දරපලයි.........
බන්ධනාගාර ගත කරන ඕනෑම වරදකරුවෙකු නියමිත සිර මැදිරියට ඇතුළු කිරීමට පෙර නිරුවත් කර සෝදිසි කිරීමකට ලක් කරයි.
ඒ සමගම ඔවුනට නියමිත අංකයක් සහිත ජම්පරයක් ලබා දී ඇද සිටි ඇදුම් ඇතුළු අනෙක් සියළු දේ පවුලේ අයට බාර දීම හෝ බන්ධනාගාරය බාරයේ තබා ගැනීම සිදු කරයි.
ඒ අනුව එම කටයුතු අද දිනයේ බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කරන ලද මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්රනාන්දු යන හිටපු ඇමතිවරුන් සම්බන්ධයෙන්ද ඒ ආකාරයෙන්ම බලපායි.
අධිකරණය විසින් මොවුන් දෙදෙනා පිලිවෙලින් වසර 20ක් හා 25ක් ලෙස බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කරන ලදී.
මහාධිකරණය විසින් ඊයේ දිනයේ බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරන ලද හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්රනාන්දු යන අය සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබේ.
ඔවුනට සිරකරුවන් සඳහා ලබා දෙන පැදුරක් සහ කොට්ටයක් හැරුනු කොට වෙනත් කිසිදු පහසු කමක් හිමිව නැත.
ඔවුන් බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව වැඩ පැවරීම අද දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.
අතුගෑමේ සිට දර පැලීම දක්වා කාර්යයන් දක්වා රාජකාරී පැවරීම ඔවුනට හිමි වූ දඬුවම අනුව හැකියාව ඇත.
