේ ඔවුන් බව කියමින් කතෝලික සංහාරයක් පටන් ගත්තේය. මේ වූ කලී කතෝලික සමයේ ආරම්භයයි. නීරෝට ඕනෑ වුණේ වැඬේ මුලදීම නිමාවට පත්කර ගන්නටය. 1983 දී ජේ. ආර්. ජ.වි.පෙ. ට කළෙත් මෙයමය. නීරෝගේ වීණා චූන් එකට හේතුවත් මෙයමය.

    ජේ. ආර්. ජයවර්ධන මහතා බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රජා අයිතිය නැති කළේ 1978 මාර්තු 29 වැනිදා පත් කරන ලද විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමක් හරහාය. යහපාලන ආණ්ඩුව මහින්ද රාජපක්‍ෂ තුන්වන වරට ජනපතිවරණයට ඒ්ම වළක්වන ලද්දේ 2015 අපේ‍්‍රල් 28 වැනිදා පාර්ලිමේන්්තුවේදී සම්මත කරගන්නා ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය හරහාය. යහපාලන ආණ්ඩුව කළ යුතුව තිබුණේ මහින්ද රාජපක්‍ෂට තුන්වන වරටත්් ඉල්ලන්්නට ඉඩදී ඔහු පරාජය කිරීමය. එහෙම වුණා නම් රාජපක්‍ෂවරුන් නැත්තටම නැතිවන අතර ඔවුන් නතර වන්නේ ජනපතිි මැඳුරේ හෝ අරලියගහ මැඳුරේ නොව මැදමුලන මහගෙදරය. මහින්ද රාජපක්‍ෂ පැරදුන ගමන් ගියේද මැදමුලන ගෙදරටය. එදා සිට අවුරුද්දක් පමණ කල් මහින්දට කොළඹින් ගෙයක් නොලැබුණ අතර ඔහු සිටියේ මැදමුලනේය. ලංකාවේ සතර දිග් භාගයෙන් බස් පුරවාගෙන පැමිණි ලක්‍ෂ ගණනක පිිරිසක් පෝලිම් ගැසී ඔහු බලන්නට මැදමුලනට ගියහ. ඒ වෙලාවේදී ටිකට් කඩා මහින්ද පෙන්වන ලද්දේ නම් සල්ලි කඳු උපයන්නට තිබුණි. අපගේ වැටහීමට අනුව 19 වන සංශෝධනය ඉක්මන් කළ යුතු බව යහපාලන ආණ්ඩුව තීන්දු කළේ මේ සෙන`ග කන්දරාව දැක හටගත් සන්ත‍්‍රාසය නිසාය.

    මහින්ද රාජපක්‍ෂ ඊළ`ග ජනපතිවරණයට ඉදිරිපත් වීමට යන බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සූදානම් වන බවත් දැනගන්නට ඇත. මේ ගැන ආචාර්ය නිහාල් ජයවික‍්‍රම කියන කතාව (19 දා* ‘දිවයින ඉරිදා සංග‍්‍රහයේ’ ප‍්‍රධාන පුවත ලෙස පළවිය. නීතිඥයකු වන නිහාල් ජයවික‍්‍රම, බණ්ඩාරනායක මැතිනියගේ සම`ගි පෙරමුණු ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යාංශ ලේකම්ව සිට අතර ඒ තනතුර ලබන විට ඔහුගේ් වයස 23 කි. එකල අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකය. ජේ. ආර්. විසින් බණ්ඩාරනායක මැතිනියට අමතරව නිහාල් ජයවික‍්‍රම සහ ෆීලික්ස් ඩයස්ගේ ද ප‍්‍රජා අයිතියද තහනම් කරවන ලදී. 1977 දී ශ‍්‍රී ල.නි.ප. ය පාර්ලිමේන්තුව තුළදී ආසන 8 ට බැස්ස අතර පාර්ලිමේන්්තුව තුළ තිබූ ලොකුම විපක්‍ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ඒ. අමිර්තලිංගම් විපක්‍ෂ නායක ධුරයට පත් විය. අද පොහොට්ටුවට විශාල පාර්ලිමේන්්තු බලයක් ලැබිලාත් විපක්‍ෂ නායකව සිටින්නේ ආර්. සම්බන්්ධන්්ය. ඉතිහාසය පුනරුච්චාරණය වන බවත් විටෙක එය ඛේදවාචකයක් ලෙස දර්ශනය වන බවත් ඊළ`ගට විකට ජවනිකාවක් ලෙස දර්ශනය වන බවත් කාල් මාක්ස් කියා ඇත. ලංකා ඉතිහාසය මෙවර පුනරුච්චාරණය වී ඇත්තේ විකට ජවනිකාවක් ලෙසය.


    divaina.com
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගෝටා ඉල්ලයි කියල බයෙන් හිටියේ මාදා දැන් මරාත් ඉල්ලනවද ? හිරිකොතේ උන්ට හාර්ට් අටාක් හැදෙයි හිටන් :lol::lol:



    ගුඅන්පි එකෙන් ට්‍රයි කොලා සන්ග්ව බිලිබාගන්න හරියන්නේ නැ වගේ .සිරාත් වෙනම ඉල්ලනවලු .ඒමදිවට ෆොන්සේකාත් ඉල්ලනවලු .කුදුපැකට් දාල කපන්න හැදුවට ද කොහෙද :lol::lol:



    චන්දෙ කල් දාගන්න උප්පරවැට්ටියක් ගැහුවේ නැත්නම්



    වික්කමසින්හට මේපාර ඉල්ලන්නම වෙයි වගේ :lol::lol::rofl::P
    (සජිත් ගොනා වික්කමසිංහගේ බොලවලට රැවටුනේ නැත්නම් )




    නැත්නම් ඉතින් ගුඑන්පි පිම්පියට උගේ ලෝල්ලෝ ටිකත් එක්ක පාරට බහින්න තමා වෙන්නේ :lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මරුසිරා;23542411 said:
    ගෝටා ඉල්ලයි කියල බයෙන් හිටියේ මාදා දැන් මරාත් ඉල්ලනවද ? හිරිකොතේ උන්ට හාර්ට් අටාක් හැදෙයි හිටන් :lol::lol:



    ගුඅන්පි එකෙන් ට්‍රයි කොලා සන්ග්ව බිලිබාගන්න හරියන්නේ නැ වගේ .සිරාත් වෙනම ඉල්ලනවලු .ඒමදිවට ෆොන්සේකාත් ඉල්ලනවලු .කුදුපැකට් දාල කපන්න හැදුවට ද කොහෙද :lol::lol:



    චන්දෙ කල් දාගන්න උප්පරවැට්ටියක් ගැහුවේ නැත්නම්



    වික්කමසින්හට මේපාර ඉල්ලන්නම වෙයි වගේ :lol::lol::rofl::P
    (සජිත් ගොනා වික්කමසිංහගේ බොලවලට රැවටුනේ නැත්නම් )




    නැත්නම් ඉතින් ගුඑන්පි පිම්පියට උගේ ලෝල්ලෝ ටිකත් එක්ක පාරට බහින්න තමා වෙන්නේ :lol::lol:

    වික්කාමසිංහ ඉල්ලනවානම් එහා පැත්තෙන් බල්ලෙක් දාල ඉල්ලුවත් ඌ දිනනවා. ඒ තරමට මිනිස්සු වික්කමසින්හට ආදරෙයි :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වික්කාමසිංහ ඉල්ලනවානම් එහා පැත්තෙන් බල්ලෙක් දාල ඉල්ලුවත් ඌ දිනනවා. ඒ තරමට මිනිස්සු වික්කමසින්හට ආදරෙයි :lol:

    :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වික්කාමසිංහ ඉල්ලනවානම් එහා පැත්තෙන් බල්ලෙක් දාල ඉල්ලුවත් ඌ දිනනවා. ඒ තරමට මිනිස්සු වික්කමසින්හට ආදරෙයි :lol:

    :rofl::rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මහින්ද රාජපක්‍ෂ කතා වස්තුව (2) සිරිමාවෝ - මහින්ද එකම ඉරණම දෙවිදියකට

    සිරිමාවෝ බණ්ඩාරනායකගේ දේශපාලන මිනී පෙට්ටියට ඇන ගැසීම සඳහා ජේ. ආර්. ජයවර්ධන ඇතුළු ප‍්‍රතිගාමී යූ. එන්. පී. බලවේග විසින් ඇගේ ප‍්‍රජා අයිතිය නැති කර ඊළඟ මහ මැතිවරණයට ඇය ඉදිරිපත් වීම වළක්වන ලද ආකාරයත් යහපාලන ආණ්ඩුව විසින් 19 වැනි සංශෝධනය මගින් මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන මිනී පෙට්ටිය ට ඇන ගසන ලද ආකාරයත් ඊයේ (2) මේ තීරුව ඔස්සේ අපි සාකච්ඡුා කළෙමුු. ඉහත සඳහන් කි‍්‍රයාන්විතයන් දෙකම පිළිකුල් සහගත වූද, කාලකන්නිවූද, කුණු වැඩ බව අපි තවදුරටත් සඳහන් කළෙමු. මේ අතර තවත් වැදගත් කාරණයක් කියමු. ජේ. ආර්. ජයවර්ධන විසින් නායකත්වය දෙන ලද මොඩලයේ යූ. එන්. පී. ප‍්‍රතිගාමී බලවේගයක් දැන් නැත. ඒ වෙනුවට තිබෙන්නේ වඩාත් ප‍්‍රගතිශීලී වූ ද වඩාත් ජනතාවාදි වූ ද බලවේගයකි. මේ බලවේගය විටින් විට අවුල් වන බව ඇත්ත. යූ.එන්. පී. කාරයන් පක්‍ෂය ඉස්සරහට දමා පිස්සු කෙළින එකත් ඇත්ත. මේ බලවේගය 1977 දී තිබුණි නම් මේ රටේ දේශපාලන අනාගතය මෙයට වඩා සාධාරණවීමට ඉඩ තිබුණි. කෙසේ වුවද දේශපාලන පක්‍ෂයක් වශයෙන් ගත් කළ කුණු බිත්තර කඩා ඔම්ලට් සෑදීමට යූ. එන්. පි. යද කැමැතිය. ශී‍්‍ර ලනිපය ද (පොහොට්ටුවේ සිටින කට්ටියත් ඇතුළුව * කැමැතිය. ජවිපෙ මාංශ භක්‍ෂණයේ සිට වෙජිටේරියන් ඩයට්වලට මාරු වීම නිසා දැනට කුණු බිත්තර ඔම්ලට් අනුභව නොකරයි. ඒ අතර සමහර දෙමළ පක්‍ෂ තවමත් කැමැත්තෙන් පසුවන්නේ ඩෙවල් කරන ලද මිනී මස් අනුභව කිරීමටය.


    කෙසේ හෝ වේවා අපට එතරම් වැදගත් කමක් නැති වුවද දේශපාලනඥයන්ට ප‍්‍රජා අයිතිය ඉතා වටී. ප‍්‍රජා අයිතිය අහෝසි කළ පුද්ගලයාට ඡුන්දය දීමේ හෝ ඉල්ලීමේ අයිතිය නැත. ප‍්‍රජා අයිතිය තිබුණත් ඡුන්දය දවසේදී එය නැති ගානට සිට ඡුන්දය නොදමා සිටින ලක්‍ෂ ගණනක් මේ රටේ වෙසෙති. බණ්ඩාරනායක මහත්මියගේ ප‍්‍රජා අයිතිය නැති කිරීමෙන් ඇයගේ දේශපාලන ජීවිතය විනාශ විය. වලව්වක් නමැති වැඩවසම් මළ ඉලව්වක් තුළින් පැමිණි රදල කාන්තාවක වුවද බණ්ඩාරනායක මැතිනිය සාමාන්‍ය ජනතාව අතරට ගිය සාමාන්‍ය සිතුවිලි සහිත කාන්තාවක වූවාය. ඇය කා දමන ලද්දේ ඇගේ දේශපාලන හවුල්කරුවන් වූ සමසමාජ කාරයෝත් කොමියුනිස්ට් කාරයෝත් ය. මහින්ද රාජපක්‍ෂ කා දැමුවෝ ඔහුගේම ඇෙඟ් එල්ලී ඔහුගේම ලේ උරා බිව් දේශපාලන මැක්කොත්

    ඔහුගේම ඥාති සමාගමේ මැක්කෝත් ය. මහින්ද රාජපක්‍ෂ ජනපතිවරණයෙන් පැරදුණේ සහෝදර සමාගම නිසා බවට මතයක් පතුරුවා හැර තිබේ. මෙය පල් බොරුවකි. සහෝදර සමාගම කළේ රටේ යටිතල පහසුකම් වර්ධනයටත් (ගෝඨාභය රාජපක්‍ෂ* ආර්ථික සංවර්ධනයටත් (බැසිල් රාජපක්‍ෂ* උදව් කිරීමය. ඥාති සමාගම කළේ ඔහුගේ නම විකුණමින් සල්ලි හම්බ කිරීමය. සිරිමාවො බණ්ඩාරනායකට මේ අවාසනාව මෙහෙම ම තිබුණි. සමගි පෙරමුණු ආණ්ඩුවේ අවසන් අවුරුදු දෙකේදී ඇය සිටියේ නෑදෑයින් වට කරගෙන ය. ඒ අතර දක්‍ෂයෝ ද අදක්‍ෂයෝ ද වූහ. මහින්දට ගෝඨාභය මෙන් සිරිමාවෝ බණ්ඩාරනායකට සිටියේ ෆීලික්ස් ඩයස් ය. ඔහු අති දක්‍ෂයෙකි. ගෝඨාභය බලය නොඉක්මවූවාට (?* ෆිලික්ස් ඩයස් බලය කොතරම් තදින් ඉක්මවා ගියේද යත් අගමැති තනතුරට පමණක් හිමි නියෝග පවා නිකුත් කළේය. එක්දහස් නවසිය හැත්තෑ එකේ ජවිපෙ කැරැුල්ල මර්දනය කළේ් ෆීලික්ස් ඩයස් ය. දෙදහස් නවයේදී කොටි සංවිධානය විනාශ කළේ ගෝඨාභය රාජපක්‍ෂ ය. බණ්ඩාරනායක මහත්මිය තම ඉරණම පරාජයට පත් කිරීමෙන් වැලකී සිටියාය. එනම් දේශපාලන පරාජය බාර ගත්තාය. මහින්ද රාජපක්‍ෂ තවමත් උත්සාහ කරන්නේ තම ඉරණම පරදවාලීමටය.

    මෙයට අවුරුදු නවයකට පමණ පෙර, එනම් දෙදහස් නවයේ අවසන් කාර්තුව වනවිට මේ රටේ තිබුණේ දේශපාලන පක්‍ෂ දෙකක් පමණි. ඉන් එකක් වූයේ එක්සත් ජාතික පක්‍ෂයයි. අනෙක මහින්ද රාජපක්‍ෂයයි. මේ කියන කාලයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නමැති දේශපාලන පක්‍ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ගිලී ගොස් තිබූ අතර සියල්ල භ‍්‍රමණය වූයේ මහින්ද රාජපක්‍ෂ නමැති පුද්ගලයා වටාය. මෙය යහපත් ඒකාධිපතිත්වයකි. යහපත් ඒකාධිපතියා පැරදුණත් විනාශ වන්නේ නැත. නරක ඒකාධිපතියා රටට හා ජනතාවට කොතරම් සේවයක් කළද පරාජයට පත්වූ තැනින් විනාශ වෙයි. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ ලිබියාවේ ගඩාෆි ය. ඔහු තම රටට විශාල සේවයක් කළ කෙනෙකි. ඔහුට ලව් හුටපට රැුසක් තිබුණ අතර ආරක්‍ෂක සෙබළියන් රැුසක් ඔහු වට කරගෙන සිටියහ. ඔහු සිය ලව් කටයුතු රට පාලනයට බාධාවක් කර ගත්තේ නැත. ඇමරිකාව මෙහෙයවූ ගේම් එකක ප‍්‍රතිඵලයක් වශයෙන් ගඩාෆි ඝාතනය කෙරුණු පසු අද වනවිට ලිබියාව කුඩා කැබැලිවලට කැඞී විවිධ ගෝති‍්‍රක ජන කොටස් අතර බෙදී ගොස් ඇත. ඒ ගෝති‍්‍රකයෝ තමන්ට ලැබුණ බිම් කොටස දියුණු කරගෙන ජීවත්වීම පසෙක තබා අල්ලපු ඉඩමේ සිටින ගෝති‍්‍රකයන් සමග මරා ගනිති. මේ නිසා සමස්ත ලිබියාවටම සිවිල් යුද බිමක් වී අවසන් ය. මහින්ද රාජපක්‍ෂ නොසිටින්නට ලිබියාවට සිදුවූ දෙයින් සියයට සියයක් කෙසේ වෙතත් සියයට පනහක්වත් ලංකාවට සිදුවීමට ඉඩ තිබිණ. එසේ නම් ඒ වනවිට ඊළම බිහිවී අවසන් ය. එසේම නැගෙනහිර පළතේ මුස්ලිම් ප‍්‍රජාව වෙනම රාජ්‍යයයක් බිහි කිරීමට ප‍්‍රභාකරන් සමග සටන් පටන් ගන්නට ඉඩ තිබිණ. ඒ අතර ප‍්‍රභාකරන් ඊළමේ දේශසීමා පුළුල් කර ගැනීමට තැත් කිරීම නිසා සිංහල යුද හමුදාව ඔහු හා සටනේ යෙදී සිටින්නට ඉඩ තිබිණ. මේ සියල්ල අද වැළකී ගොස් ඇත්තේ මහින්ද රාජපක්‍ෂ යුද්ධයේදී දුන් දේශපාලන නායකත්වය නිසා ය. එබැවින් ඔහු තුන්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විම වළක්වන 19 වන සංශෝධනය හිඟන වැඩකි. අප ඊයේත් කියූ පරිදි යහපාලන ආණ්ඩුව කළ යුතුව තිබුණේ් මහින්ද රාජපක්‍ෂට තරග කිරීමට අවස්ථාව දී ඔහු පරාජය කිරීමය. එවැන්නක් සිදුවූයේ නම් මහින්ද පමණක් නොව බැසිලූත් ඉවරය: ගෝඨාභයත් ඉවර ය.