මහ වැසි

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    මහජනයා සඳහා කාලගුණ අනාවැකිය

    2019 ජුලි මස 18 දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි.

    දිවයිනේ අහස වලාකුලින් බරව පවතින අතර, දිවයිනේ නිරිත දිග කොටසේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවලත් දැනට පවතින වැසි සහ සුලං තත්ත්වය ජූලි මස 20 වන දා දක්වා තවදුරටත් බලාපොරොත්තුවේ.

    බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60)පමණ දක්වා තද සුළං ද සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ දක්වා තරමක තද සුළං ද ඇති විය හැක.

    සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 150 ක පමණ ඉතා තද වර්ෂාපතනයන්ද, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    http://www.meteo.gov.lk/images/landArea/WWL19071803S-new.pdf
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    වෙලාවට උඹ දැම්මෙ මං හෙට අනිද්ද ගමනක් දාලයි හිටියෙ ..ඒක පොඩ්ඩක් කැන්සල් කරන්න වෙනවා
     
    • Like
    Reactions: samsri