මහ ජන්ද මංකොල්ලය

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මහ ජන්ද මංකොල්ලය

    ජන්දයට ඇත්තේ තව දින 4යි, රාජය මාධය අමු අමුවේ එදා ඉදන් අපෙ අයිතිය මංකොල්ල කනවා, පෞද්ගිලික නාලිකාත් එහෙමමයි.

    ගිය වර මහින්ද රාජපක්ශලාත් එක එක නටය පෙන්නුවා, Duplicate සිරිසෙන කෙනෙකුත් ගෙනාවා. මේ පාරා අපි යම් හොදක් දකිනවා ගොථාභය මහතාගේ ඔහු චරිත විවෙචන කරන්න උත්සහයක් නැහැ. වටේ ඉන්න පිරිස දැන් එලෙව්වොත් ඔවුන් යනවා එහා පැත්ත කදවුරට මේ වෙලාව උන්ට හොදම වෙලාව ඉල්ලිම් දිනා ගන්න. ඒ අස්සේ ඇමරිකන් කාරයාත් සෙල්ලම් දානවා MCC ගිවිසුම අත්සත් කරගන්න එකේ ආවසිය සජිත්ට හිමි වෙවි.

    හැම තිස්සෙම මම කියන කාරණය තමයි අප ජන්දය දිය යුත්තේ අවසාන මොහොතේ වෙන සිදුවිම් නාටක දැකලා නෙමෙයි පසුගිය පාලන සමයන් සසදලා වඩා හොද මොකක්ද කියලා විමසා බලා.

    මැතිවරණ කොමසාරිස් තුමා ඔහුට තිබෙන බලතල තුල ඉදගෙන යම් මහන්සියක් ගන්න උත්සහ කරන බවක් පෙනෙනවා.

    ඔහු මතුකරන කරුණ තමයි සම භුමියක් තිබිය යුතුයි සියලුම දෙනාට. ජන්ද වලට ප්‍රදාන පාර්ශවවලට විශාල වශයෙන් කලු සල්ලි පොම්ප කෙරෙනවා ඉතින් පොඩි මිනිහෙක් නම් අදායම් දෙපාර්තමෙන්තු පස්සෙන් එනවා Income Tax ඉල්ල ගෙන නමුත් මේ තරම් මුදලක් ඔවුනට ලැබෙන්නේ කෙසෙද? ඇයි එහෙම වියදම් කරන්නේ කියන එක අපි ප්‍රශන කර යුතු වෙනවා. හොදම පිලිතුරු තමයි පාක්ශිකයන්ගෙ ආධාර කියන එක නමුත් මම නම් හිතන්නේ ඔවුන් ආධාර දෙන්නේ කිසියම් දෙයක් බලාපොරොත්තුව ඉතින් එය අල්ලස්කට සමනයි නමුත් ඔප්පු කිරිමේ ගැටලුවක් තියෙනවා. ඉතින් අපි කොහොමද සම භුමියක් ඇතිකරගන්නේ . මශෙශ්, නාගානන්ද වගේ යට ගියෙත්ප්‍රදාන පක්ශවල මහ බල පරක්‍රමය නිසයි.


    මම හිතන්නේ කිසියම් උපරිම මුදලක් සිමා කර යුතුයි එක් පක්ශයට, නිකන්ම ඔවුන්ගේ වියදම් පෙන්වන්න කියන එක ප්‍රමාණවත් නැහැ කියලයි මට හිතෙන්නේ.

    ප්‍රචාරන රැලිවලටත් යම් සිමාවක් පැනවියයුතුයි, මන්ද විශාල පිරිසක් රුපවාහිනී නරඔන නිසා. Digital Marketing වලට යන්න ඔනැ විශාල පරිසර හනි, මුදල් නාස්තිය අවම කරගන්න.

    කිසිම පදනම් විරහිත මඩ ප්‍රචාරණයකින් තොරව කටයුතු කරන අපෙක්ශකයාට අපි තැනක් දෙනවා නම් ඔවුන් නිකන්ම ඔය ගොං පාට් අඩු කරගන්නවා
    .
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජන්දයට ඇත්තේ තව දින 4යි,.


    අද 11 වන සඳුදා, ඡන්දය තියෙන්නෙ 16 වන සෙනසුරාදා එතකොට තව දින 5යි.
    තව දින හතරකින් මධ්‍යස්ථානෙට ටන්න එපා...