මහින්ද විවේක ගනී
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්රචාරක රැළි සඳහා ජනාධිපතිවරයාගේ සහභාගීත්වය අඩුවනු ඇති බව අරලියගහ මන්ධිර ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්රචාරක රැළිවලින් කොළඹදී පැවැත්වෙන රැළි කිහිපයක් සඳහා පමණක් ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය.
ඒ හැරුණු විට කොළඹින් පිටත පැවැත්වෙන රැළියක් හෝ දෙකක් සඳහා පමණක් ජනාධිපතිවරයා සහභාගීවනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
ජනාධිපතිවරයාගේ මෙම තීරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඊයේ බුත්තල පැවැති දැයට කිරුළ සමාරම්භක උළෙලේදී ජනාධිපතිවරයා පැවසුවේ තමා අසනීපයෙන් පසුවන බවට කොතරම් කටකතා පැතිරුණද ඔහු දේශපාලන වශයෙන් නීරෝගී පුද්ගලයකු බවයි.