පාර්ලිමේන්තුව ජනපති තීරණයට එරෙහිව පෙත්සම් 12 ක් - තීන්දුව අදම
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් 12 ක් අද (12) සළකා බලන බව අධිකරණ ආරංචි මාර්ග කියා සිටී.
ඒ අනුව
මෙම පෙත්සම් අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබේ.
මේ වන විට එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප, ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු පාර්ශව මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව පවසමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු විසින්ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා විසින් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.