මහීපාලගේ අතකොටා සමඟ 17ක් ගස්

monson

Well-known member
  • May 7, 2007
    25,612
    28,586
    113
    මහීපාලගේ අතකොටා සමඟ 17ක් ගස්

    කොහොමද අතකොටාගේ අප්පච්චි බලයේ හිටියනම් නඩු තීන්දුව. :lol::lol::lol:

    නූරියවත්ත මිනී මැරුම් නඩුවේ සැකකරුවන් 21 දෙනාගෙන් අතකොටා ඇතුළු 18 දෙනකුට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු එම්.ඩී.එස්.අබේරත්න මහත්මිය අද (25) මරණ දඬුවම නියම කළාය.

    4, 5 හා 20 යන විත්තිකරුවෝ නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

    දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා ඝාතනය කර ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකුට පහර දී තුවාල සිදු කළැයි දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත් අතකොටා ඇතුළු සැකකරුවෝ විසිඑක්දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි.

    අතකොටා හෙවත් අනිල් චම්පික විජේසිංහට අමතරව අමිල වසන්ත විජේසිරි, පී.කේ.වීරබාබු, පී.විජයකුමාර්, රාමන් ශෂිකුමාර්, පෙරුමාල් රවිකුමාර්, රාජේන්ද්‍රන් රවිකුමාර්, රාමන් ශිවකුමාර් නොහොත් බීඩි තුංගා, චිත්‍රවේල් නිශාන්ත කුමාර්, ක්‍රිෂ්ණවේල් රාජේන්ද්‍රන්, එච්.ඩී. දුෂාන් රංග විජේසිරි, එස්.පලනියන්ඩි, ආරුමුගම් අර්ජුන්, පී.ජී.ඉන්දික උදය විජේසිරි, අරුනාචලම්, මුනියන්ඩි, ඉඳුනිල් ලක්ෂිත සහ දිනේෂ් චතුරංග යන අයට මරණ දඬුවම හිමිවිය.

    සුබ්‍රමනියම් මහේන්ද්‍රන්, සරත් විජේසිරි සහ තරිඳු ධනංජය යන විත්තිකරුවෝ නිදොස්කොට නිදහස් කරනු ලැබූහ.

    එකම නඩුවකදී වැඩිම පිරිසකට මරණ දඬුවම හිමිවූ අවස්ථාව ලෙස මෙය සැලකිය හැකිය.


    0-02-06-d7dfdb91094aae85f6158dc19633c081c22add2b66461ac4f8920df1e0d16716_full.png


    NIHAL-PERERA.png

    ඝාතනයට ලක් වු නුරි වතු අධිකාරි නිහාල් පෙරේරා මහතා

    - http://www.lankadeepa.lk/index.php/top_story/483912

    නීතිය ඇණ ගසා යුක්‌තිය දමා වල
    පාතාලයන් කළ විපතක තරම බල!


    2013/07/14

    අනිල් චම්පික විෙ-සිංහ දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාය. ඔහු දැනට දේශපාලන බලයේවත් නැත. අමිල වසන්ත විෙ-සිරි ඔහුගේ අයියාගේ පුතාය. නීතිය අතට ගෙන පොලිසියත් "සැලැන්ඩර්" කරගෙන එළිපිට රාජ්‍ය දේපල කොල්ල කෑම ස`දහා "තනි ගේමක්‌ ගහන්නට" ප්‍රාදේශීය සභාවක හිටපු, තුට්‌ටු දෙකේ දේශපාලකයෙකුටත් ඔහුගේ බෑණා කෙනෙකුටත් හැකි යෑයි මේ රටේ සිටිනා මොළේ කළ`දක්‌ සහිත මනුස්‌සයෙක්‌ විශ්වාස කරන්නේ නැත. මේ එළි දකින්නේ මේ රටේ අනීතික ම්ලේච්ඡ කමේ යථාර්ථය ය. සිහිබුද්ධියෙන් යුතුව කියවා ගතයුතු රටේ ඉරණම මේ සිදුවීම් තුළ ගැබ් වී ඇත.

    දැරණියලග නුරිය වතු යායේ වතු අධිකාරී නල්ලපෙරුමගේ නිහාල් පෙරේරාව මරා දැමෙන්නේය.

    මෙම වතු අධිකාරීවරයාව පසුගිය සිකුරාදා (5) සිය වතු යාය තුළම ම්ලේච්ඡ ලෙස කපා කොටා දමා තිබුණේ දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහත් ඔහුගේ බෑනා කෙනෙක්‌ වන අමිල වසන්ත විජේසිරිත්, උන්ගේ මැර හමුදාවත් විසින් බව කියෑවිනි.

    පොලිස්‌ වාර්තා ප්‍රකාරව දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ අලජ්ජි මැරයෙකි. මිනී මැරුම් තුනක්‌ පිළිබ`ද චෝදනා එල්ල වුවෙකි. දැවැන්ත කොල්ලකෑම් දෙකක සැකකරුවෙකි. මීට අමතරව හිටපු ප්‍රාදේශීය ලේකම්වරයෙකුගේ ගෙල කපා මරා දැමීමට උත්සාහ කළ බව කියනා අපරාධකාරයෙකි. මේ වනවිට ප්‍රාදේශීය සභාවෙන් විසිවී සිටියත් පලාතේ දේශපාලන බලවතාගේ සුරතලෙකි. ඒ බලය සහිතව දැරණියගල පොලිසිය සිය බැල මෙහෙවරෙහි යෙදවූවෙකි. පොලිසියම පවසන පරිදි චම්පික විජේසිංහ නමැති හිටපු ප්‍රාදේශීය සභා සභාපතිගේ බෑනා වන අමිල වසන්ත විජේසිරි නමැත්තා ප්‍රදේශය තුළ භීෂණයක්‌ සහිත පාතාල පාලනයක්‌ රැගෙන යන්නේය. ඒ දේශපාලනයේ රැකවරණය හා බලයද සහිතවය.

    සිද්ධිය පෙළ ගැසෙන අන්දම

    දැරණියගල නුරිය වතු යාය අක්‌කර හයසීයකට අධිකය. එහි තේ කර්මාන්ත ශාලාවක්‌ ද තිබේ. රජයට අයත් ජාතික ආර්ථික සම්පතක්‌ ලෙස පැවති මෙම වතුයාය නිසි කළමනාකරණයකින් පවත්වාගැනීමට නොහැකි වීම නිසා එහි කළමනාකාරිත්වය ආයෝජන මණ්‌ඩලයේ ව්‍යාපෘතියක්‌ ලෙස වෝල්ටර්ස්‌ බේ නමැති වැවිලි සමාගමට පවරා තිබිණි. එනම් දැරණියගල නුරිය වතුයාය පැවතුනේ සම්භාවිත සමාගමක ආයෝජනයක්‌ සහිත ආයෝජන මණ්‌ඩල ව්‍යාපෘතියක්‌ ලෙසිනි.

    එහෙත් මේ රටේ නීතියේ රැකවරණය සහිතව ව්‍යාපාරයක්‌ පවත්වාගත හැකි අවම රාමුව තුළවත් නුරිය වතුයාය පවත්වාගැනීමට එහි ආයෝජකයන්ට දැරණියගල දේශපාලන මැරයන් ඉඩ දී තිබුණේ නැත. හිටපු ප්‍රාදේශීය සභා සභාපති චම්පිකත් ඔහුගේ බෑනා වන අමිලත් සහිත උන්ගේ මැර හමුදාව මේ වත්තේ වතු අධිකාරීවරයාව මරණ බියෙන් මුසපත් කරවා එහි දේපල එළිපිටම කොල්ල කා තිබිණි. වාර්තා වන පරිදි වත්තේ දැවැන්ත ගස්‌ මේ පිරිස විසින් බලහත්කාරයෙන් කපාගෙන යන්නේය. මාසයකට කීප වරක්‌ පැමිණ වතු අධිකාරීවරයාව බිය ගන්වා µeක්‌ටරියෙන් තේ කොළ තොග පිටින් රැගෙන යන්නේය. වතුයායේ ඉදිකිරීම් වේ නම් එම කොන්ත්‍රාත් ලබාදිය යුතු වූයේ මේ මැරයන්ටය. තේ µeක්‌ටරියට අවශ්‍ය දර සැපයීමේ කොන්ත්‍රාත්තුවද ලබාගෙන තිබුණේ ඔවුන්ය. දර යාර සියයක්‌ රැගෙන විත් බලහත්කාරයෙන් දර යාර එකසිය විසිපහක්‌ එකසිය තිහක්‌ ස`දහා මුදල් ලබා ගැනුණි. කොටින්ම වතු සේවකයන් පෙරෙට්‌ටුවේ සිටිනා විට වත්තට පැමිණ තමන්ට අවශ්‍ය සේවක ප්‍රමාණය බලහත්කාරයෙන් රැගෙන ගොස්‌ උන්ගේ බැලමෙහෙවර කරගන්නේය. එකෙකු කට හැර නොකීවාට දැරණියගල නුරිය වතුයාය පැවත තිබුණේ කොල්ලකාරයින් විසින් හසුරුවන සෝමාලියාවේ මොඩයලක්‌ ලෙසය.

    මේ පසුබිම තුළ වතුයාය පාඩු පිට පාඩු ලබන්නට විය. මේ පිළිබ`ද සොයා බලන්නට වෝල්ටර්ස්‌ බේ සමාගම කොළඹින් අධීක්‌ෂණ කණ්‌ඩායමක්‌ නුරිය වතුයායට එව්වේය. මෙම කණ්‌ඩායමටත් වතු යායට පැමිණෙන විට මග රැකසිටි මැරයෝ පහර දී තිබුණහ. නුරිය වතුයාය ආයෝජන මණ්‌ඩල ව්‍යාපෘතියක්‌ ලෙස පැවතුනේ එලෙසිනි. මේ තත්ත්වය පාලනය කරගෙන වතුයාය නිසි කළමනාකරණයකින් පවත්වා ගැනීම ස`දහා වෝල්ටර්ස්‌ බේ සමාගම නුරිය වතුයායේ හිටපු වතු අධිකාරීවරයාව ඉවත් කළේය. ඒ වෙනුවට නල්ලපෙරුමගේ නිහාල් පෙරේරා පත් කරනු ලැබීය.

    මනා පරිපාලන පෞරුෂයක්‌ සහිත අත්දැකීම් පිරිණු 71 හැවිරිදි මෙම වතු අධිකාරීවරයා නුරිය වතුයායට පැමිණෙන්නේ එලෙසිනි. ඔහු මුල සිටම මේ මැරයින්ගේ නින්දා සහිත කොල්ලයට එරෙහි වූයේය. පරිපාලනය සියතට ගත්තේය. බලහත්කාරයෙන් වත්තෙන් මිනිසුන් රැගෙන යැම, µeක්‌ටරියට පැමිණ බියගන්වා එළිපිටම කරනා තේ කොල්ලය, වත්තේ දේපල කොල්ල කෑම, දර සැපයුමේ අක්‍රමිකතා ඔහු විසින් නවත්වා තිබිණිs. එමෙන්ම උන් විසින් කොන්ත්‍රාත් ගෙන නිසි ප්‍රමිතියකට ඉදි නොකළ ඉදිකිරීම් ස`දහා සිදුකරන ගෙවීම් ඔහු නවතා දැම්මේය. මේ සමගම මැර කණ්‌ඩායම අවස්‌ථා දෙකකදී වතු අධිකාරීවරයාට බරපතල ලෙස පහර දුන්නේය. මරා දමන්නට දෙසතියකට පෙරත් හේ පහර කෑමකට ලක්‌වන්නේය. ඒ සමග වැවිලි සමාගම ඔහුට ආයුධ රහිත අංගාරක්‌ෂකයින් දෙදෙනෙක්‌ ලබා දෙන්නේය.

    පහර කෑමෙන් අනතුරුව ඔහුගේ කකුල කැඩී යන්නේය. මේ පිළිබ`දව හෙතෙම දැරණියගල පොලීසියට පැමිණිලි කරන්නේය. වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහට ලිඛිතව දන්වනු ලබන්නේය. ඉන් දෙසතියකට පසු අනිල් චම්පික මාමාත්, අමිල වසන්ත බෑණාත්, විසි තුන්දෙනෙකු සහිත උන්ගේ මැර හමුදාවත් මහ දහවලේ නුරිය වත්තට පැමිණ ආයුධ රහිත අංගාරක්‌ෂකයින්ව කපා දමා වතු යායේ තේ කර්මාන්ත ශාලාව අසලදී වතු අධිකාරී නල්ලපෙරුමගේ නිහාල් පෙරේරාව ම්ලේච්ඡ ලෙස කපා කොටා මරා දමන්නේය.

    පවතින තත්වය

    මේ වනවිට නුරිය වතු යාය පරිපාලනය කළ වෝල්ටර්ස්‌ බේ ඇමරිකානු සමාගම මේ අනීතික වටපිටාව තුළ වතුයාය තවදුරටත් තමුන්ට පරිපාලනය කළ නොහැකි බව වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහ වෙත ලි�තව දන්වා ඇති ආකාරය ශ්‍රී ලංකා වැවිලි කරුවන්ගේ සංගමයේ සභාපති නිසල ජයවර්ධන බී.බී.සී. ප්‍රවෘත්ති සේවයට පවසයි. ඔහුට අනුව මේ වනවිටත් මේ නින්දා සහගත අපරාධයේ සැබෑ ඝාතකයින් අත්අඩංගුවට ගැනීමට බලධාරීන්ට නොහැකි වී තිබේ. මේ ලිපිය ලියන සිකුරාදා (12) වනවිට ලංකාවේ සෑම තරාතිරමකම වැවිලිකරුවන් එක තැනකට එක්‌වී දැවැන්ත උද්ඝෝෂණයක්‌ කරයි. ඒ රටේ නීතිය ඉටු කරගැනීම ස`දහාය.

    අපට කියන්නට ඇති කතාව

    නුරිය වතුයායේ වතු අධිකාරී වරයා මරා දමා ඇත. ඒ අපරාධය වලක්‌වා ගැනීමට නොහැකි වූ බව කියන දැරණියගල පොලීසියේ ස්‌ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර තිබේ. රටට මේ සිදුවීම පෙනෙන්නේ මිනීමරුවන්, සල්ලාලයන්, සකල විධ පාදඩයන් සහිත ප්‍රාදේශීය දේශපාලනය කරලියේ එළිදුටු තවත් අපරාධයක්‌ ලෙසය. එහෙත් ඉදිරියේදී මේ රටේ ජාතික දේශපාලනයේ න්‍යාය පත්‍ර සැකසෙන පසුබිම මෙය විය හැකි බවට මේ වනවිට කොතෙකුත් ඉ`ගි ලැබී හමාරය. දැනට එය ප්‍රකට වන්නේ ප්‍රාදේශීය දේශපාලන අම්බරුවන්ගේ ගෝත්‍රික හැසිරීම් හරහාය. මෙය තේරුම් ගැනීම අපහසු නැත.

    අනිල් චම්පික විෙ-සිංහ දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාය. ඔහු දැනට දේශපාලන බලයේවත් නැත. අමිල වසන්ත විෙ-සිරි ඔහුගේ අයියාගේ පුතාය. නීතිය අතට ගෙන පොලිසියත් "සැලැන්ඩර්" කරගෙන එළිපිට රාජ්‍ය දේපල කොල්ල කෑම ස`දහා "තනි ගේමක්‌ ගහන්නට" ප්‍රාදේශීය සභාවක හිටපු, තුට්‌ටු දෙකේ දේශපාලකයෙකුටත් ඔහුගේ බෑණා කෙනෙකුටත් හැකි යෑයි මේ රටේ සිටිනා මොළේ කළ`දක්‌ සහිත මනුස්‌සයෙක්‌ විශ්වාස කරන්නේ නැත. මේ එළි දකින්නේ මේ රටේ අනීතික ම්ලේච්ඡ කමේ යථාර්ථය ය. සිහිබුද්ධියෙන් යුතුව කියවා ගතයුතු රටේ ඉරණම මේ සිදුවීම් තුළ ගැබ් වී ඇත.

    වෝල්ටර්ස්‌ බේ ඇමරිකානු වැවිලි සමාගම ලංකාවට පැමිණෙන්නේ ආයෝජන මණ්‌ඩලයේ අනුමැතිය හා එක`ගතාවය මතය. ඒ ඩොලර් මිලියන ගණනක්‌ ලංකාව තුළ ආයෝජනය කිරීම ස`දහාය. එම රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණ ව්‍යාපෘතියට එක්‌වන ආයෝජකයින්ව ප්‍රාදේශීය මට්‌ටමේදීත් ආණ්‌ඩුවේ දේශපාලන බලය සහිත මැරයන් විසින් කොල්ල කන්නේය. කප්පම් ගන්නේය. මේ නින්දා සහගත කොල්ලය ගැන පොලිසියත් දැනුවත් වන්නේය. රටේ වැවිලි කර්මාන්ත ඇමතිවරයාත් දැනුවත් වන්නේය. අනතුරුව නීතියේ රැකවරණයක්‌ නොමැති එම ව්‍යාපෘති කළමනාකරුවන් කපා කොටා මරා දැමෙන්නේය.

    දැන් තමුන්ට නීතිය ඉටු කරගැනීමට වැවිලිකරුවෝ පාරට බැස සිටිති. නීතියේ ආධිපත්‍ය ආරක්‌ෂා කරගැනීම ස`දහා නීතිඥයින් මහපාරට බැස උද්ඝෝෂණය කළ රටක, තමුන්ට නීතියේ සාධාරණය ඉටු නොවුන බව කියනා අගවිනිසුරුවරුන් සිටි රටක නීතිය ඉටු කරගැනීමට වැවිලි කරුවන් පාරට බැසීම ඇ`ගට දැනෙනා අරුමයක්‌ නොවේ.

    අපට දැනෙන්නේ අපි ලෝකය හමුවේ යළි යළිත් විලි ලඡ්ජා නැති ලෙස නිරුවත් වන බව පමණය.

    ජානක ලියනආරච්චි
    හේමන්ත රන්දුණු


    - http://www.divaina.com/2013/07/14/feature17.html

    Maheepala-Herath.jpg



    Noori under ‘reign of terror’ A deaf and blind Police force


    2013-08-01

    Each and every villager we randomly spoke to, told us that Athakota was acting under the patronage of Chief Minister Maheepala Herath, his son Kanaka Herath and current Deputy Minister H.R Mithrapala.

    - http://www.dailymirror.lk/33170/noori-under-reign-of-terror-a-deaf-and-blind-police-force

    Terror by ruling politician in Daraniyagala; UN concerns; Top police officer fled to save life

    01/08/2013

    - http://srilankabrief.org/2013/08/te...oncerns-top-police-offcier-feld-to-save-life/

    Maheepala ensured Noori terror continued- Mithrapala

    Deputy Minister H. R Mithrapala today accused the highest ‘Political authority in Sabaragamuwa’ for providing political patronage to former Deraniyagala PS Chairman Anil Champika alias ‘ Athakota’.

    - http://www.dailymirror.lk/news/34174-maheepala-ensured-noori-terror-continued-mithrapala.html

    Namal and Kanaka Herath (in the back seat)
    BuRe5-LCYAAPNT1.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,612
    28,586
    113
    web_gota_20162834.jpg


    Udeshika Sirikumara, another victim of Champika told Daily Mirror that she was forced to jump from her two-storey house while she was pregnant with her now three year old daughter.
    “We suffered at the hands of these murderers. One day about 40 of them came home and burnt down the shop and my house which was adjoining it. I had to jump from the second floor of the building, when I was seven months pregnant” she said.
    She also explained how repeated attempts to make a complaint at the Police station proved futile.
    “ OIC Tissa Gunathilake did not even take our complaints down, that was the extent to which he used Maheepala Herath’s political influence” she said tearfully. A section of her story was published on Tuesday July 30.
    The village comprises many victims of rape, gang rape, slavery and extortion among many other crimes, who are unwilling to speak out in fear of reprisal.

    The victims who are speaking out are either victims who have nothing more to lose, or the ones brave enough to face the consequences of such revelation.
    A female who could not speak from birth showed her left hand when inquired as to who the father of the child was. Villagers described how she was allegedly raped by ‘ Athakota’ previously. She has not married and continues to suffer as a result of the crime.
    Other villagers who were allegedly raped or gang raped fear social consequences and want to bury their past.
    “I used to hug my children when I heard screams, this happened very regularly. I could hear females scream; sometimes there were many men who sang songs when this was happening. They bring three wheelers and turn on loud music on other days. It was a party for them” a mother of two living below the alleged “rape centre” told us.

    The alleged rapes had taken place in the village dispensary right above her house. The perpetrators had used the dispensary to satisfy their canal needs, out of which some of the stories were detailed in these pages on Tuesday July 30.
    Each and every villager we randomly spoke to, told us that Athakota was acting under the patronage of Chief Minister Maheepala Herath, his son Kanaka Herath and current Deputy Minister H.R Mithrapala.

    “They came in Mithrapala’s black Pajero when they attacked our house the second time” Sirikumar told Daily Mirror.

    - http://www.dailymirror.lk/33170/noori-under-reign-of-terror-a-deaf-and-blind-police-force
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,612
    28,586
    113
    දාහතක් එක්ක එල්ලෙන්න යන “අත කොටා“ගේ ජඩ වැඩ අවුරුදු 6ට පෙර බැලුම්ගල හෙළිකළ හැටි…

    දැරණියගල නූරි වතුයායේ වතු අධිකාරිවරයා මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් වූ දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ ඇතුළු 18 දෙනෙකු එල්ලා මැරීමට අවිස්සාවේල්ල මහාධිකරණය අද නියෝග කළා. මෙම ඝාතනය සිදුකොට තිබුණේ 2013 ජුලි 06දා හෝ ආසන්න දිනකදීය.

    “අත කොටා“ යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන මෙම ප්‍රාදේශීය දේශපාලඥයා සහ ඔහුගේ සහචරයින්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ප්‍රදේශවාසීන් ජීවත්වූයේ දැඩි භීතියෙනි. අනිල් චම්පිකගේ ඉහට උඩින් දැරණියගල කාක්කෙක්වත් නොපියාඹන සමයක, ඔහුගේ මත්පැන් ජාවාරම, බූරුවා ගැස්සවීම, හොර දැව ජාවාරම, බලහත්කාරයෙන් ඉඩම් අල්වා ගැනීම, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ ඇතුළු නොපනත්කම් සම්බන්ධයෙන් පළමුවරට අනාවරණය කරනු ලැබූවේ 2010-11-15දා නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහනිනි.

    මේ එම බැලුම්ගල වැඩසටහන පහතින් අසන්න…


    https://soundcloud.com/nethfmradio/balumgala-20101115-01
     
    • Like
    Reactions: Dath

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට මතක විදිහට ඕකුන්ව අත් අඩංගුවට ගන්නෙ නැතුව ඉන්නකොට ඇමෙරිකානු සාමාගම ඇමෙරිකන් එම්බසි එක හරහා රජයට බලපෑම් කරා. ඊට පස්සෙ තමා ඔය සෙට් එක ඇරෙස්ට් කරේ නැත්නම් තාම එලියෙ. කලින් කරපු ඒවා අහිංසක දුප්පත් මිනිස්සුන්ට හින්ද පොලිසියෙන්වත් රජයෙන්වත් ගණන් ගත්තෙ නෑ. :nerd:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,840
    1
    58,107
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට මතක විදිහට ඕකුන්ව අත් අඩංගුවට ගන්නෙ නැතුව ඉන්නකොට ඇමෙරිකානු සාමාගම ඇමෙරිකන් එම්බසි එක හරහා රජයට බලපෑම් කරා. ඊට පස්සෙ තමා ඔය සෙට් එක ඇරෙස්ට් කරේ නැත්නම් තාම එලියෙ. කලින් කරපු ඒවා අහිංසක දුප්පත් මිනිස්සුන්ට හින්ද පොලිසියෙන්වත් රජයෙන්වත් ගණන් ගත්තෙ නෑ. :nerd:

    හරි නම් කලින් කරපු වැරදි වලටත් නඩු ගොනු කරල එක්ක දඬුවම් දෙන්න තිබුන. දැන් වෙන්නෙ මුන් ඉහල උසාවි වලට ඇපීල් කරල පස්සෙ කාලෙක නිදහස් වෙන්න පුලුවන්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,612
    28,586
    113
    නූරිය නඩු තීන්දුවේ සතුටට දැරණියගල
    හා අවට රතිඤ්ඤ දල්වති


    දෙහිඕවිට - ඩබ්. ඇම්. තිලකරත්න

    දැරණියගල - නූරිය, බස්‌නාගල ප්‍රදේශයේ වැඩිම පිරිසකට එකවර මරණ දඬුවම ලබාදීම පිළිබඳව සතුටට පත්වූ දැරණියගල හා අවට ප්‍රදේශවාසීහු රතිඤ්Æ පත්තු කර ප්‍රිතිය සැමරූහ.

    පසුගිය 24 දා සවස විද්යුත් මාධ්‍ය හරහා ප්‍රවෘත්තිය දැනගත් නූරිය, බස්‌නාගල, දැරණියගල, දෙහිඕවිට හා පනාවල් කෝරළයේ තරුණ වැඩිහිටි පිරිස්‌ මෙසේ රතිඤ්ඤ පත්තු කළහ.

    ඔවුන් වැඩිදෙනා පැවසුවේ දැරණියගල බොහෝ කාලයක සිට පැවැති දූෂණ, මංකොල්ලකෑම් පරිසර විනාශ සම්බන්ධයෙන් මූලිකත්වය ගත්තේ දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හිටපු සභාපති අනිල් චම්පික විඡේසිංහ (අතකොටා) නොහොත් චූටියා බවයි.

    පසුගිය මැතිවරණ සමයේ එ.ජා.ප. රැස්‌වීමක්‌ පැවැති අවස්‌ථාවකදී වතුයායේ වටිනා ගස්‌ කපා පාර අවහිර කිරීම, වැලි බලපත්‍ර නොදීමක්‌ පිළිබඳ කෝපයට පත්ව දැරණියගල හිටපු ප්‍රාදේශීය ලේකම් වත්මන් කෑගල්ල අතිරේක දිස්‌ත්‍රික්‌ ලේකම් ආර්. කේ. සමන් අනුර මහතා රාජකාරි කරමින් සිටියදී පුද්ගලයකු ලවා ජනේලයක්‌ තුළින් මල්කපන පිහියකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීම පිටුපස අතකොටා සිටි බවටද ඔවුහු පවසති. එදා ඊට නීතිය හරිහැටි ඉටුනොවූ බවත් ජනතාව කියති.


    - http://www.divaina.com/2016/11/28/provin01.html