මහින්ද_ප්‍රතිපල_අත්හිටුවයි
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අවාසිදායක වනු ඇති බවට කෙරෙන පුරෝකථන හේතුවෙන් බලයේ රැඳී සිටීමේ අවසාන උත්සාහයක් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දියත් කිරීමේ සැලැසුමක් ඇති බවට තොරතුරු ලැබී තිබේ. ජනාධිපතිවරණ දිනයේ දී ඡන්දය ප්‍රකාශ වීමේ තත්වය සැලකිල්ලට ගෙන ජාතිවාදී ගැටුමක් තුළින් ප්‍රතිඵල ප්‍රකාශ කිරීම වැළැක්වීමේ උත්සාහයක් රහසිගතව සැලැසුම් කර තිබේ.
එවැනි කලබලකාරී තත්වයක් උදා වුවහොත් ජනාධිපතිවරණ ප්‍රතිඵලය ප්‍රකාශ කිරීමට මෙන්ම ඡන්ද ගණන් කිරීමේ කටයුතු අඩාල කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගත හැකිවනු ඇතැයි සැලැසුම්කරුවෝ විශ්වාස කරති. එවැනි අවස්ථාවක හදිසි නීතිය පැනවීමෙන් මැතිවරණ කටයුතු අත්හිටුවිය හැකිය. එවිට ආණ්ඩුවට විවිධ හේතු දක්වමින් නැවත ජනාධිපතිවරණයක් කැඳවන අවස්ථාවක් වන තුරු ජනාධිපතිවරයාගේ බලය පවත්වාගෙන යාමට හැකියාව ලැබේ. ලෝකයේ විවිධ රටවල ඒකාධිපතියන් මැතිවරණවල දී ඇති වූ අවාසිදායක තත්වයන් හමුවේ ක්‍රියාත්මක කර ඇති මෙම උපක්‍රමය අවසාන වශයෙන් යොදා ගැනීමට රාජපක්ෂ පාලනය තීරණය කර ඇත.
මෙවැනි උත්සාහයක් දියත්වීමේ අනතුර පිළිබඳව ජනරළ මීට පෙර ද වාර්තා කළේය. මෙබඳු උත්සාහයක් පිළිබඳ පැමිණිල්ලක් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කිරීමට ද විපක්ෂ නියෝජිතයන් පිරිසක් කටයුතු කර තිබිණි.