මහින්ද 2005 දි රට ගන්න කොට

මහින්ද 2005 දි රට ගන්න කොට

1. උතුරු නැගෙනහිර කොටි ශක්තිමත් ව ප්‍රබල තැනකට ඇවිත් හිටියා..ත්‍රි මලේ වරාය වට කරගෙන රජයේ පාලන පෙදෙස් වල කොටි කඳවුරු
sitrep.jpg

2. සටන් විරාමය පාවිච්චි කරලා කොටි හිතවාදීන් උතුරු නැගෙනහිරට යවලා විශාල මහජන කැළඹීම් කරන්න වාතාවරණය හදලා තිබ්බේ. අරාබියේ සිදුකරනවා වගේ විශාල උද්ඝෝෂණ හමුදා කඳවුරු ඉදිරිපිට කරන්න ලැස්ති කරලා තිබ්බේ.........( දැන් ඔය සිවාජිලින්ගම්ලා කරන්නේ)

Pongu_Tamil2_9_30_05.jpg

3. හමුදාවට ආයුද නැ. හමුදාවේ බට පිරිස් මදි
4. එහෙන් නෝරවේ කොළඹට රිංගලා, අපිට කියනවා කොටියට මුකුත් කරන්න එපා ගිවිසුම ආරක්ෂා කරන්න කියලා
1503213252_4215813_hirunews_araic.jpg

5. එහෙන් යසුෂි අකාශි, ඇමරිකන් තානාපති, නෝරවේ තානාපති, යුරෝපා සංගමයේ නියෝජිත කට්ටියම සම සභාපතිලා කියලා වෙනම සංගමයක් හදාගෙන සටන් විරාමයයි සාම ක්‍රියාදාමයයි ආරක්ෂා කරගන්න...
09_10_06_co_chai_435_01.jpg

6. ඒ මදිවට රට ණයයි. ආර්ථිකය වැටිලා
7. තෙල් බැරලයක වටිනාකම ලෝක වෙළඳ පොලේ අධික ලෙස ඉහළ ගිහින්.....
8. ගෝලීය ආර්ථික අර්බුදයක් තිබ්බා.
9. අනිත් පැත්තෙන් ජාත්‍යන්තර තර්ජන යුද්ධයට යන්න එපා කියලා , රනිල්ගේ සටන් විරාම පිහිටෙන් එන්ජිඔ කොළඹයි රට පුරා වැහි වැහැලා
10. පාර්ලිමේන්තුවේ හිටියේ නිදහස් පක්ෂයේ මන්ත්‍රීලා 54යි. ඒ චන්ද්‍රිකා යන කොට නිදහස් පක්ෂයට කරලා තිබ්බ හරිය. ...ඒ නිසා දත වගේ හෙල්ලි හෙල්ලි තිබ්බ දුර්වල රජයක්
11. එහෙන් රනිල් ආණ්ඩුව වට්ටන්න බලනවා......රටට ආධාර දෙන්න එපා කියනවා...
12. චන්ද්‍රිකා ට නිදහස් පක්ෂයේ නායක කම තියා ගන්න ඕනලු. ජාතික ලැයිස්තු මන්ත්‍රී කෙනෙක් වෙලා පාර්ලිමේන්තුවට එන්න ඕනලු...( අවශ්‍ය වුණේ රනිල් සමඟ ජාතික රජයක් හදන්න)
මෙන්න මේක තමයි මහින්ද ගත්ත රට 2005 දී.........ඒ ගත්ත රටේ සොල්හයිම්ලත් පන්නලා, ආණ්ඩුවත් ආරක්ෂා කරගෙන, ආර්ථිකයත් ගොඩ දාගෙන යුද්ධයත් දින්න මහින්ද.......හොඳ කළමනාකරුවෙකු නොවේ කියලා කෙනෙකු කියනවා නම් ඒක ලොකු බොරුවක් නැත්තම් යතාර්ථය නොදැන සිටීමක්........දැන් පවතින නායක ජෝඩුයට විපක්ෂයේ සහාය ලැබිලත් මහින්ද කළ දෙයින් 1%ක් කරන්න හැකියාවක් තියේ ද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඒ ගත්ත රටේ සොල්හයිම්ලත් පන්නලා, ආණ්ඩුවත් ආරක්ෂා කරගෙන, ආර්ථිකයත් ගොඩ දාගෙන යුද්ධයත් දින්න මහින්ද.......

    ඕව කළේ ෆොන්සේකා :yes:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මහින්ද හිටියනම් හොඳට හම්බ කරගෙන කයි

    හැබැයි රටට වැඩක් කරන ගමන්

    දැන් ඉන්න එව්වො රට කනවා විතරයි වැඩක් කරන්නේ නෑ

    චන්ද්‍රිකා ඉන්න කාලේ කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය තිබුණු තත්ත්වය සහ මහින්ද බලයට පත්වූ පසු කරපු මහා මාර්ග සංවර්ධනය නිසා තමයි අද මහින්දට බනින මිනිස්සු හෙලවෙන්නේ ගැස්සෙන්නේ නැතුව වාහනයක යන්නේ

    හැබැයි බොරු ඕනි නෑ මහින්ද හොඳට වවාගෙන කෑවා

    රනිල් සහ චන්ද්‍රිකා ඉන්න කාලේ හෝ මැතිනිය ඉන්න කාලේ දකුණු පළාතට සිදුවූ සංවර්ධනය කුමක්ද ??
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොයන්නා;22904103 said:
    මහින්ද හිටියනම් හොඳට හම්බ කරගෙන කයි

    හැබැයි රටට වැඩක් කරන ගමන්

    දැන් ඉන්න එව්වො රට කනවා විතරයි වැඩක් කරන්නේ නෑ

    චන්ද්‍රිකා ඉන්න කාලේ තිස්ස කතරගම ප්‍රධාන මාර්ගය තිබුණු තත්ත්වය සහ මහින්ද බලයට පත්වූ පසු කරපු මහා මාර්ග සංවර්ධනය මතක නම් ඒක විතරක් ඇති මහින්ද ආපහු බලයට පත් කරන්න

    හැබැයි බොරු ඕනි නෑ මහින්ද හොඳට වවාගෙන කෑවා

    රනිල් සහ චන්ද්‍රිකා ඉන්න කාලේ හෝ මැතිනිය ඉන්න කාලේ දකුණු පළාතට සිදුවූ සංවර්ධනය කුමක්ද ??

    අපේ පැත්තෙ පාර චන්ද්‍රිකාගෙ කාලෙ චුට්ටක් තාර දානව යනව. ආයෙ කාලෙකිං ඇවිල්ල තව ටිකක තාර දානකොට අර ටික කැඩිල :sorry: ආයෙ තව ටිකක තාර දානකොට අර දෙකම කැඩිල :sorry:
    මහින්ද රාජපක්ශගෙ කාලෙ දාපු කොන්ක්‍රීට් ටික තාම එහෙම්මම තියෙනව වතුර ගන්න හාරපු තැන් දෙක තුනක කැඩිල එච්චරයි :)
    මහින්දගෙ පාරවල් කොන්ක්‍රීට් කිරිල්ල නිසා රජයට පාරවල් හදන්න අවුරුදු ගානක් තිස්සෙ වියදං කරන්න ඕනෙ කෝටි ගානක් ඉතුරු වුනා :yes:
    ඒත් ආර්ථික ඔස්තාර්ල ලට ඕව තේරුනේ නෑ තේරුනා නං ඒ කාලෙ කරන්න එපැයි :no:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පසුගිය රාජපක්ෂ පාලනය ආරම්භ වූ 2005 වසරේදී මෙරට ඒක පුද්ගල ණය වූයේ රුපියල් 112,239 ක් ලෙස වන අතර දස වසරකින් පසු එම පාලනය අවසන් වෙද්දී එය රුපියල් 348,627ක් තෙක් ඉහල ගොස් තිබින.

    ඒ අනුව රාජපක්ෂ පාලනය පැවැති වසර දහයක කාලය සදහාම ඉහල ගිය ඒකපුද්ගල ණය ප‍්‍රමාණය රුපියල් 236,388කි.

    කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව විසින් සිය සිවුවසරක පාලන කාලය 2018 වසරේදී සම්පූර්ණ කරද්දී ඇස්තමේන්තු ගත ණයද ගතහොත් ඒකපුද්ගල ණය බර 676,599ක් වීමට ඉඩ තිබේ.
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    සොයන්නා;22904103 said:

    දැන් ඉන්න එව්වො රට කනවා විතරයි වැඩක් කරන්නේ නෑ

    චන්ද්‍රිකා ඉන්න කාලේ කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය තිබුණු තත්ත්වය සහ මහින්ද බලයට පත්වූ පසු කරපු මහා මාර්ග සංවර්ධනය නිසා තමයි අද මහින්දට බනින මිනිස්සු හෙලවෙන්නේ ගැස්සෙන්නේ නැතුව වාහනයක යන්නේ

    හැබැයි බොරු ඕනි නෑ මහින්ද හොඳට වවාගෙන කෑවා

    දැන් වවන ලබ්බකුත් නැනේ, ගොයම් හගක් වත් හිටෙව්වද :lol::lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    අපේ පැත්තෙ පාර චන්ද්‍රිකාගෙ කාලෙ චුට්ටක් තාර දානව යනව. ආයෙ කාලෙකිං ඇවිල්ල තව ටිකක තාර දානකොට අර ටික කැඩිල :sorry: ආයෙ තව ටිකක තාර දානකොට අර දෙකම කැඩිල :sorry:
    මහින්ද රාජපක්ශගෙ කාලෙ දාපු කොන්ක්‍රීට් ටික තාම එහෙම්මම තියෙනව වතුර ගන්න හාරපු තැන් දෙක තුනක කැඩිල එච්චරයි :)
    මහින්දගෙ පාරවල් කොන්ක්‍රීට් කිරිල්ල නිසා රජයට පාරවල් හදන්න අවුරුදු ගානක් තිස්සෙ වියදං කරන්න ඕනෙ කෝටි ගානක් ඉතුරු වුනා :yes:
    ඒත් ආර්ථික ඔස්තාර්ල ලට ඕව තේරුනේ නෑ තේරුනා නං ඒ කාලෙ කරන්න එපැයි :no:

    අන්න ඒකයි....

    මම ඉන්නේ කොළඹ කතරගම ප්‍රධාන පාරට මුහුණලා....

    පාරවල් ටික හදනකොට කොච්චර මිනිස්සු කෑගැහුවද වැඩක් නැතුව මුදල් නාස්ති කරන පාරවල් හදනවා කියලා

    හැබැයි යම්කිසි ප්‍රදේශයක් සංවර්ධනය කරනවා නම් ඒකට දියුණු ප්‍රවාහන පහසුකම් තියෙන්න ඕන කියලා ඒ කෑගහපු මිනිස්සුන්ට තේරුනේ නෑ හැබැයි අද එයාලම ලැජ්ජ නැතුව ඒ පාරෙම යනවා

    මහින්දගේ වැරදි තියෙනව නැත්තෙ නැහැ.... හැබැයි හොරා කාලා හරි රටට වැඩක් කළේ මහියා විතරයි
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Kandy Nuwaraeliya para haduwet mahinda tama. monava wunat chinnu eka niyamata haduwa. full quality. SB mechchara kal parliment lndala karaganna beriwuna.