මහින්ද වටේ ඉන්න වෘකයන්; සුනඛයන් සමග ඉදිරි&#351

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,685
    13,446
    113
    මහින්ද වටේ ඉන්න වෘකයන්; සුනඛයන් සමග ඉදිරි&#351


    මහින්ද වටේ ඉන්න වෘකයන්; සුනඛයන් සමග ඉදිරියට යන්න බැහැ ආණ්ඩුවට එක්වුණු විජයමුණි සොයිසාගෙන් විශේෂ ප්‍රකාශයක්

    අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ

    මහින්ද රාජපක්‍ෂ මහතා වටා සිටින වෘකයන් සහ සුනඛයන් නිසා තමන්ට තවදුරටත් ඔවුන් සමග ඉදිරියට යෑමට හැකියාවක් නැතැයි ඊයේ (18 දා) පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයේ සිට ආණ්ඩු පක්‍ෂයට එක්වූ මොනරාගල දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේය.

    විපක්‍ෂයේ සිට ආණ්‌ඩු පක්‍ෂයට ගොස්‌ සුළු වේලාවකට පසු කථානායකවරයාගේ අවසරය මත විජයමුණි සොයිසා මහතා සිය ප්‍රකාශය කරද්දී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ද සභා ගැබෙහි සිටියේය.

    රටේ හැම කෙනකුටම දේශපාලන අස්‌ථාවර බව දැනුණා. ඒ බර ජනතාව මත පැටවුණා. මන්ත්‍රීවරුන් ලෙස අපට වගකීමක්‌ තිබෙනවා. මේ වගකීම ඉදිරියේ සමහර කුඩා දේශපාලන පක්‍ෂවල විඥනය ගැන ගරු කළ යුතුයි. අගය කළ යුතුයි. හිටපු ජනාධිපතිතුමා වෙනත් පක්‍ෂයක සාමාජිකයකු බව මා මාධ්‍ය තුළින් දැක්‌කා. ශ්‍රීලනිපය, පාක්‍ෂිකයන් අප ආරක්‍ෂා කළ යුතුයි. හරියට බාඳුරා මලට වහපු කෝඳුරුවෝ වගේ. ශ්‍රීලනිපය අද අන්ත අසරණභාවයට පත්වෙලා.

    මම උපතින් ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයෙක්‌. රංජිත් මද්දුම බණ්‌ඩාර සහ මම නයයි පොළඟයි වගේ. අද මේ නයාටයි පොළඟටයි එකට වාඩි වෙන්න වුණා. ශ්‍රීලනිපයේ අපිට අද ඉස්‌සරහට යන්නත් බෑ පස්‌සට යන්නත් බෑ. මහින්ද රාජපක්‍ෂ මහතාට ගරු කළත් එතුමා වටා ඉන්න වෘකයන් හා සුනඛයන් නිසා මේ ගමන යන්න බෑ.

    මාව වල් ඇමැති කළා. පුෂ්පකුමාරව පොල් ඇමැති කළා. සුමේධාට කිහිලිකරු ඇමැතිකම දුන්නා. (ඝෝෂා) වල් කියන්නේ කැලේට. අහිංසක මිනිස්‌සු රජ වුණේ නෑ. අපේ ආණ්‌ඩුව මට වැඩ කරන්න දුන්නේ නෑ, ඒත් පසුගිය ආණ්‌ඩුව වැව් දෙසීයක්‌ හැදුවා. මට ඇමැතිකම තිබුණත් එකයි නැතත් එකයි. ඔහෙලා හිතන්න එපා මම යූඑන්පී යට ආවා කියලා. අපි අද මහා ජයග්‍රාහී පෙරමුණකට සම්බන්ධ වී තිබෙනවා.





    http://divaina.com/daily/index.php/puwath-2/21385-2018-12-18-15-28-21
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඌ එකදවසක් ඌම බල්ලෙක් විදියට හදුන්වගත්තා නේද? වීඩියෝ එක හෙව්වට හම්බුනේ නෑ ...