මහ රැජිනගේ පොඩි පුතා

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මහ රැජිනගේ පොඩි පුතා

    මහ රැජිනගේ පොඩි පුතා

    image_2ca28b6566.jpg

    පෙබරවාරි 4 වැනිදා, ශ්‍රී ලංකාවේ අපි අභිමානයෙන් 70 වැනි නිදහස සමරන්නෙමු. නිදහස් දින සැමරුමේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින නියෝජනය කරමින්, රජ පවුලේ සාමාජිකයෙක් මෙරටට පැමිණ සිටී. ඔහු එඞ්වඞ් කුමරු හෙවත් වෙසෙක්ස් හි අර්ල්වරයාය.
    ඒ, කවුරුද? යන්න බොහෝ දෙනාගේ සිතට නැගෙන පැනයකි. බ්‍රිතාන්‍ය රජ පවුල ගැන කියද්දී අප කාගේත් සිහියට නැගෙන්නේ චාල්ස් කුමරු, විලියම් කුමරු සහ හැරී කුමරුය. චාල්ස් කුමරු කාගේත් පැසැසුමටත් විටෙක ගැරහුමටත් ලක් වුණේ ඩයනා කුමරිය නිසාය. චාල්ස් කුමරු ශ්‍රී ලංකාවේ අපට ආගන්තුක නැත. ඔහුගේත් ඩයනා කුමරියගේත් පුතුන් දෙදෙනා විලියම් සහ හැරී ද අතිශය ජනප්‍රිය ලොව කාගේත් ආදරයට පාත්‍ර වුණු රාජකීය දෙපළකි. එසේ නම්, කවුරුද මේ එඞ්වඞ් කුමරු? තේරුම් ගැනීමට පහසුවන අයුරින් විලියම් සහ හැරී කුමරු සම්බන්ධ කරමින් හැඳින්වීමක් කළොත්, එඞ්වඞ් කුමරු යනු ඔවුන් දෙදෙනාගේ බාප්පාය. චාල්ස් කුමරුන්ගේ බාල සොහොයුරාය.
    ලොව රජ පවුල් කිහිපයකි. ඒ අතරින් බි්‍රතාන්‍ය රජ පවුල හාත්පසින්ම වෙනස්ය. ලොව වඩාත් ජනප්‍රිය, වඩාත් ආදරයට පාත්‍ර වී සිටින්නේ බ්‍රිතාන්‍ය ජ පවුලය. පෙර සඳහන් කළාක් මෙන්, ඒ අතරින් ද කැපී පෙනෙන්නේ සාමාජිකයන් කිහිප දෙනෙකි. ඔවුන් අනෙක් සාමාජිකයන්ට වඩා ලොකු කුඩා කා අතරේත් ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ සුපිරි තරු ලෙසිනි.
    දෙවැනි එලිසබත් මහ රැජින, මීළඟට ඔටුන්න හිමි චාල්ස් කුමරු, චාල්ස් කුමරුගේ පුතු විලියම් කුමරු, විලියම් කුමරුගේ බිරිය කේට් මිඞ්ල්ටන් කුමරිය, ඔවුන්ගේ දරු දෙදෙනා ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය (තවත් දරු ප්‍රසූතියකට කේට් කුමරිය සැරැසෙයි), චාල්ස් කුමරුගේ බාල පුතු හැරී කුමරු ගැන නොදන්නා කෙනෙක් නැත. හැරී කුමරු ගැන කාගේත් අවධානය මේ වනවිට වැඩියෙන් යොමු වී ඇත. ඒ, පසුගිය වසර අවසානයේ ඔහු ඇමෙරිකන් ටෙලි නිළියක වන මේගන් මාකෙල් සමඟ විවාහ ගිවිස ගැනීමත් සමඟය. දෙදෙනාගේ මංගල උත්සවය මේ වසරේ පැවැත්වීමට නියමිතය.
    image_75554ba6ad.jpg

    91 හැවිරිදි එලිසබත් මහ රැජිනගේ සැමියා එසේත් නැතිනම් වල්ලභයා එඩින්බරෝ ආදිපාදවරයා ද වන පිලිප් මවුන්ට්බැටන් කුමරුය. 96 හැවිරිදි පිලිප් කුමරු මේ වනවිට සිය නිල රාජකාරිවලට සමු දී සිටී. ඒ, ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසාය. එලිසබත් මහ රැජිනට සහ පිලිප් කුමරුට දරුවන් සිවු දෙනෙකි. අප කවුරුත් දන්නා හඳුනන චාල්ස් කුමරුන්ට අමතරව, තවත් දරුවන් තිදෙනෙකි. ඒ, ඈන් කුමරිය, ඇන්ඩෘ කුමරු සහ එඞ්වඞ් කුමරුය.
    සිය මවුතුමිය දෙවැනි එලිසබත් මහ රැජින නියෝජනය කරමින් වෙසෙක්ස් හි අර්ල්වරයා ද වන එඞ්වඞ් කුමරු සහ බිරිය සොෆී රයිස් ජෝන්ස් කුමරිය හෙවත් වෙසෙක්ස් ආදිපාදවරිය පසුගිය 31 වැනිදා අප රටට පැමිණියහ. ඒ, ලබන 4 වැනිදා පැවැත්වෙන නිදහස් දින සැමරුමේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙසය. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ නිදහස් දින සැමැරුම් උලෙළ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගීවන එඞ්වඞ් කුමරු සහ කුමරිය මෙරට සංචාර කිහිපයකත් සුබසාධන කටයුතු කිහිපයකත් නියැලෙනු ඇති බවය.
    එඞ්වඞ් කුමරු දෙවැනි එලිසබත් මහ රැජිනගේ බාල පුත්‍රයාය. ඔහු උපත ලැබුවේ 1964 වසරේ මාර්තු 10 වැනිදාය. උපත ලබද්දී, රජ කිරුළට හිමිකම් කී තෙවැනි උරුමකරු වූයේ එඞ්වඞ් කුමරුය. ඒ, චාල්ස් කුමරුට සහ ඇන්ඩෲ කුමරුට පසුපසිනි. කිරුළ හිමිවන පිළිවෙළ අනුව, වැඩිමල් සොහොයුරිය ඈන් කුමරිය සිටියේ එඞ්වඞ් කුමරුට පිටුපසිනි. කෙසේ නමුත් අද වනවිට ඔහු සිටින්නේ නව වැනි ස්ථානයේය. කේට් කුමරිය තෙවැනි වරට දරු ප්‍රසූතියකට සැරැසෙන්නීය. එම ‘රජ පැටියා’ උපත ලැබූ විට එඞ්වඞ් කුමරු රජ කිරුළට හිමි වීමට නියමිත ලැයිස්තුවේ 9 වැනි ස්ථානයෙන් 10 වැනි ස්ථානයට යනු ඇත.
    බ්‍රිතාන්‍ය රජ කුමරුන්ට අර්ල්වරයකු ලෙස හෝ ආදිපාදවරයකු ලෙස හෝ ගෞරව පෙළපත් නාමයක් හිමිවෙයි. ඒ, ඔවුන්ගේ මංගල දිනයේදීය. එඞ්වඞ් කුමරුට මංගල දිනයේ දී ‘වෙසෙක්ස් අර්ල්වරයා’ ලෙස ගෞරව නාමය හිමිවිය. පියා පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ දාට, එඞ්වඞ් කුමරු පියාගේ ගෞරව නාමය වන ‘එඩින්බරෝ ආදිපාදවරයා’ යන නාමයෙන් පෙනී සිටිනු ඇතැයි බකින්හැම් රජ මාලිගය නිවේදනය කර තිබේ.
    image_167f6c8e49.jpg

    එලිසබත් රැජිනගේ දරුවන්ගෙන් දික්කසාද නොවුණු එකම දරුවා එඞ්වඞ් කුමරුය. චාල්ස් කුමරු, ඇන්ඩෲ කුමරු පමණක් නොව ඈන් කුමරියගේ ද පළමු විවාහය දික්කසාදයෙන් කෙළවර විය. එඞ්වඞ් කුමරු සහ සොෆී රයිස් ජෝන්ස් විවාහ වූයේ 1999 වසරේදීය. රාජකීය මංගල උත්සවය බොහොම චාමෙට වින්ඞ්ස්ඩෝ මාලිගාවේ ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේදී පැවැත්විණි. අද වනවිට දෙදෙනාට දරුවෝ දෙදෙනක් වෙති. ලුවී වින්ඞ්ස්ඩෝ සහ ජේම්ස් විස්කවුන්ට් සෙවර්න් යනු දරු දෙදෙනාය.
    එඞ්වඞ් කුමරු බ්‍රිතාන්‍ය රාජකීය හමුදා සේවයේ මෙරීන් සෙබළකු ලෙස සේවය කළ අයෙකි. කලක් ඔහු රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස ද කටයුතු කළේය. කෙසේ නමුත් දැන් ඔහු මවු රැජින සහ පියාණන් නියෝජනය කරමින් රාජකීය කටයුතුවලට මුළුමනින්ම සම්බන්ධ වී සිටී. ඒ, පියාණන් වන පිලිප් කුමරු අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා නිල රාජකාරිවලින් ඉවත් වී සිටින නිසාය.
    දෙවැනි එලිසබත් මහ රැජිනගේත් පිලිප් කුමරුන්ගේත් ප්‍රියතමයන් දෙදෙනා ලෙස සැලකෙන්නේ ද එඞ්වඞ් සහ සොෆී රයිස් ජෝන්ස් යැයි ද පැවැසෙයි. විලියම් කුමරුන්ගේ බිරිය කේට් කුමරියටත්, චාල්ස් කුමරුගේ දෙවැනි බිරිය කැමිලා පාකර් ආදිපාදවරියටත් වඩා මහ රැජින විශ්වාසය තබා ඇත්තේ සොෆී රයිස් ජෝන්ස් කුමරිය කෙරෙහි යැයි ද පැවැසෙයි. ‘ඇය මහ රැජිනට ඇගේම දියණියක වගෙයි. ඔවුන් දෙදෙනා බොහොම සමීපයි’ යනුවෙන් බකිංහැම් මාලිගය වරක් නිවේදනය කර තිබුණි.
    දෙවැනි එලිසබත් මහ රැජින එඞ්වඞ් කුමරු ගැන වරක් මෙසේ පවසා තිබේ. ‘එඞ්වඞ් වෙනස්. ඔහු බ්‍රිතාන්‍ය රජ කිරුළ වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවා. අවධානය ගන්න වැඩ කරන්නේ නැහැ. පත්තරවල සිරස්තල පළ කර ගන්න ඔහුට ඕනෑ නැහැ. කිසිදාක කිසිම දෙයෙක් ගැන මැසිවිලි නගලා නැහැ. නිහතමානී දරුවෙක්.
    බ්‍රිතාන්‍ය පුවත් ඇසුරිනි
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දැන් යන වයිකින් කතාවත් යන්නේ ඔය ගැන තමයි :D
    වෙසෙක්ස් වයිකින්ලගෙන් බේරගන්නේ ඇල්ෆ්‍රඩ් රජු විසින් :P
    ඒ ආපු තැන ඉදලා දෙවන එලිසබත් වෙනකම් ඇවිල්ලා :cool:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් යන වයිකින් කතාවත් යන්නේ ඔය ගැන තමයි :D
    වෙසෙක්ස් වයිකින්ලගෙන් බේරගන්නේ ඇල්ෆ්‍රඩ් රජු විසින් :P
    ඒ ආපු තැන ඉදලා දෙවන එලිසබත් වෙනකම් ඇවිල්ලා :cool:
    :yes::yes::yes:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    එතකොට අපි හැමෝම දන්න
    ‘‘අර්ල්ස් හි ආදිපාදවරයා,
    නොටිංහැම්වල ෂෙරීෆ්,
    ෂර්වුඩයේ රොබින්’’

    මෙයාලගේ කවුරුවත් නෙවෙයි ද?
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එතකොට අපි හැමෝම දන්න
    ‘‘අර්ල්ස් හි ආදිපාදවරයා,
    නොටිංහැම්වල ෂෙරීෆ්,
    ෂර්වුඩයේ රොබින්’’

    මෙයාලගේ කවුරුවත් නෙවෙයි ද?
    :rofl::rofl::rofl::rofl::rofl:

    වංශවත් පවුල් ගොඩාරියක් තියනවා මචන්, උන් අක්කර ගානට ලොකු වතු අයිතිකාරයෝ. උන් එවල මිනිස්සුන්ට අදේට වැඩ කරවාගෙන ඉන්නවා. මේ කියන්නේ ලන්ඩන් බේස් ඉංග්ලන්ඩ් හැදෙන්න ගොඩක් කාලෙකට කලින්. එහෙම සිටුවරුන්ගෙන් කෙනෙක් තමා රොබින්. අර්ල් වගේ නම් ගෞරව නාම, මේවා දෙන්නේ රජ්ජුරුවෝ රජ පවුලට. නයිට් නාම දෙන්නේ රජ පවුලෙන් එළියේ උන්ට. සර් පට්ටම දෙන්නේ විශේස උන්ට. අපේ කොතලාවල ලොක්කා වගේ. ඉතින් රොබින්ගේ න කමක් මම දන්නා හැටියට නැ රජ පවුලට. ෂෙරිෆ් කියන්නේ බදු එකතු කරන නිලදාරියා රජා වෙනුවෙන්. එක එක ඔෆිස් රෑන්ක් එකක් විතරයි.
     
    Last edited: