මහින්ද සමග නැගීම” අතහරී
ඔබ එක්සත් ජාතික පක්ෂයේ ෆේස්බුක් පිටුව වෙත පිවිස බැළුවානම්, යහපාලනයේ ප්රතිමූර්තය එනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ රුව ඔබට දැකගත හැකිවනු ඇත. එජාපයට තවදුරටත් මෛත්‍රීව ඔසවාතැබීමේ අවශ්‍යතාවයක් නැත. මෛත්‍රීගේ රුව එජාපයේ දැන්වීම්කරණයට අවශ්‍යවන්නේද නැත. නමුත් යහපාලනයක් කරා යන ගමනේදී, පාට පක්ෂ බේදයකින් තොරව, යහපාලනයේ ප්රතිමූර්තය වූ මෛත්‍රීපාල සිරිසේනගේ රුව භාවිතාකිරීමට තරම් එජාපය නම්‍යශීලී වී තිබේ.
එතකොට දැන් මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෝ (වීරවංශලා, ගම්මන්පිළලා වැනි ත්‍රී වීලර් පක්ෂ නායකයින් නොවේ) පත්තරවල පිටු ගණන්, මෛත්‍රීගේ රුව සහිත දැන්වීම් පලකරමින්, මෛත්‍රී පාලනයක් ගැන දැන්වීම් පලකරමින් මොකක්ද කරන්න හදන්නේ.? එක්කෝ මේ විලි ලැජ්ජා නැතිකමය. නැතිනම් මෙතෙක් කල්, දන්න දහම්ගැට සියල්ල භාවිතා කළත්, මාකට් කරගත නොහැකි වූ මහින්ද රාජපක්ෂව අතහැර මෛත්‍රී පාලනයක් උදෙසා පෙළ ගැසීමක්ය.. අපි සුභවාදීව දකිමු.. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් අවසානයේදී “මහින්ද සමග නැගීම” අතහැර “මෛත්‍රී පාලනය”නම් වූ සුවිශේෂී සටන්පාඨය අතට ගෙන ඇති බවක් පෙනෙන්නට තිබෙන නිසාවෙනි.
සන්ධානයේ බහුතරයක් දන්නා එක් කරුණක් ඇත. ඒ, මොනවා කළත් මෙවර මැතිවරණයෙන් අත්වන පරාජය වළක්වාගත නොහැකි බවයි. ඔවුන් යහපාලනයට, මෛත්‍රී පාලනයට නොඑසේනම් පවුල් පාලනයෙන් තොර වූ ජාතික ආණ්ඩුවක් කරා යන ගමනට ටිකෙන් ටික ලංවන්නේ ඒ නිසාය. විය යුත්තේද ඒකමය. ඉතිං අපි ඔවුනට සුබ පතමු.
අද අඟහරුවාදාය.. ලබන අඟහරුවාදා වන විට සියල්ල සිදු වී අවසන්ය. ජනවාරි 8 මහින්ද පරදින බව අපි පුන පුනා කීවෙමු. නමුත් මහින්ද රාජපාක්ෂිකයින් එය පිළිගත්තේ නැත. අවසානයේදී මහින්ද පැරදුනේය. අපි අදත් කියමු. මහින්ද රාජපක්ෂ යළි කිසි දිනෙක මේ රටේ අගමැති වන්නේ නැත. එය පිළිගැනීම හෝ නොගැනීම ඔබට බාරය. අපි ඒ ගැන ලබන අඟහරුවාදා කථා කරමු.
ඉතිං, සන්ධාන නායකයින් සේම.... එන්න... රජ පුතුන්ට හිතෙන හිතෙන වෙලාවට තාජුඩීන්ලා ඝාතනය වන්නේ නැති, ආණ්ඩුවේ වැරදි හෙළිකල පමණින් ලසන්තලා ඝාතනය වන්නේ නැති, විරුද්ධ මතයක් දැරූ පමණින් ජනරාල්ලා හිරේ විලංගුවේ වැටෙන්නේ නැති, මන්ත්‍රී වැටුප පමණක් ලබන රජ පුතුන් ප්‍රකොටිපතියන් වන්නේ නැති, දළදා මැදුර ඉදිරිපිට පාරවල් වසමින් නයිට් රේස් පදින්නේ නැති, අනිත් අයට කොටි කොටි කියමින් කොටි නායකයින් සමගින් ඩීල් දාන්නේ නැති, දෙන්න පුළුවන්කම තිබියදීත් ජනතාවට කිසිදු සහනයක් නොදී, එක් පවුලක් පමණක් සුර සැප විඳින්නේ නැති... මෛත්‍රී පාලනය යතාර්ථයක් කරන්නට......
සෞභාග්‍යයේ ප්රතිමූර්තය මොකක්ද?
පුන්කළස... ඔබ කියනු ඇත.
හොරකම්, මැරකම්, ජඩකම් නැති යහපාලනයේ ප්රතිමූර්තය මොකක්ද?