මහියංගන සෑ රජුන් වදිමූ - මහියංගන දාගැබ්වහන්සේ 🙏☸️😇 ( Mahiyangana Dagabwahanse )

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මහියංගන සෑ රජුන් වදිමූ  - මහියංගන දාගැබ්වහන්සේ 🙏☸️😇 ( Mahiyangana Dagabwahanse ) - Your Choice Way
    අද අපි කතාකරන මේ දුරුතු පොහෝ දිනය හරිම සුවිශේෂි බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය හා බැදි සුවීශේෂී දිනයක්....

    එහි ප්‍රතම සනිටුහන මහියංගන වීම තවත් සුවිශේෂි.

    ඌව පළා‍තෙහි බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න, කෝරළයෙහි අලුත්නුවර නගර වසමට අයත්ව පිහිටි මහියංගන චෛත්‍යය රාජයාණන් වහන්සේ ශ්‍රී ලංකාවෙහි පළමුවරට තනවනලද ජීව සර්වඥ කේශධාතූන් නිදන්කරනු ලැබූ දාගැබ්වහන්සේයි...

    මහියංගනයෙහි පුරාණ සිංහල නාමය බිම්තැන්න නම් වේ.

    පාලියෙන් ලියනවිට බිම් යන්න මහී යයිද, තැන්න යන්න අංගනය නමින්ද මහියංගනය යන්න සෑදි තිබෙනවා..

    ශ්‍රී ලංකාවේ ආදි ම ස්ථූපය වශයෙන් වංශ කථාවල සඳහන් වන්නේ මහියංගන චෛත්‍යය යි.

    සුමන දෙවියන් විසින් කේශ ධාතු නිධන් කොට නිල්මිණියෙන් සත් රියන් කොට බඳවන ලද බව සඳහන් වෙනවා..

    ක්‍රි.පූ.267 දී පමණ දෙවනපෑතිස් රජුගේ සොහොයුරු උද්ධචූලාභය රජු දොළොස් රියන් දාගැබ වසා තිස්රියන් දාගැබක් සාදවා තිබෙනවා..

    ක්‍රි.පූ. 161 දී අනුරාධපුරයේ රජකම් කළ දුටුගැමුණු රජු අසූරියන් උස මහා චෛත්‍යයක් කරවීය...

    වසර විසි හතරක් (24) පමණ සිරිලක සරු සාරවත් කරමින් බුදු සසුන බැබළ වූ මෙම රජු සවවඥ ධාතූන් වහන්සේ 160 නමක් සහිත කරඬුවක් මෙම චෛත්‍යයේ තැන්පත් කරවා තිබෙනවා..

    වරින්වර රජ වූ ධාතුසේන, සිරිසඟබෝ, අග්බෝ, පරාක්‍රමබාහු ආදී රජවරු මෙම සෑය ප්‍රතිසංස්කරණය කොට අලංකාර කළ බව සදහන්.

    බුදුන් වහන්සේ ජීවමාන කාලයේම ලොව බිහි වූ මුල් ම චෛත්‍යය මහියංගන බව ඉතිහාසයේ දැක්වෙනවා....

    ඔබත් මෙහි ගොස් ඒ ආශිර්වාදය ලබාගන්න..

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here