මහේන්ද්‍ර සිං දෝනිට පද්ම භූෂණ සම්මානය

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මහේන්ද්‍ර සිං දෝනිට පද්ම භූෂණ සම්මානය

    මහේන්ද්‍ර සිං දෝනිට පද්ම භූෂණ සම්මානය

    image_90c7681890.jpg

    ඉන්දියානු කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියාවේ තෙවැනියට උසස්ම සම්මානය වන පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලබා තිබේ. ලුතිනන් කර්නල්වරයකු ලෙස ගරු පදවියක් හිමි දෝනි, සම්මාන උත්සවයට පැමිණ සිටියේ සිය හමුදා නිල ඇඳුමින් සැරසීගෙනය. ජනාධිපති රාම් නාද් කෝවින්ද් අතින් රාෂ්ට්‍රපති භවනේදී පසුගිය සඳුදා ඔහු එම සම්මානය ලබා ගත්තේය.

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම නායකයා වශයෙන් පිළිගැණෙන දෝනි අයිසීසී ලෝක කුසලානය, 20 විස්ස ලෝක කුසලානය සහ චැම්පියන්ස් කුසලානය වැනි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සියලු ශූරතා දිනා ගන්නා ලද එකම නායකයා වේ. එමෙන්ම ටෙස්ට් තරගාවලි රැසක්ම ජය ගත් නායකයා වන්නේද ඔහුය.

    දෝනි ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට පත් වූයේ 2007දීය. 20 විස්ස තරග හඳුන්වා දීමට පෙර ඔහු ටෙස්ට් කණ්ඩාමේ සහ එක් දින කණ්ඩායමේ නායකත්වය දැරීය. දෝනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේ 2014දීය. 2017දී එක්දින නායකත්වයෙන්ද සමුගත්තේය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වසරේ හොඳම එක්දින ක්‍රීඩකයා ලෙස දෙවරක් සම්මානයට පාත්‍ර වූ එකම ක්‍රීඩකයා දෝනිය. දෝනි 2007දී රජිව් ගාන්ධි කෙහල් රත්න සම්මානයෙන් හා 2009දී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

    image_0682df6ba4.jpg

    ජනාධිපති රාම් නාද් කෝවින්ද් අතින් දෝනි සම්මානය ලබාගත් අවස්ථාව

    2011දී ඉන්දීය හමුදාපති ජනරාල් වී. කේ. සිං දෝනි වෙත ප්‍රාදේශික හමුදාවේ ලුතිනන් කර්නල්වරයකු ලෙස ගරු පත්වීමක් ලබා දුණි. පද්ම භූෂණ සම්මානය පිළිගැනීම සඳහා දෝනි තම හමුදා නිල ඇඳුමින් සැරසී සිටියේ එහෙයිනි.

    පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලද 11 වැනි ක්‍රීඩකයා දෝනිය. 1956දි සී. කේ. නායිදු ද, 1958දී එම්. කේ විසිඅනාගරම්ද, 1973දී විනෝ මන්කඩ්ද, 1980දි සුනිල් ගාවස්කාර්ද, 1983දී බාලින්දර් සිංද, 1991දී මහාචාර්ය ඩී. බී දියෝදර්, ලාලා අමරනාත් සහ කපිල් දේව්ද, 2002දී චන්දු බෝරදේද, 2013දී රාහුල් ඩ්‍රාවිඩ්ද මෙම සම්මානයෙන් පිදුම් ලැබූහ.

    දෝනි සමග ඉන්දියානු බිලියඞ් ලෝක ශූර පන්කජ් අද්වානිද පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය



    ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    iyeth patta inning ekak play kara pora :yes:

    You must spread some Reputation around before giving it to araki again.